Pages

Wednesday, February 27, 2013

BBC ය හෙලා දකිනවා – BBS

සිංහල බෞද්ධයාට එල්ල වූ තර්ජන හමුවේ ජීවිත තර්ජන පවා නො තකමින් ජාතියේ ඇස් ඇරවීමට කටයුතු කළ අවස්ථාවේ පදනම් විරහිත වාර්තාකරණයක් ලබාදුන් බී.බී.සී වාර්තාකරණය තරයේ හෙළා දකින බව බොදුබල සේනා සංවිධානය පවසයි.

බොදුබල සේනා සංවිධානය විසින් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡුාවක් පැවැත්වූ අතර මෙහි දී අදහස් දක්වමින් එම සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවැසුවේ මහරගම පැවැති සමුළුව කඩාකප්පල් කිරීම සඳහා එහි ඇතැම් විජාතික හා අන්‍යාගමික බලවේග කුමන්ත‍්‍රණකරුවන් විවිධ අයුරින් ක‍්‍රියා කළත්, ගැටුමක් ඇති නො වන පරිදි ආරක්ෂක අංශවල සහාය ලබාගෙන වහාම ඔවුන්ව සමුළු භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව යි.

එසේ නොමැතිව බී.බී.සී. මාධ්‍යකරුවන් පවසන පරිදි කිසිදු ගැටුම්කාරී තත්ත්වයක් එහි සිදු නො වූ බව ද උන්වහන්සේ අවධාරණයෙන් කියා සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියෝ ‘බොදුමහ සමුළුව තියලා දවසකට පස්සේ ඒ කියන්නේ 19 වැනි දා උදේ අපට දැනගන්න ලැබුණා බී.බී.සී මාධ්‍ය ජාලයේ ලංකාවේ නියෝජිතයාට බොදුබල සේනාව පහර දුන්නා කියලා රාවයක් යන බවට ජාත්‍යන්තර මාධ්‍යවල අපට කැළලත් වන ආකාරයට විවිධ ප‍්‍රචාරයන් ඇති කරනවා’ යයිද කීහ.
 


February 26, 2013 at 2:33 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/91040/

0 comments: