Pages

Saturday, February 2, 2013

සීගිරිය නිර්මාණය තාරකා පිහිටීම අනුව

- මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ

ලෝක උරුම සීගිරිය නිර්මාණය කර ඇත්තේ තාරකා පිහිටීම අනුව බවත් එය ඊජිප්තුවේ පිරමීඩ තාක්‍ෂණය ආකාරයටම ඉදි කරන ලද්දක්‌ බවත් බර්කිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි. එය ඉතා ආකර්ශනීය බවද මහාචාර්යවරයා කියයි.

අරලගන්විල ප්‍රදේශයට පතිත වූ උල්කාපාත කොටස පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පැමිණි මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥ කණ්‌ඩායම 31 දා පස්‌වරුවේ සීගිරිය පර්වතය මුදුනේ පිහිටි කුට්‌ටම් පොකුණේ ජල නියෑදි පරීක්‍ෂණ කටයුතු සඳහා ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේ දී මහාචාර්යවරයා මේ බව පැවසීය.

තමන් මීට පෙර අවස්‌ථා කීපයකදීම සීගිරියට පැමිණ ඇති බවත් ඊජිප්තුවේ පිරමීඩවල මෙන්ම ශ්‍රී ලංකාවේ සීගිරියද තාරකා විද්‍යාව පිළිබඳ දැනුම භාවිත කරමින් නිර්මාණය කර ඇති බවත් එහි උත්තරධ්‍රැවයේ හා දක්‍ෂිණධ්‍රැවයේ පිහිටීම් අනුගමනය කරමින් නිර්මාණය කර ඇත්තේ තාරකාවත් දෙස බැලීමකින් බව ඔප්පු වන බවත්, ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී රතු සහ කහ පැහැති වර්ෂාව පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා ජල නියෑදී ලබා ගන්නා ලදී.

මෙම සමීක්‍ෂණ චාරිකාවට නාසා ආයතනයේ හිටපු කීර්තිමත් විද්‍යාඥයකු හා ආරාධිත දේශකයකු වන මහාචාර්ය රිචඩ් බී හුවර්, ආචාර්ය නූරී, කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරයේ අධ්‍යක්‍ෂ සුනිල් සමරනායක මහතාගේ මඟ පෙන්වීම මත එහි තාක්‍ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න තාරකා විද්‍යා ගවේෂකයෙකු වන නදීක උදයකාන්ත යන විද්වත්හු එක්‌ව සිටියහ.

සීගිරිය-සරත් එරමිණිගම්මන | දිවයින | http://www.divaina.com/2013/02/02/news06.html

[
සබැඳි ලිපි -
ගොඩවායේ මුහුදු පත්ලෙන් මතුවූ දුටුගැමුණු යුගයේ ඉතිහාස කතාව
http://denethharinna.blogspot.com/2013/01/blog-post_4293.html
කි‍්‍ර.පූ. 200 සිට ශී‍්‍ර ලංකාවෙන් භාණ්ඩ අපනයනය කරන ලද නෞකාවක සුන්බුන් හමුවේ
http://denethharinna.blogspot.com/2013/01/200.html
අනුරාධපුර යුගයේ රෝහලක නටබුන් ථූපාරාමය අසලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2012/08/blog-post_5888.html
ලොව ඉහලම යකඩ තාක්‍ෂණය අළකොළවැවෙන් හමුවේ
http://denethharinna.blogspot.com/2012/08/blog-post_28.html
නූතන ඉදිකිරීම් ශාස්‌ත්‍රයට අභියෝගයක්‌ වූ ඡේතවන දාගැබ
http://denethharinna.blogspot.com/2012/11/blog-post_5302.html
]

1 comments:

Anonymous said...

නියමයි, මේකත් අර mr. bite වර්ගපුර්නික බ්ලොග් ලියන මෙවනය ගේ වැඩක වගේ. http://vargapurnikava.blogspot.com/2012/06/blog-post_1189.html

මේකත් ඔය ලින්ක් ගොඩට දන්න