Pages

Sunday, February 24, 2013

රජයේ ස්‌ථාවරය දන්වන තුරු විරෝධතා නවත්වන්නේ නෑ - බො.බ.සේ

රට පුරා දැඩි ආන්දෝලනයකට ලක්‌ව ඇති හලාල් තත්ත්ව සහතිකය සම්බන්ධයෙන් රජය සිය නිල ස්‌ථාවරය ප්‍රකාශ කරන තුරු තම සංවිධානය ඊට එරෙහිව සංවිධානය කර ඇති විරෝධතාව අඛණ්‌ඩව පවත්වාගෙන යැමට බොදු බල සේනා සංවිධානය තීරණය කර ඇත.

ආගමික සංවිධානයකට වෙනත් කිසිදු සංවිධානයකට හලාල් හෝ වෙනත් තත්ත්ව සහතික නිකුත් කිරීම සඳහා බලයක්‌ නැති බවත් ඊට අවසර ඇත්තේ රජයට පමණක්‌ බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසූහ.

මෙම හලාල් තත්ත්ව සහතිකය සම්බන්ධයෙන් රජය සිය ස්‌ථාවරය ඉතා ඉක්‌මනින් ප්‍රකාශ කළ යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.

ඉස්‌ලාම් භක්‌තිකයන්ට ඇති ශුද්ධ අයිතිය පිළිගැනීමට තම සංවිධානය කිසිසේත් නොපැකිලෙන නමුත් ඔවුන්ගේ නියෝග පිළිපැදීමට කිසිසේත් සූදානම් නැති බවත් උන්වහන්සේ කීහ.

මෙම තත්ත්ව සහතිකය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය රජයේ ඇමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක, දිනේෂ් ගුණවර්ධන, ඩිව් ගුණසේකර, පාඨලී චම්පික, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, ඒ. එච්. එම්. ෆවුසි, අතාවුල්ලා, රාවුෆa හකීම් යන මහත්වරු සමඟ සාකච්ඡා කර ඇත.

මෙහිදී බොදුබල සේනා සංවිධානය සඳහන් කර ඇත්තේ තම සංවිධානයෙත්, ජමෙයිතුල්ලා උලමා සංවිධානයේත් අදහස්‌වලට කන් දී රජයේ විසඳුම කඩිනමින් ලබා දෙන ලෙසයි.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/02/24/news03.html

[
සැබැඳි ලිපි -
ඇත්තටම මොකටද හලාල්???
රටේ ජනතාව ගොනාට ඇන්දවීම නොහොත් උලමාගේ හලාල් ඉවත් කර ගැනීමේ ප්‍රෝඩාව
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
හලාල් සහතිකයට ගත් සෑම රුපියලක්ම උලමාවරුන් ආපසු ගෙවිය යුතුයි
හලාල් විසඳුම විකාරයක් – උලමා උලමා යලි ගැටේ
හලාල් මර්ධන ප්‍රකාශය රටේ නීතියට කළ තර්ජනයක් - අසාද් සාලි
හලාල් සහතිකයට එජාපය විරුද්ධයි
‘හලාල්’ ඇමති කමිටුව අදාළ පිරිස් සමඟ වෙනම සාකච්ජා... පාඨලී, දිනේෂ්, විමල් එක මතයක...
හලාල් අත්හිටුවීමට මුස්ලිම් ව්‍යාපාරිකයන් සහ පූජකවරුන් සාකච්චා
ජමිතුල් උලමා සභාව මෙච්චර කල් හලාල් කෙරුව නම් ගණුදෙනු රටට හෙළි කරන්න  ඕන...
හලාල් ගැන දේශහිතෛෂී මතය
ජමිතුල් උලමා කරන්නෙ ප‍්‍රභාකරන් කල දේමයි – චම්පික
රටකට පවතින්නේ එක් නීතියක්. ප්‍රමිති සහතිකය තිබුනම ඇති -මාදුළුවාවේ සෝභිත හිමි
හලාල් අර්බුද කමිටුවේ සභාපති රත්නසිරි
සිංහල මුස්ලිම් සමගිය නැංවීමට හලාල් නමින් සිදු කරන හරාම් ක‍්‍රමය නතර කල යුතුයි
හලාල්, අල්කයිඩා හා හමාස්‌...
හලාල් වලින් අන්තවාදය පෝෂණයට වසරකට කෝටි 700ක්...
හලාල් ලකුණ වර්ජනය කරන ලෙස ඉල්ලා ගම් පුරා යනවා
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
]

0 comments: