Pages

Thursday, February 7, 2013

නැගෙනහිර සිංහල බෞද්ධයන්ටත් හිරිහැර වෙනවා – රනිල්

හලාල් සහතිකය ලබාගැනීම සඳහා සිංහල ව්‍යාපාරිකයින්ට බලපෑම් ඇතිද යන්න රජය විසින් සොයා බැලිය යුතු බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා පැවසුවේ සිංහල, මුස්ලිම් ගැටුම්කාරී තත්ත්වයක් වර්ධනය වීමට පවත්නා ඉඩකඩ අහුරමින් කටයුතු කළ යුතු බවත් 1915 දී සිදුවූවාක් මෙන් අවාසනාවන්ත සිදුවීමක් යළි සිදුවීම ඉඩ නොදීම රජයේ වගකීමක් බවත්ය.

මුස්ලිම් ප්‍රජාවට යම් යම් හිරිහැර අකටයුතුකම් සිදුවන්නා සේම නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ ජනයාට ද හිරිහැර සිදුවී ඇති බවට වාර්තා වන බවද පෙන්වා දුන් ඔහු බෞද්ධ, ඉස්ලාම් හා ක්‍රිස්තියානි යන සෑම කොට්ඨාසයකටම බලපවත්නේ එකම නීතියක් බවද කියා සිටියේය.

February 6, 2013 at 3:45 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/89937/

0 comments: