Pages

Thursday, February 14, 2013

යුද්ධයෙන් අසාධාරණයට ලක් වූ සිංහලයන් ගැන කිසිවෙකු කතාකරන්නේ නෑ

යුද්ධය පැවැති දශක තුනකට අධික කාලයක් දෙමළ, මුස්ලිම් ජනතාව ගැන දේශීයවත්, ජාත්‍යන්තරවත් කතා බහ කළත්, යුද්ධය නිසා අසාධාරණයට ලක්වූ සිංහල ජනතාව ගැන කිසිවෙකු කතා නො කරන බව මන්නාරම දිස්ත‍්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්බන්ධීකාරක පද්මසිරි ෆොන්සේකා මහතා සඳහන් කළේ ය.

යුද්ධය නිසා අසරණ වූ ජනතාවට සහන සැලසීමේ දී වැඩි ම අසාධාරණය සිදු වී තිබෙන්නේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාවට බව ද ඔහු පවසා සිටියේ ය. 1970 වසර වන විට සිංහල ජනතාව 20,000කට අධික පිරිසක් ජීවත් වූ බවත්, 1990 වසර වන විට පිරිස 4,000ක් දක්වා අඩු වූ බව ද, සම්බන්ධීකාරකවරයා සඳහන් කළේ ය.

එහෙත් මේ වන විට මන්නාරම දිස්ත‍්‍රික්කයේ ජීවත් වන්නේ සිංහල ජනතාව 300කට ආසන්න පිරිසක් බව ද හෙතෙම පවසා තිබේ. මෙවන් තත්ත්වයක් උදා වී තිබෙන්නේ සිංහල ජනතාවට අයත් ඉඩම්වල දෙමළ සහ මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට දේශපාලඥයන් කටයුතු කිරීම නිසා බව ද, සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

February 14, 2013 at 8:02 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90383/

0 comments: