Pages

Tuesday, February 12, 2013

ආයිත් කොටි සෙල්ලං දාන්න ආවොත් ඉස්සෙල්ල කෑමම තමයි - ගෝඨා

දේශීයව සහ ජාත්‍යන්තරව වෙසෙන එල්ටීටීඊ හිතවාදීන් ශ්‍රී ලංකාවේ යලිත් වරක් අර්බුදයක් ඇති කිරීමට කටයුතු කරනු ඇති බව පවසන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එයින් ආරක්ෂා වීම සඳහා පියවර ගැනීමේ දී ලිහිල් ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට රජය සූදානම් නැති බව ද සඳහන් කරයි.

ඔහු එම අදහස් ප්‍රකාශ කළේ ‘තම දේශයට සීමා වූ අර්බුදයක දී ජාතීන් මුහුණ දෙන දේශපාලන සහ රාජ්‍යතාන්ත්‍රික අභියෝග’ මැයෙන් කොළඹ ලක්ෂමන් කදිරගාමර් ශ්‍රවණාගාරයේ පැවැත්වුණු සම්මන්ත්‍රණයක් අමතමිනි.

යුද ගැටුමකින් අනතුරුව පරාජිත ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ මාර්ගයෙන් කැරලිකාර මතවාදයන් විකාශය කිරීමට ඉඩ තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ආරක්ෂක තත්ත්වය ලිහිල් කිරීමේ දී එම තත්ත්වය උත්සන්න විය හැකි බවත් කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවලට කාලාන්තරයක් මුළුල්ලේ සංක්‍රමණය වූ දෙමළ ජනතාව දැන් එම රටවල පුරවැසි භාවය ලබාගෙන සිටියද ඔවුන් අතර බොහෝ එල්ටීටීඊ ක්‍රියාකාරිකයන් සිටින බව ද ප්‍රකාශ කළේය.

එල්ටීටීඊය ට එරෙහි යුද්ධය පිළිබඳව ඔවුන් සිය රටවලට වැරදි චිත්‍රයක් මවා පෙන්වූ බව ආරක්ෂක ලේකම්වරයා සදහන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය වසර කිහිපය තුල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඇතුළු විවිධ සංවිධාන මඟින් ඉහත කී රටවල ආණ්ඩු ශ්‍රී ලංකාවට බලපෑම් කරමින් සිටින බව ද රාජපක්ෂ මහතා පැවසිය. 

ආයිත් කොටි සෙල්ලං දාන්න ආවොත් ඉස්සෙල්ල කෑමම තමයි
February 12, 2013 at 1:04 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90240/

0 comments: