Pages

Friday, February 22, 2013

දෙමළ දේශපාලනඥයන්ගේ උසි ගැන්වීම මත උ/නැ දෙමළ ජනතාව වන්දි එපා කියා ඉඩම් ඉල්ලති

උතුරු නැගෙනහිර පළාත්වලින් රජයේ සංවර්ධන කටයුතු සඳහා පවරාගත් පෞද්ගලික ඉඩම් සඳහා වන්දි ගෙවීමට රජය තීරණය කර තිබියදී එම වන්දි මුදල් ලබා ගැනීම දෙමළ ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කර තිබේ.

වන්දි මුදල් වෙනුවට රජයට පවරාගෙන ඇති තම ඉඩම් නැවත ලබා ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින් දෙමළ ජනතාවට බල කිරීම නිසා මේ තත්ත්වය ඇතිවී ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින"ට ඊයේ (21) පැවැසීය. වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික ඉඩම් රජයට පවරා ගැනීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ යාපනයේ සාම්පූර් ප්‍රදේශයෙන් ඉඩම් හෙක්‌ටයාර් 698 ක්‌ රජයට පවරා ගනු ලැබූ බවත් මෙම ඉඩම් පවරා ගත්තේ ආයෝජන මණ්‌ඩලය සහ ලංකා විදුලිබල මණ්‌ඩලය වෙනුවෙන් බවත් ඇමැතිවරයා කීය.

මෙසේ පවරාගත් ඉඩම් සඳහා වන්දි ගෙවීමට අපි මේ වන විටත් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සාම්පූර් ප්‍රාදේශීය ලේකම්වරයා වෙත යවා තිබෙන බවද ඇමැතිවරයා පැවැසීය.

නමුත් ඉඩම් හිමියන් වන්දි ලබා ගැනීම සඳහා වූ පරීක්‍ෂණවලට සහභාගි වෙන්නේ නැතැයිද දෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම සහ උසි ගැන්වීම මත දෙමළ ජනතාව ඉල්ලන්නේ වන්දි වෙනුවට තම ඉඩම් යළි ලබාදෙන ලෙස බවද ඇමැතිවරයා කීය.

මෙය රජයේ සංවර්ධන කටයුතු කඩා කප්පල් කිරීම සහ දෙමළ ජනතාව සතු ඉඩම් රජය මංකොල්ලකන බවට ලෝකයාට පෙන්වීම සඳහා කළ සංවිධානාත්මක කුමන්ත්‍රණයක්‌ යෑයිද ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.


උ/නැ දෙමළ ජනතාව වන්දි එපා කියා ඉඩම් ඉල්ලති
ප්‍රියදර්ශන ලියනගේ | http://www.divaina.com/2013/02/22/news09.html

0 comments: