ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත්තේ ඉහළ ආර්ථික වර්ධනයට පහසුකම් සලසමින් ඉදිරියේදී අඩු පොලී අනුපාත ප්‍රතිපත්තියක් පවත්වා ගැනීමටය. අප කවුරුත් දන්නා පරිදි ප්‍රධාන වශයෙන් ම පොලී අනුපාත වර්ග දෙකක් තිබේ. එනම් තැන්පතු පොලී අනුපාත සහ ණය පොලී අනුපාත වශයෙනි. බැංකුවලින් ණය ගන්නා පුද්ගලයන් කැමති වන්නේ අඩු පොලී අනුපාතයකටය. එහෙත් තම මුදල්, බැංකුවල තැන්පත් කරන්නන් කැමැති වන්නේ වැඩි පොලී අනුපාතයකටය. ඒ නිසා මේ අඩු පොලී අනුපාත ප්‍රතිපත්තියට බැංකු ණයකරුවන් කැමැති වනු ඇතත්, බැංකු තැන්පත්කරුවන් අසතුටු වනු ඇත. ඊට හේතුව ඔවුන්ගේ තැන්පතු මුදලට ලැබෙන පොලී ආදායම අඩුවීම නිසාය. අඩු පොලී අනුපාත ප්‍රතිපත්තිය තුළ තැන්පත්කරුවන් මුහුණ දෙන ප්රශ්නය ගැන ද මහ බැංකුවේ අවධානය යොමු වී තිබේ. මේ අනුව ගිය වසරේ (2013) දෙසැම්බර් 27 වැනිදා පැවැති මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේදී ප්‍රධාන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කිහිපයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. මේ පසුබිම තුළ අපේක්ෂිත අඩු පොලී අනුපාත ප්‍රතිපත්තියේ බලපෑම් පිළිබඳව අපි සාකච්ඡා කරමු.
අඩු පොලී අනුපාත ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යැමට තුඩු දෙන ආර්ථික වාතාවරණ්ය ගැන මෙහිදී අපගේ අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය. මෙහි ප්‍රධාන සාධකයක් වන්නේ අඩු උද්ධමනයයි. උද්ධමනය යනු මිල මට්ටම් ඉහළ යන වේගයයි. ඒ නිසා මිල මට්ටම් ඉහළ යන වේගය හෙවත් උද්ධමනය පාලනය වී තිබීම සහ නිසි ලෙස කළමනාකරණය කරන ලද උද්ධමන අපේක්ෂාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස මැද සහ දිගු කාලයේදී පහළ වෙළෙඳපොළ පොලී අනුපාතික අපේක්ෂා කළ හැකි බව මහ බැංකුව ප්‍රකාශ කරයි.
ගිය වසරේ (2013) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 7.2 කින් වර්ධනය විය. මේ වසරේ (2014) දී ආර්ථික වර්ධනය සියයට 7.8 ක් දක්වා තවදුරටත් වේගවත් වනු ඇතැයි පුරෝකථනය කර ඇත. එසේම දිගු කලක් තිස්සේ තනි ඉලක්කමක (සියයට 10 ට අඩුවෙන්) පවතින උද්ධමනය තවදුරටත් මැදි තනි අංකයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශීය සහ විදේශීය යන දෙඅංශයෙන්ම සැපයුම හිතකර ලෙස වර්ධනය වීම සහ නිවැරැදි මුදල් කළමනාකරණය තුළින් වාර්ෂික ලCෂ්‍යමය උද්ධමනය සහ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය යන අගයන් දෙකම මේ වසර (2014) අග වන විට සියයට 6 කට වඩා අඩු අගයක පවතිනු ඇතැයි මහ බැංකුව පවසයි. පසුගියදා නිකුත් වූ 2014 ජනවාරි මස කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ අගය අනුව ඉකුත් දෙසැම්බර් මස පැවැති සියයට 4.7 ක උද්ධමනය ජනවාරි මාසයේදී සියයට 4.4 දක්වා තවදුරටත් අඩුවී ඇත. එසේම වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද ඉකුත් දෙසැම්බර් මස පැවැති සියයට 6.9 සිට 2014 ජනවාරි මාසයේදී සියයට 6.5 දක්වා අඩුවී තිබේ.
ඉදිරි කාලෙaයදී අඩු උද්ධමනයක් අපේක්ෂා කළත් උද්ධමනය ඉහළ යැමට තුඩු දෙන අවදානම් ද නැතුවා නොවේ. අපේක්ෂා කරන පරිදි බැංකු අංශයෙන් රාජ්‍ය අංශයට ලබාදෙන ණයවල නිසි අඩුවීමක් නොමැතිව, එම ණය ප්‍රමාණය නැවත වැඩිවීම සහ ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ මිල ගණන් ඉදිරියේදී ඉහළ යැමට ඇති හැකියාව මේ අවදානම් අතරින් ප්‍රධානය. කෙසේ වෙතත් ඉකුත් නොවැම්බර් මාසයේදී රාජ්‍ය සංස්ථා විසින් තවදුරටත් බැංකු අංශය වෙත සිය ණය පියවීමට ක්‍රියා කළේය. ඒ නිසා, 2013 නොවැම්බර් මාසයේදී බැංකුවලින් රාජ්‍ය සංස්ථා වෙත ලබා දුන් ණය ප්‍රමාණය රු. බිලියන 18.8 (රු. කෝටි 1880) කින් අඩු විය. එම මාසයේදී රජය ලබා ගත් ශුද්ධ ණය ප්‍රමාණයද අපේක්ෂා කළ පරිදිම රු. බිලියන 3.5 (රු. කෝටි 350 කින්) අඩු විය.
වෙළෙඳපොළ පොලී අනුපාත තීරණය කරනු ලබන මහ බැංකුවේ ප්‍රධාන ප්‍රතිපත්ති පොලී අනුපාත දෙක අලුතින් හඳුන්වනු ලබන්නේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය වශයෙනි. ඒ අනුව මේ පොලී අනුපාත අතර පරතරය හඳුන්වනු ලබන්නේ නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව වශයෙනි. ආර්ථිකයේ පැවැති ප්රවණතාවන් සැලකිල්ලට ගනිමින් මෙම නිත්‍ය පොලී අනුපාත කොරිඩෝව සංකෝචනය කිරීමට මහ බැංකුව තීරණය කළ අතර ඒ අනුව මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 කින් අඩු කරනු ලැබීය. මේ අනුව ඉකුත් ජනවාරි 02 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 6.5 ක් ද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 8 ක් ද විය. ඒ සමගම නිත්‍ය පොලී අනුපාත කොරිඩෝව පදනම් අංක 200 සිට පදනම් අංක 150 දක්වා අඩු විය. මෙම වෙනස්කම් සහ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී පොලී අනුපාතවල අපේක්ෂිත වෙනස මහ බැංකුව මෙසේ පෙන්වා දෙයි.
* නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව අඩුවීම නිසා බැංකු පොලී අන්තරය (බැංකුවල ණය පොලී අනුපාත සහ තැන්පතු පොලී අනුපාත අතර පරතරය) තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
* ණය පොලී අනුපාතික සැළකිය යුතු ලෙස අඩු වනු ඇතැයි අපේක්ෂා කරන නමුත් පහළ පොලී අන්තරය සහ අඩු උද්ධමනය හේතුවෙන් ඉතුරු කරන්නන්ට සැළකිය යුතු මූර්ත පොලියක් ඉපයීමට හැකිවනු ඇත.
* කෙටිකාලීන ණය දීම් සහ තැන්පතු පොලී අනුපාතික අගය අතර අන්තරය, 2015 වසර අග වන විට සියයට 2.5 ක් දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
* දිගුකාලීන පොළී අනුපාතික සඳහා අදාළ අන්තරය තවදුරටත් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
අඩු ණය පොලී අනුපාත ආයෝජකයන්ට සහ ණය ගැනුම්කරුවන්ට වාසිදායක නමුත් මුදල් තැන්පත්කරුවන්ට මෙය අවාසිදායක ලෙස බලපායි. පොලී ආදායම් මගින් ෙයෑපෙන විශාල පිරිසක් සිටින අතර ඔවුන් දැනටමත් අඩු වී ඇති තැන්පතු පොලී අනුපාත නිසා අසහනයට පත්ව ඇත. මේ තත්ත්වය ගැන තැන්පත්කරුවන් මැසිවිලි නඟමින් සිටිති. බැංකු විසින් තැන්පතු පොලී අනුපාත වහාම අඩු කළත් සිය ණය පොලී අනුපාත අඩු කරන්නේ මන්දගාමීවය. ඒ නිසා තුට්ටු දෙකේ පොලියක් තම තැන්පත්කරුවන්ට ගෙවා ණයකරුවන්ගෙන් ඉහළ පොලී ආදායමක් බැංකු විසින් තවමත් ලබමින් සිටිති. මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත අඩු කළ හැම විටකම පාහේ බැංකු විසින් ඊට ප්‍රතිචාර දක්වන්නේ මන්දගාමීවය. බැංකුවල මේ අහිතකර පිළිවෙත ගැන මහ බැංකුව විසින් අවධානය යොමු කොට නිසි ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ.
මේ අතර ලංකාවේ ඉතිරිකිරීම් හා ණය පොලී අනුපාත අතර අන්තරය (පරතරය) ද තවමත් බොහෝ කලාපීය ආර්ථිකයන්ට වඩා ඉහළ මට්ටමක පවතී. මෙය බැංකු ගනුදෙනුකරුවන්ට මෙන්ම ආර්ථිකය ද අහිතකර බලපෑම් ඇති කරන්නකි. රටක ආර්ථික සංවර්ධනය යනු සාමුහික ප්රයත්නයකි. එය රජයකට පමණක් තනිව කළ හැක්කක් නොවේ. ඒ සඳහා රජය, බැංකු ආයතන, පෞද්ගලික අංශය මෙන්ම මහජනතාව ද දායක විය යුතුව තිබේ. ඒ නිසා ලාභ ලබන අතරම රටේ ආර්ථික සංවර්ධනයට දායක වීමේ පුළුල් වගකීමක්ද බැංකුවලට තිබේ. ලාභ ලබන අතරම රටේ සංවර්ධනය විය යුතු ප්රමුඛ අංශවලට වැඩියෙන් ණය පහසුකම් සැලසීමටද බැංකු විසින් පියවර ගත යුතු වේ. රටේ ආර්ථික වර්ධනය සහ සංවර්ධනය වේගවත් වීම බැංකුවල දිගුකාලීන පැවැත්මටද හිතකර බව බැංකු විසින් අමතක නොකළ යුත්තකි. ඒ ගැන මෙන්ම තම ගනුදෙනුකරුවන්ගේ පහසුව ගැන පොදුවේ බැංකු විසින් මීට වඩා සිතිය යුතු බව අපේ හැඟීමයි.
පොලී ආදායම් මගින් යෑපෙන ඉතිරි කරන්නන්ට දැනට පවතින සහ අපේක්ෂිත අඩු පොලී අනුපාත තත්ත්වය අභියෝගාත්මක බව මහ බැංකුව විසින් ද හඳුනාගනු ලැබ තිබේ. ඒ නිසා දිගුකාලීනව ඉතුරු කරන්නන්ට වැඩි අවස්ථාවක් ලබාදීම සඳහා ඵලදායී සහ නව දිගුකාලීන විශ්‍රාම පාරිතෝෂිත යෝජනා ක්‍රම සංවර්ධනය කිරීමටත්, හඳුන්වාදීමටත් බැංකු, බැංකු නොවන මූල්‍යායතන සහ රක්ෂණ සමාගම් දිරිගැන්වීමට මහ බැංකුව තීරණය කර තිබේ. වාර්ෂික දීමනා, සේව්‍ය අනුග්‍රාහක විශ්‍රාම ප්රතිලාභ ඇතුළත් විශ්‍රාම ප්රතිලාභ, විශ්‍රාම සැලසුම් සහිත රක්ෂණ යෝජනා ක්‍රම සහ දිගුකාලීන සුපිරි ඉතුරුම් ගිණුම් වැනි යෝජනා ක්‍රම මගින් මේ අවශ්‍යතාව සපිරෙනු ඇති බවද මහ බැංකුව කියයි.
මහ බැංකු මුදල් මණ්ඩලයේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග
ආර්ථිකයේ පැවැති වර්ධන තත්ත්වයන් සහ අපේක්ෂාවන්ට අනුව 2013 දෙසැම්බර් මස 27 වැනි දින පැවැති මහ බැංකු මුදල් මණ්ඩල රැස්වීමේදී පහත දැක්වෙන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
1. වර්තමාන පොලී අනුපාත කොරිඩෝව වෙනුවට වහාම ක්‍රියාත්මක වන පරිදි නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව පිහිටුවීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. ඒ අනුව පහත වෙනස්කම් සිදු කර ඇත.
අ. වර්තමාන නිත්‍ය ප්‍රති මිලදී ගැනුම් පහසුකම නිත්‍ය තැන්පත් පහසුකම, (SDF) ලෙසද බැංකු පද්ධතියෙහි අතිරික්ත අරමුදල් දෛනික පදනම මත තැන්පත් කිරීම සඳහා වන අනුපාතිකය නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) ලෙස ද ප්‍රතිනාමකරණය කර ඇත.
ආ. වර්තමාන නිත්‍ය ප්‍රති විකුණුම් පහසුකම, නිත්‍ය ණය පහසුකම (SLF) ලෙසද බැංකු පද්ධතියට දෛනික පදනම මත අරමුදල් ලබාදීමේ අනුපාතිකය නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ලෙසද ප්‍රතිනාමකරණය කර ඇත.
ඇ. දේශය මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතා තත්ත්වය මත පදනම්ව විවට වෙළෙඳ කටයුතු ප්‍රති මිලදී ගැනුම් සහ ප්‍රති විකුණුම් වෙන්දේසි හරහා නොවෙනස්ව සිදුවනු ඇත.
2. මහ බැංකුව රටේ මුදල් අධිකාරිය වන බැවින් විවට වෙළෙඳපොළ සහභාගි වන්නන්ට සුරැකුම් සහිතව නිත්‍ය තැන්පතු පහසුකම් ලබාදීම අන්‍යවශ්‍ය බව මුදල් මණ්ඩලයෙහි මතයයි. ඒ අනුව, මහ බැංකුවේ රුපියල් ගනුදෙනු සඳහා වන ශුන්‍ය ණය අවදානම සලකා බලමින්, 2014 පෙබරවාරි පළමුවැනි දින සිට බල පැවැත්වෙන පරිදි නිත්‍ය තැන්පතු පහසුකම සුරැකුම් රහිතව සිදු කිරීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී. කෙසේ වෙතත් වර්තමානයේ පවතින පරිදි අනෙකුත් සියලුම විවට වෙළෙඳ ගනුදෙනු සුරැකුම් මත පදනම් වනු ඇත.
3. අන්තර් බැංකු මුදල් වෙළෙඳපොළෙහි විචලතාව සැලකිය යුතු ලෙස පහළ යාමක් මුදල් මණ්ඩලය ද නිරීක්ෂණය කළ බැවින් නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව සංකෝචනය කිරීම අවශ්‍ය වන බව එහි මතය විය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම් අනුපාතය පදනම් අංක 50කින් අඩු කිරීමට මහ බැංකුව තීරණය කළ අතර, එමගින් නිත්‍ය පොලී අනුපාතික කොරිඩෝව එතෙක් පැවැති පදනම් අංක 200 සිට පදනම් අංක 150 දක්වා සංකෝචනය විය. මෙම සංකෝචනය වීම තුළින් බැංකුව විසින් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට පිරිනමන පොලී අනුපාතිකවලට බලපෑමක් ඇති නොවෙමින් ක්‍රමයෙන් බැංකුවල පොලී අනුපාතික අන්තරය අඩුවීමට පහසුකම් සලසනු ඇත.
- මුදල් ප්‍රතිපත්ති විවරණය (2014 ජනවාරි)
ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/02/06/feature01.html

0 comments:
Post a Comment