Pages

Saturday, February 2, 2013

ජමිතුල් උලමා ආණ්ඩුවේ වියදමින් ජිනීවා සංචාරයක


මුස්ලිම් විරෝධයක් ඇති කරමින් ජාතිවාදයට අවුස්සා රට අරාජික  කිරීමට ඉඩ  නොතබා ජාතීන් අතර සමගිය ඇති කිරීම  ආණ්ඩුවේ මෙන්ම සමස්ත ලංකා ජමි තුල් උලමා සභාවේද වගකීමක් වුවත් ඒ සියලූම පාර්ශවයන් එම් වගකීම පැහැර හැර ඇති බව එක්සත් ජාතික පක්‍ෂ  නායක හා විපක්‍ෂ  නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හා මුස්ලිම් සංවිධාන අතර කොළඹ දී  පැවති සාකච්ජාවේදී සාකච්චා වී තිබේ.

රට පුරා ගෙන යන මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා අවස්ථාවක් ලබාදෙන ලෙසට මුස්ලිම් ජාතික සංවිධාන වලින් කෙරුණු ඉල්ලීම අනුව එක්සත් ජාතික පක්‍ෂ  නායක හා විපක්‍ෂ  නායක රනිල් වික‍්‍රමසිංහ මහතා  සහ එම සංවිධාන අතර මෙම සාකච්ජාව පැවැත්වින.

රට පුරා ගෙන යන මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා අවස්ථාවක් ලබාදෙන ලෙසට සමස්ත ලංකා ජමි උලමා තුල් සභාව  ද ඉල්ලා සිටියත් එම සභාව මෙම අවස්ථාවේදී එක් නොවීම් නිසා සියලූ පාර්ශවයන් අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ජා කෙරිණ.

හලාල් සහතිකය පනදනම් කරගනිමින් රටේ ගොඩ නැගෙන මුස්ලිම් විරෝධය සම්බන්ධයෙන්   එම සහතිකය නිකුත් කරන ජමි තුල් උලමා සභාව මෙසේ නිහඩව සිටීම එහිදී තරයේ විවේචනයට   ලක් කෙරූ මුස්ලිම් නියෝජිතයෝ එම සභාවේ නියෝජිතයින් ආණ්ඩුවේ ආරාධනයෙන් ජිනීවා නුවර සංචාරය කළ බවද රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවේ පෙන්වා දුන්හ.

http://lankacnews.com/sinhala/news/89678/
February 2, 2013 at 11:38 am | lanka C news

0 comments: