Pages

Saturday, February 16, 2013

අපි කොටින්ටත් මුහුණ දුන්නා. ඉස්ලාම් ත‍්‍රස්තයන්ට බය නෑ - බොදු බල සේනා

යාපනයෙන් උතුරෙන් මුස්ලිම් ජනයා පලවා හරින විට හෝ කන්තන්කුඩිහිදි මුස්ලිම්වරු පල්ලිවල  ඝාතනය කරනවිට අල්කයිදා සිටියේ කොහේදැයි බොදු බල සේනා සංවිධානය ප‍්‍රශ්න කරයි.

එජාප මන්ත්‍රී මංගල සමරවීර මහතා බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් කල අදහස් දැක්වීම ගැන නිවේදනයක් නිකුත් කරමින් බොදු බල සේනා සංවිධානය පවසන්නේ කොටී ත්‍රස්තවාදයට මුහුණ දුන් අපි අල්කයිදා හෝ තලේබාන් ත්‍ර​ස්තවාදයට හෝ ජිහාඩ් වර්ගයේ ඕනෑම ත්‍රස්‍තවාදකයකට මුහුන දීමට සූදානම්‍ බවයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

‘එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා බෞද්ධ තලේබාන් ව්‍යාපාරයක් ගැන ප්‍රකාශ කර ඇත. මෙයට පෙර චන්ද්‍රිකාගේ ආණ්ඩු සමයේ මොහු සිංහල කොමිසම කුනුකුඩයට යැවිය යුතුයි ( 1996) ප්‍රකාශ කොට චන්ද්‍රිකා ආණ්ඩුව කුණු කුඩයට යැවූ විලසම, එජාපයද කුණු කුඩයේම තබා ගැනීමට කල ප්‍රකාශයකි මෙය.

තලේබාන්වරු පකිස්ථානයේ මද්රාසා පාසල් වලින් බිහිවූ සුන්නි මුලධර්ම වාදයකි. මුලධර්ම වාදය යනු නොවෙනස් යම් දේව වාක්‍යයන්  එහෙමපිටින්ම විශ්වාස කරන ඒ  මතම  ක්‍රියා සහිත ව්‍යාපෘතියකි. බාමියන්  බුදු පිළිම වනසමින්, සිනමාශාලා ගිනිතබමින්, කාන්තාවන් කළු ලෝගු වලට කොටුකර නිවෙස්වල ගාල් කරමින් විරුද්ධ වාදීන් ඝාතනය කරමින් තලේබාන්වරු ගෙනයන ත්‍රස්තවාදය කවුරුත් දනිති.

එසේ වූ කල  නොවෙනස් මුලධර්ම නැත. අනාත්මය හා අනිත්‍ය නම් එයයි. එමෙන්ම බෞද්ධයින් අවිහිංසවාදී වන අතර කිසිම් විටක තම විරුධවාදීන් ඝාතනය කර ආගම පතුරව නැත. අදද එය එසේමය. අප කරන්නේ අදහස් පල කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිය ක්‍රියාත්මක කිරීමය.

බෞද්ධ ව්‍යාපාරය තලේබාන්වරුන්ට සම කිරීමෙන් මංගල සමරවීර මහතා කරන්නේ බෞද්ධයින්ගේ හා ශ්‍රී ලංකාවේ  කීර්ති නාමය විනාශ කිරීමයි. මේවා බටහිර හා මැදපෙරදිග රටවල ප්‍රචලිත කිරීමෙන් ශ්‍රී ලංකාව තවත් අමාරුවේ දැමීම මොහුගේ යටි අරමුනයි. එජාපය  මේ දුෂ්ට ප්‍රකාශය ගැන බෞද්ධයින්ගෙන් සමාව ගත යුතුය.

සමරවීර මහතා නොදන්නාවට මේ රටේ ත්‍රස්තවාදය ඇති කලේ ජමයිතුල්ලා උලමා හා ඇෆ්ගනිස්ථානයේ , පකිස්ථානයේ හා සවුදි අරාබියෙන් මෙහි පැමිණ ඇති විදෙශීය ඉස්ලාම් මුලධර්මවාදීන්ය. රට සහමුලින්ම හලාල් කරණය කිරීමත්   හා රටේ මුස්ලිම් නොවන 91% ජනගහනයෙන් “හලාල් බදු” අය කිරීමත් මෙම අන්තවාදය යයි

නීතිවිරෝධී , ප්‍රජාතන්ත්‍ර  විරෝධී මේ ක්‍රියාවට එරෙහිවීම පමණයි මේ රටේ බෞද්ධයින් කලේ. පැමිණිල්ල විත්තිය කිරීමට සමරවීර මහතා උත්සාහය අපි තරයේ හෙලා දකිමු.

බෞද්ධයන් නිසා අල්කයිදා, තලේබාන්වරු ලංකාවට පහරදේයැයි සමරවීර බොරු පලකරයි. වසර 1990 දී කන්තන්කුඩිහිදි මුස්ලිම්වරු පල්ලිවල  ඝාතනය කරනවිට අල්කයිදා හිටියේ නැද්ද? යාපනයෙන් උතුරෙන් මුස්ලිම් ජනයා පලවා හරින විට අල්කයිදා සිටීයේ නැද්ද? වසර 2003 දී එජාප පාලනය යටතේ ත්‍රිකුණාමලේ මනිරාසකුලම්හි මුස්ලිම් පල්ලිවල කොටි කඳවුරු ඉදිකරන විට තලේබාන්ලා ලංකාව ආක්‍රමණය කලාද? 2006 – 2007 දී මුතූර්වල අමු අමුවේ මුස්ලිම්වරු කොටි ඝාතනය කරද්දි අල්කයිදා, තලේබාන් ලංකාවට මැදිහත් උනාද? මේවා සමරවීර මහතා බෞද්ධයින් බියට පත් කිරීමට ගොතනා කරුණූය.

කොටී ත්‍රස්තවාදයට මුහුණ දුන් අපි අල්කයිදා හෝ තලේබාන් ත්‍ර​ස්තවාදයට හෝ ජිහාඩ් වර්ගයේ ඕනෑම ත්‍රස්‍තවාදකයකට මුහුන දීමට සූදානම්‍ ය.

මැදපෙරදිග රැකියා කරන අයගේ ජීවිත අනතුරේ බවද සමරවීර මහතා කියා ඇත. පිලිපීනයේ මුස්ලිම් මෝෂයවරුන්ට එරෙහිව එරට රජය යුද්ධ ප්‍රකාස කොට ඇත. එහි දැන් දසක ගනනාවක සිට සිදුවේ. තායිලන්තයේද මුස්ලිම් බෙදුම්වාදයට එරෙහිව සටන් පවති. එහෙත් එකදු රටක හෝ සේවකයන්ට මැද පෙර දිග සේවය කිරීමට බාධා පැමිණ නැත.

ඇත්තටම බොහෝ මැද පෙර දිග තෙල් රටවල්වලට අපට වඩා අන්තවාදය හිරිහැරයකි. ඔවුන් බොහෝමයක් තලේබාන් හා අල්කයිදා සමග සටන් කිරීමට සිය භූමි භාගයන්හි එක්සත් ජනපයට යුරෝපයට ඉඩ දී ඇත්තේ එම නිසාය සමරවීර මහතා ශ්‍රි ලංකාවේද මැදපෙරදිගද ජනතාව නොමග යවා ඇත. නියම බියජනක බලුම බලුකාය ඔවුන්ය.

සමරවීර මහතා බෞද්ධයින්ට කල අවමානය ගැන එජාපය ලැජ්ජා විය යුතුය. මෙයට පෙර එජාපයේ හිතවතෙකු වන අසාද්සාලි මහතා බෞද්ධයන් මුස්ලිම් පල්ලි 10ක් කැඩූ බවට චෝදනා කලේය ඒ උත්සහ කලේද බෞද්ධයින්ගේ නමට නින්දා කිරීමටයි. එජාපය වහාම බෞද්ධයින්ගෙන් සමාව ගත යුතුය​.’

February 16, 2013 at 1:07 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90491/


[
සබැඳි ලිපි -
මංගල බෞද්ධයන්ගෙන් සමාව නොගත්තතොත් දැඩි ක‍්‍රියාමාර්ග - ජාතික හෙළ උරුමය
http://denethharinna.blogspot.com/2013/02/blog-post_5952.html
]

0 comments: