Pages

Wednesday, September 11, 2013

ධම්මදීප සභාව නව ගමන් මඟක ආරම්භයයි - අරම ශ්‍රී ධම්මතිලක නාහිමි

"ධම්මදීප සභාවේ" ප්‍රථම සැසිය අද (10 දා) කොළඹ මාලිගාකන්ද පිරිවෙනේදී ප.ව. 2.30 ට ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන් හා දළදා මාලිගාවේ දියවඩන නිලමේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රමුඛ ෙත්‍රෙනිකායික මහනාහිමිවරු ප්‍රමුඛ මාලිගා චතුරශ්‍රය ආශ්‍රයෙන් ධම්මදීප සභාව නිර්මාණය කොට ඇත්තේ සංඝ සමාජයේ පමණක්‌ නොව සමස්‌ත සමාජයේම සුඛවිහරණය උදෙසාය. ධම්මදීප සභාවේ පරමාර්ථය වන්නේ සම්බුද්ධ ශාසනයේ චිරස්‌ථිතිය සඳහා කටයුතු කිරීමය.

ජාතික හා ආගමික වශයෙන් මතුවන පොදු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම, ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සමගිය තහවුරු කිරීම, සදාචාර සම්පන්න බෞද්ධ සමාජයක්‌ ඇතිකිරීම, බුද්ධ ශාසනයේ හා සිංහල ජාතියේ දියුණුවට අදාළ ජාතික හා අධ්‍යාපනික ප්‍රතිපත්ති සම්පාදනය, එමෙන්ම ජාතික හා ආගමික සුබසාධන කාර්යයන් සිදුකිරීම එහි ප්‍රධාන අපේක්‍ෂාවය.

කිසිදු ජන කොට්‌ඨාසයකට හෝ ආගමකට හිංසා නොකිරීම, ද්වේෂ සහගතව භික්‍ෂූන් හෝ බෞද්ධ ආයතන විවේචනය නොකිරීම, ස්‌වයං විනය හා ප්‍රතිපත්තිගරුකවීම, දේශපාලන පක්‍ෂ හා සංවිධාන සමඟ ගැටුම් ඇතිකර නොගැනීම, උත්තරීතර සභාවේ හා උපදේශක සභාවේ නිගමනයන්ට අනුගත වීම එහි දැක්‌වෙයි.

ෙත්‍රෙනිකායික ප්‍රතිබල සම්පන්න හිමිවරු ඇතුළත් වන පරිදි මල්වතු, අස්‌ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායයන්ට අමතරව අදාළ දිසාවලින් හිමිනමක්‌ මෙහි දිසා පාලන සභාවට පත්කර ගැනෙනු ඇත.

දිසා ලේකම්ගේ නියෝජිතයෙක්‌, බෞද්ධ සංවිධානවල සාමාජිකයෙක්‌ හෝ සාමාජිකයන්, දේවාලයක බස්‌නායක නිලමේවරයෙක්‌ හෝ භාරකාරයෙක්‌, නියෝජ්‍ය පොලිස්‌පතිගේ නියෝජිතයෙක්‌ හා තරුණ කොටස්‌ නියෝජනය වන සාමාජිකයෙක්‌ දිසා පාලක සභාවට අයත් වෙයි.
ෙත්‍රෙනිකායික මහනාහිමිවරුන් ප්‍රමුඛ දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දැල මහතා මේ සඳහා සුවිශාල මෙහෙවරක්‌ කිරීම ගැන අප ආඩම්බර විය යුතුය. මෙයට පෙරාතුව දියවඩන නිලමේවරු, මේ සත්කාර්යයට අත ගසා නැත. මාලිගාවට පමණක්‌ ස්‌වකීය දෘෂ්ටිය යොමුකළා විනා ඊට පරිබාහිර වශයෙන් දෘෂ්ටිය යොමු කළේ නැත. ඒ නියරෙන් පිට පැන නවතාවක්‌ ඇති කරන්නට දියවඩන නිලමේ පුරෝගාමීවීම අප අගය කළ යුතුය.

පටු පරමාර්ථ බැහැර කොට පුළුල් වූ පරමාර්ථ විෂය කරගැනීම මෙහි පරමාර්ථයයි. යහපත් අරමුණකින් හා ෙච්තනාවකින් උපලක්‍ෂිත "ධම්මදීප සභාව" මානවීය ගුණාංගවලින් විනිර්මුක්‌ත වී ජනතාව අපේක්‍ෂිත ඉසව්වක්‌ කරා යැම ප්‍රසාර්ථයයි. පන්ති පරතරයෙන්ද, උස්‌ පහත් බේදයකින් ද තොරව ගොඩනැගී ඇති "ධම්මදීප සභාව" මුළු මහත් සමාජයටම අතිශය ආශිර්වාදයකි. ගිහි පැවිදි දෙපාර්ශ්වයටම මෙම සභාවට එක්‌විය හැකිය.

http://www.divaina.com/2013/09/10/provin10.html

1 comments:

Anonymous said...

meekath sarwaagamika gathiyak peenawa wage. hondata kiyawala balanna