Pages

Saturday, February 9, 2013

මහින්ද චින්තනයේ හලාල් ලකුණට බොදු බල සේනාවෙන් පිළිතුරු

විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කල විශේෂ ප්‍රකාශයට පිළිතුරු ලෙස සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ‘බොදුබල සේනා සංවිධානය’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ කල කරුණු දැක්වීම යුද්ධයේදී පැහැදිලිව සහයදීමක් කල සිංහල බෞද්ධ ජනතාව ගැන සාධාරණව සඳහන් නොකොට, අන්ධ ලෙස මුස්ලිම්වරුන් පිළිබඳව සඳහන් කිරීමෙන් ජනාධිපතිවරයා සිංහල බෞද්ධ ජනතාවගෙන් ඇත් කිරීමට යම් කුමන්ත්‍රනයක් විය හැකි යයි බොදු බල සේනා සංවිධාකය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඒ පිලිබඳව සැලකිලමත් වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් වන එම නිවේදනය මෙසේය.

” පක්ෂ දේශපාලනයෙන් එහා ගිය ජාතික දේශපාලනයක නිරත සංවිධානයක් ලෙස රජය හා විපක්ෂය අතර ඇතිවන ගැටුමකට මැදිහත් වන්නට හෝ අසුවන්නට ‘බොදු බල සේනා’ කිසිදු විටක සුදානම් නැත. එහෙත් මෙම කරුණු දැක්වීම පිළිබඳව මාධ්‍ය වාර්තා තුලින් ‘බොදු බල සේනා’ පිළිබඳව වැරදි චිත්‍රයක් ජනතාව අතර ඇති වන බැවින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරමු .

1. වඳුරඹ දී ‘බොදු බල සේනා’ සංවිධානය හා භික්ෂුන්වහන්සේලා විසින් පහර දීමක් කිරීම පිළිබඳව -

මෙහිදී ඇත්තවශයෙන් ම සිදු වුයේ පොලිසිය සමග සාකච්චා කරන විටක ‘බොදු බල සේනා’ සංවිධානය සමග ගිය භික්ෂුන් වහන්සේ නමකට අදාල අසපුව තුල සිටි පුද්ගලයකු විසින් පොල්ලකින් ගැසීම නිසා සාමකාමීව තිබු විරෝධය යම් කලහකාරී ස්වරුපයක් ගැනීමය. එහිදී පොලිසිය කිසිදු දැන්වීමක් නොකොට ගම්වාසීන්ට කඳුළු ගෑස් එල්ල කිරීම නිසා දැඩි කලබලයක් ඇතිවී තත්වය පාලනය කිරීමට යුධ හමුදාව කැඳවීමට සිදු විය. මෙම කලබල මධ්‍යයේ වුවද ‘බොදු බල සේනා’ භික්ෂුන් වහන්සේලා අදාල අසපුවේ සිටි අයගේ ආරක්ෂාවට දැඩි ලෙස මැදිහත්වී කටයුතු කරන ලදී.

මෙම කරුණු දැක්වීමේදී ”‍ බුදු දහමට නිගාවන පරිදි ධර්ම දේශනා කල ස්ථානයක”‍ ට පහර දීමක් පිළිබඳව ගරු සභානායක වරයා මතු කරන ගැටලූ‍ව ද එම සිද්ධියට අදාලවය. මෙසේ බුදු දහමට නිගා කිරීම පැහැදිලිව අපරාධයකි. මෙම අපරාධයට රජයේ වගකිවයුතු අංශ විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා හා ජනතාව හා භික්ෂුන් වහන්සේලා දිගින් දිගට ම මේ පිළිබඳව කල පැමිණිලි වලට ක්‍රියා නොකිරීමත්, බුදු දහම ට ප්‍රමුඛතාවය දීමට හා ආරක්ෂා කිරීමට පියවර නොගැනීමත් නිසා මෙම තත්වය ඇති වූ බව ප්‍රකාශ කල යුතුය. මෙසේ බුදු දහමට නිගාවන පරිදි කටයුතු කල ස්ථානය පිළිබඳව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග රටට හෙළි කල යුතුය

එලෙසම මෙහි ‘බොදු බල සේනා ‘සම්බන්ධව දක්වා ඇති කරුණු බොහොමයකදී අදාල කරුණු අසම්පුර්ණව ඉදිරිපත් කර ඇති බව තවදුරටත් ප්‍රකාශ කර සිටිමු.

2. 2013.01.21 දින මොරගොල්ලදී ශ්‍රී ලංකාවේ ‘බුද්ධ බාර්’ පවතින බව මුලින්ම අනාවරණය කල සිද්ධියේදී ‘බොදු බල සේනා’ සංවිධානය පැමිනිල්ලක් කිරීම වැරදි තොරතුරක් වන අතර අප විසින් කලේ ඒ පිළිබඳව හෙලිදරුවක් කිරීම් පමණි.

3. පිටු අංක 5 යටතේ වූ කරුණු වලින් ශ්‍රී ලංකාව ”‍ බෞද්ධ ”‍ ධර්මයට ප්‍රමුඛතාවය දෙන තත්වයේ සිට ”‍ සර්වආගමික ”‍ රජයක් බවට පත්කිරීමට උත්සහා කිරීම පැහැදිලිව පෙනෙන අතර එම පිටුවේ අංක 4 කරුණ මගින් ”‍ සැම ආගමක් සඳහාම එකම ආකාරයෙන් ප්‍රමුඛතාවයෙහි ලා ගරු කරමින්”‍ යන ආකාරයෙන් දැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට එකඟද යන්න අපට අපැහැදිලිය. මෙහිදී පිටු අංක 6 හි අංක 6 යටතේ ”‍ සියලූ‍ ආගම් එකසේ ප්‍රමුඛ බව සලකා”‍ කටයුතු කරන ලෙස නිළධාරීන් දැනුවත් කිරීම ද අපගේ අවධානයට ලක් විය යුතුය.

4. පිටු අංක 6 වූ අංක 7 හි සඳහන් පරිදි 2012-11-12 දින පොලිස්පතිවරයා අපව කැඳවා අවවාද කිරීමක් ලෙසට තේරුම් යන අතර එහිදී සිදු වුයේ අපගේ ඉල්ලීම් මත අපට හමුවීමට පොලිස්පතිවරයා අවස්ථාවක් ලබා දීම බව ප්‍රකාශ කරමු.

5. පිටු අංක 7 යටතේ ”‍බෞද්ධ”‍ යන නාම විශේෂණය දේවස්ථාන ඉදිරියේ යෙදවීම (”‍ බෞද්ධ ක්‍රිස්තියානි මුස්ලිම් හින්දු දේවස්ථාන ”‍) නිසා ”‍බෞද්ධ දේවස්ථාන”‍ යන අදහස නිරුපනය වීම බුදු දහමට නිගරු කිරීමක් ලෙස සලකන අතර රජයේ වගකිව යුතු ලේඛන සකස් කිරීමේදී මීට වැඩ සැලකිලිමත් විය යුතු බව අපගේ පිළිගැනීමයි.

6. යම් මුස්ලිම් සංවිධාන ජිනීවා ගොස් කල උපකාර පිළිබඳව කල ප්‍රකාශය පිළිබඳව අප එකඟ වුවද ත්‍රස්තවාදී යුද්ධය සිදු වීමේදී ඔවුන් කොහේ සිටියද යන්නත් ”‍ හලාල් සහතිකය ”‍ හරහා ඔවුන් මේ රටේ ඇති කරන ලද සියුම් ලෙස ආගම් හා ජාතිවාදය වැපිරවීමත් අපගේ අවධානයට ලක් වේ.

7. ”‍හලාල් සහතිකය”‍ පිළිබඳව සත්‍ය තත්වය ජාත්‍යන්තරව හෙලිදරුව් වෙමින් හා ජාත්‍යන්තරව විරෝධතා ඇතිවෙමින් පවතින විටකදී කිසිදු පැහැදිලි පදනමකින් තොරව ”‍ හලාල්”‍ ආරක්ෂකයා ලෙස පෙනී සිටීමට රජය කටයුතු කිරීමක් මෙම කරුණු ඉදිරිපත් කිරීම තුලින් සිදු කිරීම පිළිබඳව අපගේ විරෝධය හා කණගාටුව පල කරමු.

8. නීති විද්‍යාලවල තීරණ කෙරෙහි බලපෑම් කිරීමට හෝ වෙනස් කිරීමට රජයට හෝ වෙනත් ආයතනයකට බලයක් නොමැති බව පිටු අංක 10 කරන ලද සඳහන පිළිබඳව අප එකඟ නොවන අතර එය එසේ වන්නේ නම් එය රටේ හා ජාතියේ ආරක්ෂාවට ඇති දැඩි තර්ජනයක් නිසා මේ පිළිබඳ සුද්දන් සෑදු නිතිය වෙනස් කලයුතු බව අපගේ විශ්වාශයයි.

එම විභාගයේ වැරද්දක් නොමැති නම් කඩ ඉම ලකුණු සීමාව වෙනස් කලේ ඇයිදැයි යන ස්වභාවික සැකය ඇති බව අපි ප්‍රකාශ කරමු. රජයට බලපෑමක් කළ නොහැකි බව ප්‍රකාශ කලද ‘බොදු බල සේනා ‘විරෝධතා නිසා මෙම වෙනස කිරීමට සිදු වූ බව අපි සතුටින් ප්‍රකාශ කරමු.

9. මෙම කරුණු ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා පත් කිරීමටත් , යුද්ධයේදී පැහැදිලිව සහය දීමත් කල සිංහල බෞද්ධ ජනතාව ගැන සාධාරණව සඳහන් නොකොට අන්ධ ලෙස මුස්ලිම්වරුන් පිළිබඳව සඳහන් කිරීමෙන් ”‍ ජනාධිපතිවරයා සිංහල බෞද්ධ ජනතාවගෙන් ඇත් කිරීමට යම් කුමන්ත්‍රනයක් වේ දැයි?”‍ අපට සැක පහල වන අතර ඒ පිලිබඳව සැලකිලමත් වන ලෙස ජනාධිපතිවරයාට අපි සිහිපත් කරන්නෙමු.

කෙසේ වුවද බොදු බල සේනා ”‍ හලාල් ”‍ බෞද්ධ ජනතාවට අකැප බව ප්‍රකාශ කිරීම හා ඒ පිළිබඳව දැනුවත් කිරීම නොනවත්වා සිදු කරන බවටත්, අප කිසිදු විටක මුස්ලිම් වරුන්ට හෝ එම ආගමට කිසිදු විරෝධයක් එල්ල කර සදාචාර සම්පන්න නොවන කටයතු නොකළ බවත් ප්‍රකාශ කරමු” 

ජනපති මහින්ද බෞද්ධයන්ගෙන් ඈත් කරවන කුමන්ත‍්‍රණයක්
February 8, 2013 at 2:47 pm | lanka C news 
http://lankacnews.com/sinhala/news/90056/

[
සබැඳි ලිපි -
මහින්ද චින්තනයේ හලාල් සළකුණ 2 - විපක්ෂ නායක ප්‍රකාශයට රජය වෙනුවෙන් ප්‍රතිචාරය
http://denethharinna.blogspot.com/2013/02/2.html
]

0 comments: