Pages

Sunday, February 24, 2013

හිජාබය පැළඳි මුස්ලිම් කාන්තාවන් බෞද්ධ දහම් පාසල් විභාග අධීක්‍ෂණයට

බෞද්ධ  දහම් පාසල් අවසාන විභාගය සඳහා අනුරාධපුර හොරොව්පොතාන මධ්‍ය මහා විද්‍යාලයේ පැවති විභාග ශාලා සඳහා මුස්ලිම් ජාතිකයන් 06 දෙනෙක් යොදවා ඇතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.

විභාගය පැවැත්වෙන අවස්ථාවේ අතර හිජාබ් ඇද සේවයට පැමිණි මුස්ලිම් කාන්තාවන් නිසා බෞද්ධ දරුවන්ටද ඉමහත් ගැටළුවක්වී ඇති බවත් පවසමින් මාධ්‍ය නිවේදනයක් මොමු කරන එම සංවිධානය එම නිවේදනය සමග දුර සිටි ගත් ජායාරුප කිහිපයක් ද එවා ඇත. එම ජායාරුප බැලූ  විට පෙනෙන්නේ ආරබියේ විභාගයක් පවත්වන ආකාරයක් බවද බොදු බල සේනා කියා සිටී.

ඉන් 03 දෙනෙකු කාන්තාවන් වන අතර ඔවුන්ගේ ඇඳ සිටින්නේ හිජාබය බවත්, මෙහි තනි පුද්ගලයෙකු ලෙස සිටින්නේ ඉෂාක් නම් විභාග ශාලාධිපතිවරයා බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

February 23, 2013 at 1:11 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/90902/

0 comments: