ඔබම කියන්න මෙරට පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය තුළ "ජූඩ් පෙරේරා" කියන්නේ කවුද?
සත්ව පුරාවිද්‍යාව පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටින නිල නොලත් අස්‌ථි විශ්ලේෂකයා මමයි. මම එහෙම කියන්නේ උද්දච්චකමකින් නෙමෙයි. දැනට මගෙන් පසුව මේ විෂය පිළිබඳ පිරුණු අත්දැකීම් ඇති කිසිදු පුද්ගලයෙක් අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තුළ නැහැ. ඒක ලොකු අඩුවක්.
පවතින අධ්‍යාපන රාමුව තුළ ඔබ කොතරම් දුරට අධ්‍යාපනය ලබා තිබෙනවාද?
උසස් පෙළ දක්‌වා විතරයි. ඒත් මට උසස් පෙළ විභාගයටත් පෙනී සිටින්න බැරි වුණා.
ඇයි ඒ.
පුංචි කාලෙ ඉඳල තිබුණා මගේ ශ්‍රවණ ආබාධිත තත්ත්වය උසස් පෙළ පංතිවලට එද්දී එන්න එන්නම වැඩි වුණා. ගුරුවරුන්ගේ කටහඬ තේරුම් ගැනීමට බැරි තත්ත්වයකට එය දරුණු වුණා. ඇත්තටම ඒ නිසා මම මානසිකව ඇදවැටුණා. විභාගයට ඉඳගන්න කලින් මම පාසල් ගමන අත්හැරියේ ඒ නිසා.
උසස් පෙළ විභාගයටවත් පෙනී නොසිටින ඔබ කොහොමද පුරා විද්‍යා ක්‍ෂේත්‍රයට දොරටු විවර කර ගන්නෙ?
මගෙ අයියා නිසයි මට ඒ අවස්‌ථාව උදා වුණේ. එයා තමයි වර්තමාන පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වන ආචාර්ය නිමල් පෙරේරා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් පස්‌සෙ අයියා කෙළින්ම සම්බන්ධ වුණේ පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයට. ඒ කාලෙ ආචාර්ය ශිරාන් දැරණියගල මහතාගේ පර්යේෂණ කැණීම් කටයුතුවලට අයියට ලංකාවෙ නොයෙකුත් පළාත්වලට යන්න සිදු වුණා. ඒ ගිය සෑම ප්‍රදේශයකටම අයියා මාව එක්‌කරගෙන යන්න අමතක කළේ නෑ. මම පටන් ගත්තේ පර්යේෂණ කැණීම් කටයුතුවලට සහාය වන අනියම් කම්කරු රස්‌සාවෙන්.
සත්ත්ව පුරාවිද්‍යාව ඉගෙන ගන්න ආසාවක් ඇතිවුණේ ඇයි.?
ඒ වෙනකොට ආචාර්ය ශිරාන් දැරණියගල මහතා එයාගෙ පර්යේෂණ කැණීම් අවසන් කර සොයා ගත් දත්ත විශ්ලේෂණය කිරීම ආරම්භ කරල තිබුණා. පර්යේෂණ කැණීම්වලින් සොයාගත්තා කිලෝග්‍රෑම් 1000 කට වැඩි ඇටකටු කන්දරාවක්. එතැන කෙරුණ අස්‌ථි විශ්ලේෂණ කටයුතු සඳහා තෝරාගත්තේ විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව හදාරා ඇති සිසුන්. ඒත් දැරණියගල මහතා මාවත් ඒ වැඩවලට සම්බන්ධ කරගත්තා. එතන වැඩකටයුතු භාරව හිටියේ පී. බී. කරුණාරත්න මහතා. ඔහුට සෙ. මී. 1/2 තරම් පුංචි අස්‌ථි කැබැල්ලකින් වුණත් සතෙකු හඳුනා ගැනීමේ පුදුම හැකියාවක් තිබුණා. මට ඒ විෂය ගැන ආසාවක් ඇති වුයේ කරුණාරත්න මහත්තයාගේ ඒ පුදුම හැකියාව නිසා.
ඔබ උසස් පෙළ අත්හැරියෙත් ශ්‍රවණාබාධය නිසා නම් ඒ දුෂ්කරතාව සමග මෙතරම් බැරෑරුම් විෂයක් ඉගෙන ගත්තේ කොහොමද?
ඇත්තටම කරුණාරත්න මහත්තයත් මම මේ විෂය ඉගෙන ගන්න යන එකට පැහැදීමක් තිබුණේ නෑ. ඔහුගේ අදහස වුණෙත් මගේ ශ්‍රවණ ආබාධිත බව නිසා මේ කටයුත්ත නිරපරාදේ කාලය කන වැඩක් වෙයි කියලයි. ඒත් කරුණාරත්න මහත්තයාගෙ ප්‍රධාන ගෝලයෙක් වන කැලුම් මනමේන්ද්‍ර මහත්තයා එතැනට ආවට පස්‌සේ මට මේ විෂය ඉගෙන ගන්න බාධක ඉවත් වුණා. මෙතැනදී මට වාසියක් වුණ කාරණයක් තමයි සත්ව පුරාවිද්‍යාව හදාරන්න පැමිණ සිටි උපාධිධාරීන් සියලුදෙනාම ඉන් ඉවත්ව යැම. ඔවුන් කලා විෂයන් හදාරා පුරාවිද්‍යාවට සම්බන්ධව සිටි නිසා ජීව විද්‍යාවට සම්බන්ධ සත්ව පුරා විද්‍යාව හැදෑරීම ඔවුන්ට දුෂ්කර වුණා.
සත්ව පුරාවිද්‍යාව හැදෑරීම ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
ඇයි නැත්තෙ. සත්ව පුරාවිද්‍යාව හැදෑරීමට ඉංගී්‍රසි දැනීම අනිවාර්යයයි. මට තිබුණ ලොකුම බාධකය වුණෙ ඒක. මගේ ශ්‍රවණ ආබාධය නිසා ඉංගී්‍රසි පාඨමාලාවක් හදාරන්නත් බෑ. හැබැයි මම අතහැරියේ නෑ. මගෙ කන් දෙක ඇහෙන්නැති නිසා මම කන් දෙක අතහැරල සරල ඉංගී්‍රසි පොත්පත් කියවන්න පුරුදු වුණා. එහෙම උත්සාහ කරපු මට ඉක්‌මනින්ම ඉංගී්‍රසි ලිවීමටත් කියෑවීමටත් පුළුවන් වුණා.
සතෙකුගෙ අස්‌ථි කොටසක් දුටු ගමන් ඔබට ඒ සතාව හඳුනාගන්න පුළුවන්ද?
ඔව්. සමහර විද්වත් පුද්ගලයන් මගේ ඒ හැකියාව ඇත්තක්‌ද කියල බලලත් තියෙනවා.
ඒ හැකියාව ඔබේ ජීවිතයට එකතු කරගත්තෙ කොහොමද?
මම සත්ව අස්‌ථීන් ගැන ඉගෙන ගන්න කාලෙ පාරෙ යන්නෙත් කුණු ගඳ ඉව කරගෙන. කුණු ගඳක් දැනුණොත් මට ඊට වඩා සතුටක් නෑ. මොකද මම එතකොට දන්නවා මොකෙක් හරි සතෙක් මැරිල ඇති කියල. මට ඕන ඌව ගෙදර ගෙනිහින් උගේ අස්‌ථි ගැන අවබෝධයක් ලබාගන්න.
ඒ කාලෙ මම ගෙදරින් එළියට එන්නෙ විශාල බෑග් එකක් එල්ලාගෙන. හැබැයි ඒ බෑග් එක ඇතුළෙ තියෙන්නෙ පොලිතින් උර කිහිපයකුයි රබර් පටියකුයි. ඔය බෑග් එක අතට ගන්නකොටම අම්මා මට බණිනවා මළජරාව. උස්‌සන් එන්න යනවා කියල. ඒත් මම ගෙදර එනකොට සත්තු තම්බන තැන අම්මා දර ටිකක් දාලා තියෙනවා. ඔය විදියට කැණීම්වලදී හමුවන අස්‌ථී අරන් බැලුවොත් මම මිලියන ගණනක් අස්‌ථි කොටස් පරීක්‍ෂා කරල ඇති.
සත්තුන්ගෙ මළකුණු අරගෙන බස්‌වල යනකොට මිනිස්‌සුන්ගෙන් විරෝධය ආවෙ නැද්ද?
විරෝධය නෙවෙයි කීප වතාවක්‌ම ගුටි කාලත් තියෙනවා. දවසක් කොත්මලේ පැත්තෙ යනකොට ඉත්තෑවෙක් පාරෙ වාහනයකට අහුවෙල මැරිල හිටියා. ඌව දැක්‌ක ගමන් මට රටක් රාඡ්ජයක් ලැබුණා වගේ. මමත් සුපුරුදු ලෙසට ඌව අර බෑග් එකට දාගත්තා. මම එදා බස් එකට නැග්ගේ රම්බොඩින්. තවලන්තැන්නෙදි බස්‌එක තේ බොන්න නැවත්තුවාම මමත් බෑග් එක බස් එකේ තියල තේ බොන්න ගියා. ගිහින් එනකොට බෑග් එක බරට නිලමැස්‌සො පිරිල. මිනිස්‌සු කෑ ගහනකොට මම දන්නේ නෑ වගේ බලන් හිටියා. ඒත් එක මනුස්‌සයෙක් මාව පෙන්නල කිව්වා ඔය බෑග් එක දැම්මේ මෙයා කියල. අර මිනිස්‌සු මටත් ගහල බෑග් එකත් බිමට දාලා මාවත් දාලා යන්න ගියා. මම මේ විස්‌තරේ ඒ ළඟ ගෙදර මනුස්‌සයකුට කිව්වා. එයා උගත් කෙනෙක්. ඒ මනුස්‌සයා ඇහුවා පුතා ඔයාට දැන් මොනවද කෙරෙන්න ඕන කියල. මට මේ සතාව වළදාන්න තැනක් තිබ්බොත් ඇති කිව්වා. පස්‌සෙ ඌව වළදාලා මාස දෙකකට පස්‌සේ ආයෙත් අස්‌ථි ටික ගොඩදාගෙන මම අරන් ආවා.
සත්ත්ව පුරාවිද්‍යාවේදී ඔබට ඉගෙන ගන්න අමාරුම කොටස වුණේ මොන ජීවී කාණ්‌ඩයද?
මත්ස්‍ය පුරාවිද්‍යාව ඉගෙන ගැනීම තමයි අසීරු වුණේ.
ඒකට හේතුව මොකක්‌ද?
ලෝකයේ දැනට ජීවත් වන ජීවින්ගෙන් වැඩි ජීවීන් සංඛ්‍යාවක් ජීවත් වෙන්නේ මුහුදේ.
ඉතින් ඒ ජීවීන්ගේ අස්‌ථි පරීක්‍ෂා කරන්න ඔබ අස්‌ථි සොයා ගත්තේ කොහොමද?
ඒ දවස්‌වල මම වැඩිපුරම ගැවසුනේ පිටකොටුවෙ මාළු කඩේ ළඟ. මාළුවන්ගෙ වැඩිපුරම අස්‌ථි තියෙන්නේ උන්ගේ හිසේ. ඒ නිසා මම හැමදාම මාළු ඔළු එකතු කරනවා. මුදලාලිල හිතන්නෙ නැති බැරිකමට කුණු මාළු ඔළු අරන් ගිහින් කනවා කියල. මම යනකොට අන්න අදත් මාළු ඔළුවා ඇවිත් කියල විහිලු කරනවා. සමහරු මට හොඳ මාළු කෑල්ලක් ගන්න කියල සල්ලිත් දෙන්න හදනවා. පරීක්‍ෂණ වලට මේ වැඩේ කරනවා කිව්වට කවුරුත් විශ්වාස කරන්නේ නෑ. මගේ මේ කැපවීම නිසා පී. බී. කරුණාරත්න මහත්තයත් අර කලින් දරපු මතය අතහැරල මට නිර්ලෝභීව මේ විෂය ඉගැන්නුවා. ඔහුගේ ව්‍යාපෘතිවලට මාවත් සම්බන්ධ කරගත්තා.
ශිරාන් දැරණියගල, පී.බී. කරුණාරත්න වගේ විද්වතුන් සත්ත්ව පුරාවිද්‍යාව ගැන අවබෝධයෙන් සිටියා නම් ඇයි දැන් මේ විෂය ගැන විද්වතුන් අඩු?
ශිරාන් දැරණියගල මහත්තයා 1980 පස්‌සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉවත් වුණා. පී. බී. කරුණාරත්න මහත්තයත් හදිස්‌සියේ මිය ගියා. ඊට පස්‌සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ හිටපු නිලධාරීන්ට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවෙ සත්ත්ව පුරාවිද්‍යාව ගැන අවබෝධයක් තිබුණේ නෑ. ඒකට ප්‍රධාන හේතුව පුරාවිද්‍යාව කලාවට සම්බන්ධ විෂයක් වීම. සත්ත්ව පුරාවිද්‍යාව සම්බන්ධ මූලික දැනීම මදි කමයි එයට හේතු වුණේ, මේ නිසා කෝට්‌ටේ පැවැති සත්ත්ව පුරාවිද්‍යා අංශයත් වහලා දැම්මා. ඒකෙ තිබුණෙ අස්‌ථි අවශේෂ අනුරාධපුරයෙ ගබඩාවකට ගෙන ගියා. කැළුම් මනමේන්ද මහත්තයත් ඊට පස්‌සේ දෙපාර්තමේන්තුවෙන් ඉවත් වුණා. මටත් විවිධ දුෂ්කර ප්‍රදේශවලට මාරුවීම් ලැබුණා.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ විෂය ගැන තැකීමක් නොකළා නම් කොහොමද ඔබ මේ විෂය ආරක්‍ෂා කරගෙන දිගටම එන්නේ?
මට කැණීම් අංශයෙ කැණීම් ශිල්පි තනතුරක් ලැබුණට පස්‌සේ කැණීම්වලින් හමුවන සත්aත්ව අස්‌ථි ආරක්‍ෂා කරගත්තා. මේවා එකතුකරන්න කියලා කවුරුවත් බල කරල කිව්වේ නෑ. දැරණියගල මහත්තයා ගියාට පස්‌සේ කැණීම්වලින් හමුවන සත්ත්ව අවශේෂ අතහැර දමන තත්ත්වයක් තිබුණෙ ඒවා අධ්‍යයනය කරන්න විද්වතුන් නැති නිසා. ඒ නිසා මම ඒවා එකතු කළා. ඒ කාලෙ අපි මේ විෂය ආරක්‍ෂා කරගන්න වින්ද දුක දන්න කෙනෙක් ඉන්නවා.
ඒ කවුද?
හිටපු ජනාධිපති ෙ-. ආර්. ජයවර්ධන මහත්තයාගෙ මුණුබුරා වන රුක්‍ෂාන් ජයවර්ධන.
ඔහු කොහොමද මේ කරුණ හා සම්බන්ධ වෙන්නේ?
රුක්‍ෂාන් මහත්තයා ඇමරිකාවේදී, මානව විද්‍යාව හදාරල එංගලන්තයෙ ඔක්‌ස්µර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධිය අරගෙන ලංකාවට ඇවිත් හිටියේ ලෝකයේ ප්‍රසිද්ධ පුරාවිද්‍යා කැණීම් විශේෂඥයකු වන රොබින් කන්හැම් මහතා එක්‌ක. ඒ, රොබින් මහත්තයාගෙ දර්ශනපති උපාධි නිබන්ධනයට සහාය වන්න. එයින් පස්‌සේ රුක්‍ෂාන් මහත්තයාට ඕන කමක් තිබුණා මේ රටේ සත්ත්ව පුරාවිද්‍යාවට සම්බන්ධ වෙන්න. ඒත් ඒ කාලේ හිටපු නිලධාරීන් මේ විෂයට දක්‌වපු කුඩම්මාගේ සැලකිල්ල නිසා එතුමට මේ රස්‌සාව එපා වෙලා යන්න ගියා. හැබැයි ඒ වෙනකොට මේ රටේ ජනාධිපතිව හිටියෙ රුක්‍ෂාන් මහත්තයාගේ සීයා. ඕනනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ උසස් තනතුරක් මවල හරි ඔහුට ඉන්න තිබුණා. නමුත් ඔහු එහෙම කළේ නෑ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ වනවිට ඔබෙන් ලැබෙන්නේ මොන වගේ දායකත්වයක්‌ද?
ප්‍රාග් මානව ජනාවාසවල සිදු කරන සෑම කැණීමකදීම මම සැලකිය යුතු වැඩකොටසක් කරනවා. විශේෂයෙන් ප්‍රාග් ඓතිහාසික කැණීම්වලදී බහුලව හමුවන්නේ ගල් ආයුධ සහ සත්ත්ව අවශේෂයි. ප්‍රාග් ඓතිහාසික කැණීමකදී එහි ඉතිහාසය ගොඩනැඟිය හැක්‌කේ එම කැණීම්වලින් හමුවන දත්ත පදනම් කරගෙනයි. ඒ සත්ත්ව අවශේෂ විශ්ලේෂණය කරන නිල නොලත් විශ්ලේෂකයා වන්නේ මම.
ඔබ කියන්නේ ඔබ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉවත් වුණ දවසක මේ වැඩේ කරන්න කවුරුත් නෑ කියලද?
දැන් තියෙන තත්ත්වය අනුව එහෙම තමයි පේන්නේ. අනික මේ වගේ සත්ත්ව විශ්ලේෂණ කටයුතු පිටරටකින් කරන්න ගියොත් විශාල මුදලක් වැය වෙනවා. ඒත් ඒ විද්වතුන්ට අපි කරන විදියට කරන්නත් බෑ.
ඇයි බැරි?
ඒකට හේතුව ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතාම පොහොසත් රටක්. ප්‍රාග් මානව ජනාවාස කාලෙ විශාල සත්ත්ව ගහනයක් ලංකාවෙ ඉඳල තියන බවට සාධක තියෙනවා.
මොනවාද ඒ සාධක?
පුරාවිද්‍යාඥයො විශ්වාස කරන විදියට ලංකාවෙ ප්‍රාග් ඓතිහාසික භූමි ප්‍රමාණය අක්‌කර අටක් පමණ වෙනවා. මගේ අත්දැකීම් අනුව එම ස්‌ථාන එකවර කැණීම් කළොත් ප්‍රාග් මානවයා කා දමා ඉතිරි කර ඇති සත්ත්ව අවශේෂ මෙටි්‍රක් ටොන් අටක් විතර එකතු කරගන්න පුළුවන්.
මේ විෂය සම්බන්ධ දෙපාර්තමේන්තුවෙන් ඔබව ඇගයීමකට ලක්‌වෙලා නැද්ද?
මොන පිස්‌සුද? කම්කරුවො මැයි පළමුවැනිදාට අද්දනවා වගේ මාවත් ඔය ප්‍රාග් ඓතිහාසික කැණීමක් කරන කැලෑවලට අද්දවනවා. එතැනින් එහාට මෙහෙම කෙනෙක් ඉන්නවද නැද්ද කියල එයාල දන්නෙත් නෑ.
ඔබ මේ විෂය කාටවත් උගන්වන්න අදහසක් නැද්ද?
ඇයි නැත්තෙ. මගේ ළඟ කුහක කම් නෑ. මම මේ විෂයෙන් සොයාගත්ත දත්ත පවා උණු උණුවෙම ශිෂ්‍යයාගේ සිට ආචාර්යවරයා දක්‌වා ලබා දෙනවා.
කවුරුහරි කෙනෙක් මේ විෂය සම්බන්ධව අභියෝගයක් එල්ල කළොත් බාරගන්නවද?
අපොයි ඔව්. හැබැයි ඒ මගේ ගුරුවරයා වන කැළුම් මනමේන්ද්‍ර මහත්තයා හැර. එතුමාගෙන් මම තාමත් ඉගෙන ගන්නවා.
පුරාවිද්‍යා ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගෙන් ඔබට පිළිගැනීමක් තියෙනවද?
ඔව්. ඓතිහාසික කැණීමකදී බොහෝ අයට මාව මතක් වෙනවා. ඒ නිසා මම, ඔවුන් අතර ජනප්‍රියයි. විශේෂයෙන් මගේ කන් ඇහෙන්නෙ නැති නිසා බොහොම ජනප්‍රියයි.
ඒ විද්වතුන් ඔබේ දැනුමෙන් සේවාවක් ලබා ගන්නවද?
මේ වන විට ලංකාවෙ පුරා විද්‍යාවෙන් හිනිපෙත්තට ගිය විද්වතුන් පස්‌හයදෙනෙක්‌ගෙ දර්ශන විශාරද (ඡයා) නිබන්ධනවලට සත්ත්ව පුරාවිද්‍යාවෙන් දායකත්වය ලබාදී තිබෙනවා. එතුමන්ලා මට ගරු කිරීමක් වශයෙන් ඒ නිබන්ධනවල මගෙ නම ඇතුළත් කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔස්‌ටේ්‍රලියාවෙ කැන්බරා ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඩැනියල් රෙජියර්, එංගලන්තයෙ ආචාර්ය රොබින් කන්හැම් වගේ විද්වතුන්ටත් මගෙ දායකත්වය ලබාදී තිබෙනවා. එයින් ආර්ථික වශයෙන් වගේම අධ්‍යාපනික වශයෙනුත් වටිනාකමක් ලැබුණා.
අන්තර් ජාතික වශයෙන් සත්ත්ව පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවලට අවස්‌ථාව ලැබී නැද්ද?
ඔස්‌ටේ්‍රලියාව කැන්බරා විශ්වවිද්‍යාලය 1960 සිට 2000 දක්‌වා සිදු කළ ඇබෝර්ජිනියස් මානව ජනාවාස සහ තායිලන්තයේ පුරාවිද්‍යා ස්‌ථානවලින් සොයාගත් සත්ත්ව අවශේෂ විශ්ලේෂණය කරන්න මට අවස්‌ථාව ලැබුණා.
මේ වගේ තැනකට එන්න ඔබ තුළ ඇති හැකියාවෙන් ප්‍රගුණ කළේ මොනවාද?
මගේ ආත්ම ශක්‌තිය. මගේ ශ්‍රව්‍යාබාධිත කම නිසාම මට ඕන වුණා මාව හැමෝටම අවශ්‍ය වන පුද්ගලයෙක් වෙන්න. ආත්ම ශක්‌තිය ප්‍රගුණ කරන්න ඒකත් එක හේතුවක්. ඒ වගේමයි මට එක අරමුණක ඉඳන් වැඩ කරන්න ඉගැන්නුවෙ පුංචි කාලේ මගේ ගුරුතුමිය වන ඇසිලින් ටීචර්. එතුමිය ඒ කාලෙන් පස්‌සේ මම තාම දැක්‌කේ නෑ. වසර 40 ක් තිස්‌සේ මම එතුමිය ගැන හොයනවා.
මේ ආව දුර ගමන අද ඔබ සිටින තැන ගැන සෑහීමකට පත්වෙනවද?
අතීතය ගැන මෙනෙහි කරල බැලුවාම ලොකු සතුටක් දැනෙනවා. මාත් මගේ ශ්‍රව්‍යාබාධිත තත්ත්වය නොතිබුණානම් මිනිසුන් එක්‌ක මිනිසුන්ගේ හැඟීම් එක්‌ක මීට වඩා හොඳට ගනුදෙනු කරන්න තිබුණා.
ඔබට එහෙම හිතිලා තියනවද?
ඔව් බොහෝ අවස්‌ථාවල. ටිකක් හිතන්න හොඳට ඇහුණු කන්දෙක මොනවත් ඇහෙන්නෙ නැති තත්ත්වයකට වැටුණාම මොකද වෙන්නේ. මට ඒ වේදනාව දැනුන වෙලාවල් වලදී කාටත් හොරෙන් මම අඬලා තියෙනවා.
කවදාහරි විදේශ රටකින් මේ ක්‍ෂේත්‍රයේ රැකියාවකට ආරාධනා ලැබුණොත් ඔබ ලංකාව අතහැර යනවද?
අද වුණත් ඔස්‌ටේ්‍රලියාව කැම්බරා නුවර ජාතික විශ්වවිද්‍යාලයේ රැකියාවකට යන්න මට අවස්‌ථාව තියෙනවා.
තිස්‌ස ගුණතිලක
http://www.divaina.com/2013/08/04/feature05.html

0 comments:
Post a Comment