Pages

Wednesday, February 20, 2013

හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා

හලාල් ලාංජනය මස් සදහා පමණක් යොදා අනෙකුත් භාණ්ඩවල අත්හිටවිය යුතු බවට මුස්ලිම් දේවස්ථානවල රැස්වූ ව්‍යාපාරිකයෝ  ප‍්‍රකාශ කරන ලදැයි වාර්තා වේ.

සති  අන්තයේ දේවස්ථානයට රැස් වූ සමහර බැතිමතුන් අතර මෙම මත ගැටුම  ඇති වී ඇති අතර මෙහිදී එක් පාර්ශවයක් සදහන් කර ඇත්තේ මස් සදහා පමණක් හලාල් සලකුණ යොදා අනෙක් භාණ්ඩවලින් එය ඉවත් කරන ලෙස පැවසූ බව එම ආරංචි මාර්ග කියයි.

හලාල් ලාංජනය සහිත භාණ්ඩ වර්ජනය කිරීම හේතුවෙන් ව්‍යාපාර  දැඩි ලෙස බිද වැටීමට ලක්වීම නිසා මුස්ලිම් ව්‍යාපාරිකයන්  මේ අදහස් දක්වා ඇත.

එක් පාර්ශවයක් තම ආගමික පදනම මත හලාල් කිරීම අවශ්‍ය යැයි තර්ක කර ඇති අතර ව්‍යාපාරික  ක්ෂේත‍්‍රයේ කොටස් හලාල් අනවශ්‍ය බවට මත දක්වා ඇත.

ඉදිරියේදි ඒ සම්බන්ධයෙන් මුස්ලිම් පූජකවරුන් සමග සාකච්ජා කර තීරණයකට එළැබීමට ඔවුහු එකගතාවයකට පැමිණ ඇත.

February 20, 2013 at 12:59 pm | lanka C news
http://lankacnews.com/sinhala/main-news/90710/

0 comments: