Pages

Thursday, February 7, 2013

මහින්ද චින්තනයේ හලාල් සළකුණ 2 - විපක්ෂ නායක ප්‍රකාශයට රජය වෙනුවෙන් ප්‍රතිචාරය

පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා හලාල් සහතිකය සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලට අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා රජය වෙනුවෙන් කළ සම්පූර්ණ ප්‍රකාශය

එතුමාගේ ප්‍රකාශයේ පළවන ඡේදයේ මුස්ලිම් ආගමික ස්ථාන  10කට මෑතදී පහර දීම් කර ඇති බවට කර ඇති ප්‍රකාශය රජය තරයේ ප්‍රතික්ෂේප කරයි.  දිවයිනේ ස්ථාන කීපයක සිදු වී ඇති යම් විරෝධතාවන් පෑමේ සිද්ධීන් කීපයක් මුල් කොට  විකෘති කොට මුස්ලිම් ආගමික ස්ථානයන්ට පහරදීම් කර ඇති බව ප්‍රකාශ කිරීම  කරුණු විකෘති කොට දැක්වීමකි. එසේ පහර දී ඇත්තේ කුමන ස්ථානයේ පිහිටි මුස්ලිම් දේවස්ථානවලටද, පහර  දුන්නේ  යැයි කියන එම වකවානු මොනවාද ?  යන්න  මෙම  ගරු සභාවට ඉදිරිපත් කරන ලෙස මම විපක්ෂ නායකතුමන්ට අභියෝග කරමි.

මේ පිළිබදව පොලිස්පතිතුමාගෙන් ලබා ගන්නා ලද වාර්තාව අනුව  කිසිම ආගමික ස්ථානවලට පහර දීම හෝ වෙනත් ආගමික කණ්ඩායම්වලට පහර දීම වාර්තා වී නොමැති බව පැහැදිලිව පෙන්වා දී ඇත.

පොලිස්පතිතුමාගේ වාර්තාව අනුව වඳුරඹ, නවගමුව, අලුත්ගම, බදුල්ල, පයාගල, කුරුණෑගල   යන නගරවල හලාල් ආහාර  වර්ජනය කිරීමේ තේමාව හා වෙනත් කරුණු මුල් කොට ගෙන සුළු  සිද්ධීන් කිහිපයක්  වාර්තා වී ඇති අතර, එකී සිද්ධීන් පිළිබඳව  පොලිසිය වහාම ක්‍රියාත්මක වී මෙකී සිද්ධීන්ට වගකිවයුතු  පුද්ගලයින් අත්අඩංගුවට  ගෙන අධිකරණයේ නඩු පැවරීමත් සිද්ධීන් කීපයකදී පාර්ශවකරුවන් කැඳවා පොලීසිය විසින් අදාළ සිදධිය පිළිබඳව වාර්තා කර සමතයටකට පත් කිරීමත් සිදු කර ඇත. මෙවැනි සිද්ධීන් ඇති වූ විට ඉතා ඉවසිල්ලෙන් හා දූරදර්ශීව කටයුතු කොට ඒවා පැතිරී යාම වැළැක්වීමේ අදහසින් කටයුතු කළ යුතු අතර, එක්වරම දැඩි ක්‍රියාමාර්ග ගැනීම තුළින් ප්‍රතිවිරුද්ධ කොටස් අතර තවදුරටත් ගැටුම් නිර්මාණය වීමට ඉඩ ඇති බවද අවධාරණය කරනු කැමැත්තෙමි.  

පොලිසිය විසින් පහත සඳහන් නීතිමය ක්‍රියාමාර්ගයන් දැනටමත් ගෙන ඇති බව මෙම ගරු සභාවට වාර්තා කරනු කැමැත්තෙමි.

දිනය | ස්ථානය | සිදුවීම | ගත් පියවර


2012.06.24 | වදුරඹ | බොදුබල සේනා සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් ශ්‍රී  සුමේධ අසපුව අසල ධර්ම ප්‍රචාරක ආයතනයට අයුතු ඇතුළුවීම, අනර්ථය කිරීම සම්බන්ධව පැමිණිල්ල | අරුණ හරේන්ද්‍ර යන අයව අත්අඩංගුවට ගෙන බද්දේගම ම/උ  නඩු අංක 64107  යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.  නඩුව 2013.05.20  දිනට කල් තබා ඇත.

2012.06.24 | වදුරඹ | බුදුදහමට නිගාවන පරිදි ධර්ම දේශනා කළ ස්ථානයකට බොදු බල සේනා සංවිධානය විසින් පහරදීමක් පිළිබඳව පැමිණිල්ල. | ලක්ෂාන් දිලීප, සුදේශ් ප්‍රියමාන්, තිළිණ රුවන්, චමිත් ලක්ෂාන්, තුසිත  කුමාර යන අය අත්අඩංගුවට ගෙන බද්දේගම ම/උ  නඩු අංක 67108 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.  නීතිපති උපදෙස් සදහා  උදෘත නීතිපති තුමා වෙත යොමු කර ඇත.  නඩුව විභාග වෙමින් පවතී.

2012.07.02 | වදුරඹ | බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම. | බද්දේගම ම/උ නඩු අංක 64/253 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

2012.12.10 | නවගමුව | ශ්‍රී හිඟුල යෝගාශ්‍රමය, කඩුවෙල ස්ථානයට බොදු බල සේනා සංවිධානය පැමිණ කරදර කිරීමක් සම්බන්ධව පැමිණිල්ල. | ස්ථානාධිපති නවගමුව විසින් දෙපාර්ශවය ස්ථානයට කැඳවා විභාග කර සමථයට පත් කර ඇත.


දිනය
ස්ථානය
සිදුවීම
ගත් පියවර
2012.06.24වදුරඹබොදුබල සේනා සංවිධානයේ භික්‍ෂූන් වහන්සේලා පිරිසක් විසින් ශ්‍රී  සුමේධ අසපුව අසල ධර්ම ප්‍රචාරක ආයතනයට අයුතු ඇතුළුවීම, අනර්ථය කිරීම සම්බන්ධව පැමිණිල්ලඅරුණ හරේන්ද්‍ර යන අයව අත්අඩංගුවට ගෙන බද්දේගම ම/උ  නඩු අංක 64107  යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.  නඩුව 2013.05.20  දිනට කල් තබා ඇත.

2012.06.24

වදුරඹ

බුදුදහමට නිගාවන පරිදි ධර්ම දේශනා කළ ස්ථානයකට බොදු බල සේනා සංවිධානය විසින් පහරදීමක් පිළිබඳව පැමිණිල්ල.

ලක්ෂාන් දිලීප, සුදේශ් ප්‍රියමාන්, තිළිණ රුවන්, චමිත් ලක්ෂාන්, තුසිත  කුමාර යන අය අත්අඩංගුවට ගෙන බද්දේගම ම/උ  නඩු අංක 67108 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.  නීතිපති උපදෙස් සදහා  උදෘත නීතිපති තුමා වෙත යොමු කර ඇත.  නඩුව විභාග වෙමින් පවතී.

2012.07.02

වදුරඹ

බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම.

බද්දේගම ම/උ නඩු අංක 64/253 යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

2012.12.10

නවගමුව

ශ්‍රී හිඟුල යෝගාශ්‍රමය, කඩුවෙල ස්ථානයට බොදු බල සේනා සංවිධානය පැමිණ කරදර කිරීමක් සම්බන්ධව පැමිණිල්ල.

ස්ථානාධිපති නවගමුව විසින් දෙපාර්ශවය ස්ථානයට කැඳවා විභාග කර සමථයට පත් කර ඇත.



බෞද්ධ සංවිධාන සම්බන්ධව 2013 වර්ෂයේ ජනවාරි මස වාර්තා වී ඇති සිදුවීම් සහ ගෙන ඇති ක්‍රියාමාර්ග. 

දිනය | ස්ථානය | සිදුවීම | ගත් පියවර


2013.01.21 | අළුත්ගම | මොරගල්ල සිනමන් බේ හෝටලයේදී බුදු සසුනට අපහාස කිරීම සම්බන්ධව බොදුබල  සේනා සංවිධානයේ පැමිණිල්ල | දොන් සමන්ත කුමාර හා  සේනුඩීන් මොහොමඩ් පලීල්දීන් යන අය අත්අඩංගුවට ගෙන  බී. ආර්. 7798/13 යටතේ ගරු අධිකරණයට  ඉදිරිපත්  කර ඇත.  වැඩි දුරටත්  විභාග වෙමින් පවතී.

2013.01.20 | බදුල්ල | මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු විසින් බුදුන්වහන්සේගේ සිරස මුද්‍රණය කර ඇති අත්මේස්  සන්තකයේ තබා ගැනීම පිළිබදව පැමිණිල්ල | මොහොමඩ් නලීර්, අර්ලුන් අසීස් යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන, බදුල්ල ම/උ නඩු අංක 59099 යටතේ අධිකරණයට ඉදිරිපත් කර, ශරීර ඇප මත මුදාහැර ඇත.  නඩුව 2013.03.20  දිනට කල්තබා ඇත.

2013.01.26 | පයාගල | බෞද්ධ ආගමට අපහාස වන අයුරින් බොස්කෝ ළමා නිවාසයේ ඌරු ගොවිපළ අසල අවුකන බුද්ධ රූපයක් ප්‍රදර්ශනය කිරීම පිළිබදව පැමිණිල්ල | රෝලන් රාජු යන සැකකරුවන් සහ දේපළ අත්අඩංගුවට ගෙන කළුතර ම/උ බී.ආර්. 7806/13 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.  විභාග වෙමින් පවතී.


දිනය
ස්ථානය
සිදුවීම
ගත් පියවර
2013.01.21අළුත්ගමමොරගල්ල සිනමන් බේ හෝටලයේදී බුදු සසුනට අපහාස කිරීම සම්බන්ධව බොදුබල  සේනා සංවිධානයේ පැමිණිල්ලදොන් සමන්ත කුමාර හා  සේනුඩීන් මොහොමඩ් පලීල්දීන් යන අය අත්අඩංගුවට ගෙන  බී. ආර්. 7798/13 යටතේ ගරු අධිකරණයට  ඉදිරිපත්  කර ඇත.  වැඩි දුරටත්  විභාග වෙමින් පවතී.
2013.01.20බදුල්ලමුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු විසින් බුදුන්වහන්සේගේ සිරස මුද්‍රණය කර ඇති අත්මේස්  සන්තකයේ තබා ගැනීම පිළිබදව පැමිණිල්ලමොහොමඩ් නලීර්, අර්ලුන් අසීස් යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන, බදුල්ල ම/උ නඩු අංක 59099 යටතේ අධිකරණයට ඉදිරිපත් කර, ශරීර ඇප මත මුදාහැර ඇත.  නඩුව 2013.03.20  දිනට කල්තබා ඇත.
2013.01.26පයාගලබෞද්ධ ආගමට අපහාස වන අයුරින් බොස්කෝ ළමා නිවාසයේ ඌරු ගොවිපළ අසල අවුකන බුද්ධ රූපයක් ප්‍රදර්ශනය කිරීම පිළිබදව පැමිණිල්ලරෝලන් රාජු යන සැකකරුවන් සහ දේපළ අත්අඩංගුවට ගෙන කළුතර ම/උ බී.ආර්. 7806/13 යටතේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.  විභාග වෙමින් පවතී.

ගරු විපක්ෂ නායක විසින් ඊයේ දිනයේදී සභාගත කරන ලද ලිපියේ සඳහන්  2013.01.24 දින කරුණු පිළිබඳව  කුලියාපිටියේ සිදු වූ සිද්ධිය පිළිබඳව  පොලීසිය වාර්තා කර ඇත්තේ  උද්ඝෝෂණ ව්‍යාපාරයක්  එදින සිදු වූ බවත් මෙකී උද්ඝෝෂණ සංවිධානය කළ භික්ෂූන් වහන්සේලා හා අනෙකුත් ක්‍රියාකාරීන් පොලීසියට කැඳවා ඔවුන්ට දැඩි ලෙස අවවාද කළ බවත් මින් ඉදිරියට ජාතිවාදය ඇවිස්සෙන  උද්වේගකාරී අයුරින් කටයුතු නොකරන බවට ඔවුන් ක්‍රියා නොකරන බවට පොරොන්දු වූ බවත්ය.  මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදුවීම වැළැක්වීම සදහා  මෙය සංවිධානය කිරිමේ කටයුතු කළ ගිහි පැවිදි පුද්ගලයන් පිළිබදව බුද්ධි තොරතුරු සම්බන්ධ පසුබිම් වාර්තාවක් ලබා ගැනීමට වයඹ පළාතේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනට කටයුතු කරගෙන යනු ලැබේ.  මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණ අවසානයේදී උධෘත ගරු නීතිපති තුමා වෙත යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බව පොලිස්පතිවරයා වාර්තා කොට ඇත.

එම ලිපියේ සඳහන් කුරුණෑගල හා හිරියාල මැතිවරණ කොට්ඨාසයන්හි සිදු වී ඇතැයි කියනු ලබන සිද්ධීන්  2012 වසරේදී සිදු වූ සිද්ධීන් දෙකක්  විකෘති කොට හුවා දැක්වීමකි.  ආරියසිංහල වත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයක් නොවූ බවත්, පන්සල ඉදිරිපිට නිවසක් දේවස්ථානයක් බවට පරිවර්ථනය කිරිමට ගන්නා ලද උත්සාහයකට එරෙහිව ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කර ඇති බවත් ප්‍රෙද්ශයේ දේශපාලන නායකත්වයද  විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේද මැදිහත්වීමෙන්  මෙම තත්ත්වය සමනය කොට එම නිවස මුස්ලිම් දේවස්ථානයක් ලෙස කටයුතු කිරීම අත්හැරිය බවත් වාර්තා වී  තිබේ.

මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන් විසින් පොලිස්පතිවරයාට දෙන ලද උපදෙස් අනුව මෙවැනි සිද්ධීන් ඉදිරියේදී සිදුවීම වැලැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව මගින්  පහත සඳහන් පියවර ගෙන තිබේ.

1.      දිවයින පුරා සර්ව ආගමික කමිටු , පළාත් 09 ම ආවරණය වන ආකාරයෙන් බෞද්ධ , හින්දු , මුස්ලිම්, කතෝලික, ආගමික ප්‍රධානීන්ගේ  මූලිකත්වයෙන් පිහිටුවා ඇත.  මෙමගින්  දිවයින පුරා ප්‍රාදේශීය මට්ටමින් ආගමික සහජීවනය පිළිබදව මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු පොලිස් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ඉටු කරනු ලබයි.

2.      දිවයිනේ පොලිස් කොට්ඨාස 43ක්, ආවරණය වන පරිදි එක් පොලිස් දිස්ත්‍රික්කයකට අවම වශයෙන් එක් කමිටුවක් වන පරිදි සර්ව ආගමික කමිටු 104ක්  දිවයින පුරා පිහිටුවා ඇත.

3.       පොලිස් ස්ථාන මට්ටමින් ඉටු කරනු ලබන මහජන සම්බන්ධතා කටයුතුවලදී සියලු ආගමික නියෝජනය වන අයුරින් කටයුතු කිරිමත්, එමගින් මහජනයා වෙත ආගම් අතර සහජීවනයෙන් කටයුතු කිරීම පිළිබදව පණිවුඩය ලබාදීම සිදු කරනු ලබයි.

4.      ප්‍රසිද්ධ ආගමික උත්සවවලදී එකී සෑම ආගමක් සඳහාම එකම ආකාරයෙන් ප්‍රමුඛත්වයෙහිලා ගරු කරමින්, එකී ආගමික උත්සව කටයුතු දෙපාර්තමේන්තු මට්ටමින් දීප ව්‍යාප්තව සංවිධානය කිරීමත්, එකී විවිධ  ආගම්වල විවිධ උත්සව අවස්ථාවන් සදහා සහභාගීත්වය, දායකත්වය එක ලෙස දැක්වීමෙන් ආගමික සහජීවනය මහජනතාව වෙත පිළිබිඹු කිරීම.

5.      සෑම ආගමක්ම මුල්කර ගනිමින් පැන නැගෙන ගැටලු හා පැමිණිලි පිළිබදව ප්‍රමුඛත්වය ලබාදී ක්ෂණිකව ක්‍රියාකාරි වී ඉදිරියට පැන නැගීකමට ඉඩ ඇති සියලු ගැටලුකාරි තත්ත්වයන් පාලනය කර ගැනීමටත්,  නිරාකරණය කිරිමට  බුද්ධිමත්ව ක්‍රියා කරන ලෙසට සියළු ජ්‍යේෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රමුඛ සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව දැනුවත් කර තිබීම.

6.      ආගමික කරුණු මුල්කර ගනිමින් පැන නැගෙන උද්ඝෝෂණ , විරෝධතා රැස්වීම්වලදී බුද්ධිමත්ව කටයුතු  කරමින්, කිසිදු ආගමකට විශේෂ පක්ෂග්‍රාහිත්වයක් නොමැතිව සියලු ආගම් එකසේ ප්‍රමුඛ බව සලකා කටයුතු  කරන ලෙසට නිලධාරීන්ව දැනුවත් කර තිබීම.

7.      පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන්  බොදු බල සේනා සංවිධානයේ සභාපති භික්ෂුන්වහන්සේ ඇතුළු ක්‍රියාකාරි සාමාජිකයින් පොලිස් මූලස්ථානයට 2012.11.12 වන දින  කැඳවා දීප ව්‍යාප්තව සිදුවන බොදුබල සේනා  සංවිධානයේ ක්‍රියාකාරකම් සහ එමගින් ඇතිවිය හැකි අනිසි  ප්‍රතිවිපාක පිළිබදව පෙන්වා දී  ඒ සම්බන්ධව  සාකච්ඡා කර, සාමය පවත්වාගෙන යාම සහ ආගමික සහජීවනය පවත්වාගෙන යාම සඳහා සහය දෙන මෙන් ආයාචනා කරන ලදී.

මේ අනුව මෙම ප්‍රශ්නයේදී පොලීසිය ඉතාම සාධාරණව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කර ඇති බවත් ඔවුන්ගේ ස්ථානෝචිත ප්‍රවේශය  නිසා කිසිම අන්තවාදී  ක්‍රියාකරුවෙකුට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකි වූ බව ඉතා පැහැදිලිය.

සිංහල  ජනගහනය 1947  63%ක් වූ බවත් එය දැන් 75%ක් බවත් විපක්ෂ නායකතුමා කර ඇති ප්‍රකාශයත්  ඉතා වැදගත් වේ.  සිංහල ජනගහනය යම් ආකාරයකින් අඩු වන්නේ නම් ඒ පිළිබඳව පළමුව හඩ නගන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් එතුමා කර ඇති ප්‍රකාශය හුදෙක් දේශපාලන වාසි ලබා ගැනීම සදහා කරන ලද ප්‍රකාශයක් ලෙස සැලකිය හැකිය.  එය එසේ වන්නේ එතුමාගේ සමස්ථ ප්‍රකාශය තුළ ගැබ් වී ඇත්තේ රජය ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන බව හෝ ජාතිවාදීන්ට එරෙහිව කටයුතු කිරිමට පියවර නොගන්නේය යන මැසිවිල්ලයි.  එහෙත් මෙම රජය තරම් ආගමික හා ජාතික සමගිය ගොඩනැංවීම සදහා කටයුතු කළ රජයක් ඉතිහාසය තුළ බිහි වී නොමැත.  අතිගරු ජනාධිපතිතුමා නිදහස් දින රැස්වීමේදී ප්‍රකාශ කර සිටියේ මේ රටේ ජාතිභේද වාදයත් ආගම් භේද වාදයත් තුරන් කිරිමට තමන් කැපවී සිටින බවයි.  එය වචනයන්ට සීමා නොකොට මෙරට මුස්ලිම් ජනතාව කෙරෙහි සුවිශේෂි ඇල්මක් එතුමා එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ගෙන් මුස්ලිම් ජනතාව බේරාගත් බව අමතක නොකළ යුතුයි.

මාවිල්ආරු මෙහෙයුමෙන් දින 9ක් ඇතුළත මුත්තූර් හි ජීවත් වූ ජනතාව නැවත පදිංචි කරන ලදී.  මුස්ලිම් ආගමික ස්ථාන සංවර්ධනය සදහා ඉතිහාසයේ වාර්තාගත ආධාර ප්‍රමාණයක් ලබා දී ඇත.  වර්ෂ 21 කින් පසුව මුස්ලිම් මවුලවිවරුන් අරාබි භාෂාව සහ මුස්ලිම් ආගම ඉගැන්වීම සඳහා මුස්ලිම් පාසැල්වලට පත් කරන ලදී.  කාත්තන්කුඩි ප්‍රදේශයේ එල්ටීටිඊ සංවිධානය විසින් විනාශ කළ මුස්ලිම් දේවස්ථාන රජයේ වියදමින්  දැන් නවීකරණය කර මුස්ලිම් දේවස්ථානයක් ඉදිකරගෙන යන බව දැනුම් දෙන්නේ ඉතාම සතුටිනි.  තවද මුස්ලිම් බැතිමතුන්ගේ  අනිවාර්ය  හජ්ජි වන්දනාව සදහා අවශ්‍ය විදේශ විනිමය ලබා දෙනවා පමණක් නොව අවශ්‍ය පහසුකම් ද සලසලවා.

රජයේ ගුවන්විදුලිය මගින් දිනකට පස්වසරක් එම අසාන් කියවීමේ වරප්‍රසාදය අතිගරු ජනාධිපතිතුමාගේ අවසරය මත ලබා දීම මුස්ලිම් නොවන එකම රට ශ්‍රී ලංකාව බව බොහෝ දෙනෙකුට අමතක වී ඇත.

30 අවුරුදු කුරිරු යුද්ධය නිමාවට පත්කොට සාමය උදාකිරීමේ සංකේතයක් වශයෙන් බෞද්ධ  ක්‍රිස්තියානි  මුස්ලිම් , හින්දු දේවස්ථාන හතරක්  සතර ආගම් ඒ ඒ  බැතිමතුන් වෙනුවෙන් පන්සලක්, කෝවිලක්, ක්‍රිස්තියානි දේවස්ථානයක්, මුස්ලිම් දේවස්ථානයක් ගොඩනැංවීමට ගරු ජනාධිපතිතුමා විධිවිධාන යොදා ඇත.   මෙයින්, ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන්  ජෙරුසලමේ ප්‍රසිද්ධ අල් අක්ෂා මුස්ලිම්  දේවස්ථානයේ ආකෘතිය අනුව  රුපියල් මිලියන 87 ක විදයමින් නැගෙනහිර කාන්තන්කුඩි නගරයේ දැනට මුස්ලිම් දේවස්ථානයක් ගොඩනගමින් පවතින බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි.

මෙලෙස  මුස්ලිම් ජනතාවගේ හා ද්‍රවිඩ ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාවයට ගරු කරමින්  ඒවා රැක දෙමින් ඒවා ප්‍රවර්ධනය කිරිම සදහා අවශ්‍ය ආධාර උපකාර මෙන්ම ඒවාට පසුබිමක් අප රජය විසින් ඉටු කර  දී තිබේ.මෙම සිද්ධීන් ඇති වූ අවස්ථාවේ සිට අතිගරු ජනාධිපතිතුමා , ආරක්ෂක ලේකම් තුමා රජයේ මුස්ලිම් මැතිඇමතිවරුන් රජය ගිනි තැබීමට නොව සාමය හා සංහිඳියාව ඇති කිරිම සඳහා සිය පුර්ණ ශක්තිය යොදවමින් දිවා රෑ වෙහෙසෙමින් ක්‍රියා කිරීම ගැන මෙහි සදහන් කිරිම වටී.

හලාල් සහතික නිකුත් කිරිම පිළිබඳ ගරු විපක්ෂ නායක තුමා කළ ප්‍රකාකශය හා  සමස්ත ලංකා   ජම්මීය තුල් උලමා සංවිධානය පිළිබදව කර ඇති ප්‍රකාශයට රජය සිය කණගාටුව හා අප්‍රසාදය පළ කරයි.

සමස්ත ලංකා ජම්මීය තුල් උලමා සංවිධානය ශ්‍රී ලංකාවේ ඒකීය භාවය රැක  ගනිමින් විදේශීයන්ගේ බලපෑම්වලින් ඇතිවන අනිසි ප්‍රතිඵල ඉවත් කිරීම සඳහා දැවැන්ත මෙහෙවරක්  රට වෙනුවෙන්  පසුගිය  ජිනීවා සමුළුවේදී  කළ බව  කෘතඥපූර්වකව  සිහි කරවීමට  මා මෙය  අවස්ථාවක් කර ගනිමි.

මෙම සංවිධානය විපක්ෂයේ අතකොළුවක් නොවීම නිසාම  එම සංවිධානයට එරෙහිව මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන අප කණගාටු වෙමු. විවිධ නිෂ්පාදනයන් වෙනුවෙන් හලාල්  සහතික ජාත්‍යන්තර වශයෙන් ලබා ගැනීම ජාත්‍යන්තර වෙළඳාම සඳහා අවශ්‍ය අංගයක් ලෙස මුස්ලිම්  රටවල් මෙන්ම සමහර බටහිර රටවල්ද අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගයකි.  මෙම සහතිකය නිකුත් කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය  පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේය.  එම සංවිධානය මගින් එනම් වර්ල්ඩ් හලාල් ෆුඩ් කවුන්සිල් සිය නියෝජිතයින් ලෙස ලෝකයේ විවිධ රටවල සංවිධාන පිළිගෙන ඇත.  ශ්‍රී ලංකාවේ සමස්ථ ලංකා ජම්මීය තුල් උලමා සංවිධානය මෙලෙස පිළිගත් සංවිධානයකි.  මෙම සංවිධානය රජය විසින් හෝ රජයේ ආයතනයක් විසින් හෝ පිළිගෙන නොමැත.  එසේ පිළිගැනීමේ අවශ්‍යතාවක්ද පැන නොනගී.  මෙය හුදෙක් මුස්ලිම් ආගමික කර්තව්‍යයක් වේ.  හලාල් ආහාර හා නිෂ්පාදන මිල දී ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇත.  එය කිසිවෙකු වෙත බලෙන් පැටවීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කරමි.

තායිලන්තයේ හලාල් සහතික ආයතනය සහ සමස්ත ලංකා ජම්මීය තුල් උලමා සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක්ද (MOU)  අත්සන් කර ඇත.

විපක්ෂ නායකතුමා ඉස්ලාම් ආගමට නින්දා කරන වෙබ් අඩවි ගණනාවක් ඇතැයි චෝදනා කරයි.  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය බිහිවීමෙන් පසු එම රජය හා එම රජයට සම්බන්ධ පුද්ගලයින්ට මඩ ගැසීම සඳහා විපක්ෂ ක්‍රියාකාරීන්ගේ අනුදැනුම හා ආධාර ඇතිව වෙබ් අඩවි ගණනාවක් පවත්වාගෙන යාම අප දන්නා කාරණාවක්.  එහෙයින් මුස්ලිම් ආගමට නින්දා කරන වෙබ් අඩවි ඇතුළු වාර්ගික ඝට්ටන ඇති කිරීමේ අරමුණින් පවත්වාගෙන යන්නා වූ සියලු ආකාරයේ ප්‍රචාරක මාධ්‍යයන්ද අපහාසාත්මක ප්‍රචාරයන් ගෙන යනු ලබන  පෞද්ගලික වෙබ් අඩවි පිළිබඳවද රජය දැඩි ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇත.  එසේ වුවද වෙබ් අඩවි පවත්වාගෙන යාමේ නවීන තාක්ෂණය අනුව එක් වෙබ් අඩවියක් ඉවත් කරද තවත් නව වෙබ් අඩවියක් බිහි කිරීමට තාක්ෂණික හැකියාව ඇති හෙයින් මෙම ප්‍රශ්නය ඉතා සංකීර්ණ බව අප පිළිගත යුතුය.

රජය  නියෝජනය කරන මුස්ලිම් මැති ඇමතිවරුන් නිරතුරුව මෙකී ප්‍රශ්න පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරන අතර, සාකච්ඡා පැවැත්වූවා  පමණක් නොව කලහකාරි අන්තගාමින් ක්‍රියා කරන ක්‍රියාවන් වැළැක්වීම සදහා සිය උපරිම ශක්තිය සහ සහයෝගය ලබා දී ඇත.

මෙම  කාරණය පිළිබඳව වඩාත් පුළුල් ලෙස සාකච්ඡා කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා රජය විසින් පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාට පිළිගැනීමට නොහැකි බව විපක්ෂ නායකතුමා ප්‍රකාශ කිරීම තුළින් මෙම ප්‍රශ්නය විසඳීම සඳහා සහයෝගය ලබා නොදීමට එතුමා අදහස් කරන්නේ ද යන්න සැකයක් පහළ වී ඇත.  ත්‍රස්තවාදී අරගල ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරන එතුමාට ඇති එකම විකල්පය වන්නේ මෙවැනි කාරක සභාවක් තුළින් මෙම කාරණය පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කර විසඳුමක් ලබා ගැනීම සඳහා පුර්ණ සහයෝගයක් දීමෙන් බව අප අවධාරණය කර සිටිමු.

එසේම මෙම රජය උගත් පාඩම් හා සංහිඳියාව පිළිබඳව කොමිසම පත්කොට කිසිම පැකිලීමකින් තොරව එහි වාර්තාව ප්‍රසිද්ධියට පත් කොට එය ක්‍රියාත්මක කිරිම සඳහා ධනාත්මක ක්‍රියා රාශියක් දැනටමත් කර ඇත.  මෙය ක්‍රියාත්මක කිරීමේ වගකීම ජනාධිපති ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් යුතුව කමිටුවක් පත් කර තිබේ.  එහි යෝජනා පිළිබදව රජයේ ප්‍රතිචාර මවිසින් මීට පෙර ඉතා පැහැදිලිව ඉදිරිපත් කර තිබේ.

නීති විද්‍යාලයීය ප්‍රවේශ පරීක්ෂණය පිළිබදව යම් සැක මතු වී ඇතැයි එතුමා කර ඇති ප්‍රකාශය පිළිබඳව මීට පෙර එහි පසුබිම සවිස්තරව විස්තර කරමින් ගරු අධිකරණ ඇමති රවුෆ් හකීම් මැතිතුමා මෙම සභාවට කරුණු ඉදිරිපත් කර ඇත.

නීති විද්‍යාලයීය  ප්‍රවේශ විභාගය පිළිබඳව තීන්දු ගත හැකි නීත්‍යනුකූල ආයතනය වන්නේ අග්‍ර විනිශ්චයකාරතුමාගේ සභාපතිත්වයෙන් යුක්ත වූ නීති අධ්‍යයන කවුන්සලයයි.  එහි තීරණයන් කෙරෙහි බලපෑම් කිරීමට රජයට හෝ වෙනත් ආයතනයකට බලයක් නොමැත.  මෙම ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ සිට නීති අධ්‍යාපන කවුන්සලය අවස්ථා ගණනාවකදී රැස්වී නීති විද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කිරීමට අදාළ 2012 අගෝස්තු මාසයේ පැවති නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල පිළිබඳව සලකා බලන  ලදී.  මෙහිදි කවුන්සලය විභාග දෙපාර්තමේන්තු නිලධාරින් සමග සාකච්ඡා කරන ලදී.  ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවද අධීක්ෂණයට  ලක්කරන ලදි.  මෙම පරීක්ෂණයන්හිදි යම් අක්‍රමිකතාවයක් සිදු වී තිබේදැයි යන ප්‍රශ්නයේදී නීති අධ්‍යාපන කවුන්සලය විසින් මැදිහත් විය යුතු විශේෂ කරුණු අනාවරණය නොවු බව අප වෙත වාර්තා කර ඇත.  කෙසේ වෙතත් ඇතුළත් වීමේ ක්‍රමවේදය නැවත තක්සේරු කිරීමෙන් අනතුරුව නීති විද්‍යාලයට ප්‍රවේශ වීමේ කඩඉම් ලකුණු සීමාව 66 දක්වා අඩු කොට 2013 අධ්‍යයන වර්ෂය පළවන වර්ෂය සඳහා ශිෂ්‍යයන් 551 දෙනෙකු ඇතුළත් කර ගත යුතු යැයි තීරණය කරන ලදී.

වර්තමාන තත්ත්වය කටකතා නිසා වඩාත් උග්‍රවී ඇති බව විපක්ෂ නායකවරයා සිය ප්‍රකාශයේ ප්‍රකාශ කර සිටී.  සිය දේශපාලන අභිමතාර්ථයන් මුදුන්පත් කර ගැනීම සඳහා විවිධ කටකතා පැතිරවීමත් එක්සත් ජාතික පක්ෂයේ  නවතම ප්‍රචාරක ක්‍රියාමාර්ගය බව එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රචාරක සුගත් චන්ද්‍රසේකර මහතා මෑතදී කරන ලද ප්‍රකාශයත් මෙම කටයුත්ත සඳහා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ මගපෙන්වීම ලබා ගන්නා බවටත්, කරන ලද ප්‍රකාශය තුළ මෙකී කටකතා පතුරුවා හරින ලද්දේ කා විසින්ද යන්න පිළිබඳව ඉදිරියේදී යම් නිගමනයකට පැමිණීමට උපකාර වනු ඇතැයි රජය විශ්වාස කරයි. ජාතිවාදි හා ආගම්වාදී ගිනිදැල් අවුළුවා රජය අස්ථාවර කිරීමට වෙරදරණ විවිධ කණ්ඩායම් කටකතා පැතිරවීම ඒ සඳහා උපයෝගී කර ගන්නා බව විපක්ෂ නායකතුමාගේ ප්‍රකාශයෙන්ම පැහැදිලි වී ඇත.  එහෙයින් කටකතා පැතිරවීමේ ඇති භයානක තත්ත්වය තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයද ඒවායින් වැළකී මහත්මා දේශපාලන ක්‍රියාදාමයකට පරිවර්තනය වනු ඇතැයි අපි විශ්වාස කරමු.  විශේෂයෙන් ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් ඇවිලවීම සඳහාත්  මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය අපකීර්තියට පත් කිරීම සඳහා හා පෙරළා දැමීම සඳහා අසාර්ථක ප්‍රයත්නයන්හි යෙදෙන කුමන්ත්‍රණකරුවන් හා විරුද්ධවාදීන් විසින් අප රජයට විශාල ශක්තියක් හා සහයෝගයක් ලබා දෙන මුස්ලිම් ජනතාව අප රජයෙන් ඈත් කිරීම සඳහා සංවිධානාත්මක කුමන්ත්‍රණයක් මෙවැනි කටකතා පැතිරවීම තුළින් හා විවිධ මාධ්‍ය වාර්තා මගින් සිදු කරන බව ඒත්තු ගොස් තිබේ.  මෙය ජනතාව ඉතා පැහැදිලිව තේරුම් ගෙන ඇත.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිරතුරුව ආගමික නායකයින් හා දේශපාලන අධිකාරින් සමග සාකච්ඡා පවත්වමින් ඔවුන්ගේ උපදෙස් ලබා ගනිමින් ජාතික හා ආගමික සමගිය වර්ධනය කිරීම සඳහා කටයුතු කරනු ලබන අතර, කිසිදු ආකාරයකින් ජාතිවාදි හෝ ආගම්වාදී කලබල ඇතිවීම වැළැක්වීම සඳහා සිය පුර්ණ අවධානය හා අධීක්ෂණය  යොමු කොට ඇති අතර රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මේ පිළිබඳව සුපරීක්ෂාකාරිව අධීක්ෂණය කරන ලෙස දැඩි විමසිල්ලෙස් සිටින ලෙසට පොලිසියට හා දේශපාලන නායකත්වයට උපදෙස් දී ඇති බවත්, තිස් වසරක ත්‍රස්තවාදයෙන් බැට කා දිනා ගත් සාමය රැක ගැනීම අප රජයේ ප්‍රමුඛතාව  බවත් එහෙයින් කිසිදු ජාතිවාදි හෝ ආගම් වාදී ක්‍රියාවන් වර්ධනය කරන කිසිදු කටයුත්තකට අප රජයෙන් සහයෝගය  නොලැබෙන බවත් ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.

විශේෂයෙන් එතුමා  ඊයේ සවස් භාගයේද ශ්‍රී ලංකාවේ සියලු නිකායන් නියෝජනය කරන අතිගරු මහා සංඝරත්නය  ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ජාතික හා ආගමික සමගිය වර්ධනය කිරීම පිළිබඳවත් විවිධ අන්තගාමී කොටස් විසින්  ජාතික සමගිය හා ආගමික සමගිය විනාශ කිරීමට ගෙන යන කුමන්ත්‍රණකාරි  ක්‍රියාවන් පිළිබඳවත් ඒවායින් ශ්‍රී ලංකාව බේරා ගැනීම සඳහා ගත යුතු ඵලදායි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේලාගේ උපදෙස් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි බව මෙම ගරු සභාවට දන්වා සිටිමි.  එහෙයින් ඉදිරියේදී මෙම කාරණය පිළිබඳව පාර්ලිමේන්තුවේ පත් කරනු ලබන විශේෂ තේරීම් කාරක සභාවට පැමිණ එහිදි ජාතික හා ආගමික සංහිඳියාව ඇති කිරීම සඳහා ගත හැකි ඵලදායි ක්‍රියාමාර්ගයන් යෝජනා කිරීමට සිය පූර්ණ කැපවීම හා සහයෝගය ලබා දෙන මෙන්  සියල දේශපාලන පක්ෂවලින් හා  මන්ත්‍රිතුමන්ලාගෙන් ඉල්ලා සිටිමි.
- PR/news.lk
http://lankacnews.com/sinhala/news/89996/

[
සබැඳි ලිපි -
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
දඹුල්ලේ බොදු උරුමයේ ඇත්ත මොකක්ද?
http://denethharinna.blogspot.com/2012/05/blog-post_45.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම
http://denethharinna.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://denethharinna.blogspot.com/2012/09/blog-post_11.html
http://denethharinna.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන
http://denethharinna.blogspot.com/2012/09/blog-post_8.html
අන්තවාදයෙන් වැනසෙන බොදු උරුමය, අරාබි තෙල් සහ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය පිලිබඳ කාලීන විග්‍රහයක්...
http://denethharinna.blogspot.com/2012/10/blog-post_23.html
]

2 comments:

විමල් විරවංශ said...

ඇනිමල් සිරිපාලට නම් බොදුබල සේනාවෙන් ගෙනා විවාහ 5හෙ යෝජනාව හරියටම හරි.එක්තරා කාලයක මිනිහගේ අමාත්‍යාංශ කාමරයක් ඇතුලේදි මොකක්ද පින් අතේ වැඩක් කර කර ඉන්ඳැද්දි ඇනිමල්ගේ නිත්‍යානුකුල බිරිඳගේ අතටම මාට්‍ටු වි ගුටි කෑ බවට රාවයක් පැතිරුණා ,එය ඇත්තක්ද?

kosvitha said...

ඉස්ලාම් අාගම අන්තවාදීය.ඔවුන් අාගම වෙනුවෙන් මිනිසුන් මරයි,සතුන් මරයි. නමුත් බෞධ අප ඒතත්වයට පත්විය යුතු නැත.බුද්ධාගම අාරක්ෂා කිරීමට කඩු පොලු ගත් හමුදාවක් හෝ සිවුර කැහැපට ගසාගත් ස්වාමීන් වහන්සේලාවත් අවශ්‍ය නැත.අප නියම බෞධයින් ලෙසත්, බෞධ භික්ෂූන් වහන්සේලා ලෙසත් කටයුතු කරන්නේනම් බුද්ධාගම සුරක්ෂිත වන්නේය.