Pages

Tuesday, February 5, 2013

ශ්‍රී ලංකාවේ හිස ඔසවන ජිහාඩ්

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කොට තිබේ. 

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කර්යාලය යවන ලද කේබල් පණිවිඩයක් එළිදක්වමින් wikileaks.org වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල ජිහාඩ් නම් මුස්ලිම් අන්තගාමි සංවිධානයේ ඉහල වර්ධනයක් පවතින බව තහවුරුකර සිටියි. 

මෙම 03COLOMBO1810 නමැති කේබල් පණිවිඩය සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ස්වාධිනව සිදුකල බුද්ධි තොරතුරු රැස්කිරීම් සහ මොහොමඩ් ඉලියාස් මොහොමඩ් හුණු ( 723501008V ) නමැති පුද්ගලයා සිදුකරන ලද හෙළිකිරීම් පදනම් කරගෙන තිබේ.මෙම පුද්ගලයා කලක් නැගෙනහිර පළාතට අයත් මුස්ලිම් මන්ත්‍රීවරයකුගේ ආරක්ෂකයකු ලෙස කටයුතුකර තිබේ. 

එම කේබල් පණිවිඩයේ සිදුකරන හෙළිකිරීම් සාරාංශයක් ලෙස මෙසේ දැක්විය හැකිය.
.................................................................................. 

1. රජයේ හිටපු අමාත්‍ය වරයෙකුගේ පුතෙකුවන ඉල්යර්ස් හජ්ය් ඵලීල් හජ්යි නමැත්තා ව්‍යාජ ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් සැකසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් යොදා සකස් කරන මෙම හැදුනුම්පත් යොදාගනිමින් මුස්ලිම් අන්තවාදීන් දැනටමත් ඇමරිකාව වෙත ගොස් සිටින බවද සඳහන් කරයි.

තවද මෙම පුද්ගලයා පාකිස්ථානය,ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන බවත් හෙළිකර සිටියි.

 2.ඔහු හෙළිකරන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල ජිහාඩ් සංවිධානයට සම්බන්ධ අන්තගාමී මුස්ලිම් පිරිසක් සිටින බවත් මොවුන් නැගෙනහිර පළාතෙහි ඇති ජිහාඩ් පුහුණු කිරීම් වලටද සම්බන්ද බව පවසයි.තවදුරටත් තොරතුරු හෙළි කරමින් එම සංවිධානයට අයත් මොහොමඩ් අන්සාර් මින්සර් නමැති සරසවි සිසුවෙකු පිලිබඳ සඳහන් කර සිටියි.

(කෙසේ වෙතත් ගොසිප් 9 සිදුකළ සොයා බැලීමකදී එවැනි සිසුවෙකු සරසවිය තුල හදුනාගැනීමට නොහැකිවූ අතර ඇතැම්විට ඔහු මේ වනවිට උපාධිය අවසන් කොට සරසවියෙන් නික්ම ගොස් සිටිනවා වියහැකිය.) 

 3.මඩකලපුව ආශ්‍රිතව ජිහාඩ් සංවිධානයේ පුහුණු කඳවුරක් පවතින බවත් එය සඳහා ආධාර විදේශගත මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන බව සඳහන් කරන ඔහු, මේම කඳවුර තුල ඉරාක ජාතිකයන්ද සිටින බව දක්වයි. තවදුරතත් තොරතුරු හෙළිකරමින් ඔහු කියාසිටියේ මුස්ලිම් පොලිස් නිලධාරීන්,"මජීඩ්" නමැති පොලිස් ප්‍රධානියකු මෙන්ම අමාත්‍යය රාඋෆ් හකීම් ද මෙම කඳවුරට සහය දෙනබවයි.

(මිට පෙර LTTE සංවිධානය යුද්ධය පැවති සමයේ සාම්පුර් ප්‍රදේශයේ පිහිටි ජිහාඩ් කඳවුරක් සහ එහි සාමාජිකයන් සම්පුර්ණයෙන්ම විනාශ කලබව වාර්තාවේ) 

මෙයට අදාලව විකිලික්ස් වෙබ් අඩවියේ ඇති සම්පුර්ණ කේබල් පණිවිඩය බැලීම් සඳහා පිවිසෙන්න මෙතනින්.
http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810
සැ.යු. - මෙම කේබල් පණිවුඩයේ ඇති ඇතැම් කරුණු කාලින නොවේ. 
................................................................................... 

මිට පෙර අවස්ථා ගණනාවකදී ද කොළඹ, අලුත්ගමට නුදුරින් පිහිටි දර්ගා නගරය සහ මඩකලපුව කාත්තන්කුඩි නගරය ආශ්‍රිතව සිදුවන සැක කටයුතු සිදුවීම් ගණනාවක් අප වෙත වාර්තාවිය. ප්‍රදේශිය දේශපාලනඥයාන්ගේ බලපෑම් , මානව හිමිකම් සහ ආගමික නිදහසට මුවාවී සිදුකරන මෙම ක්‍රියාකාරකම් සහ ස්ථාන වැටලීමට නොහැකිව ආරක්ෂක අංශද අසරණව සිටියි.

කෙසේ වෙතත් පවතින රජය මෙම ගැටලුව මර්ධනය කිරීම සඳහා සාධනීය පියවර බොහොමයක් ගනිමින් සිටින බව වාර්තාවේ. එහි එක පියවරක් වශයෙන් නුදුරේදීම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බවත් , පළාත් ප්‍රමාණය 4-5 දක්වා අඩුකර එක් පළාතකට අයත් ජන පදනම පුළුල් කිරීමට අපේක්ෂා කරන බවත් වාර්තාවේ.මේ සඳහා වන සාකච්ඡා මේ දිනවල රජය තුල රහසිගතව සිදුවෙමින් පවතී. 

තව දුරටත් අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් යන ත‍්‍රස්ත සංවිධානවල සාමාජිකයන් සමඟ ශ‍්‍රී ලංකාවවෙ සබඳකම් පවත්වන්නන්ට දෙවසරක සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂයක දඩයක් පනවන නව නීති පෙබරවාරි මාසයේ සිට පැනවීමට රජය තීරණය කර ඇත.

මෙම සංවිධාන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරගත් යෝජනාවට එකඟත්වය පලකිරීමට රජය තීරණය කර තිබේ. මේ යටතේ අදාල සංවිධාන සමඟ සබඳකම් පවත්වන්නන් විසින් පවත්වාගෙන යන මුදල් අරමුදල්ද තහනම් කෙරෙනු ඇත. ශ‍්‍රී ලංකාවේ මෙවන් නීති පනවන්නේ මුල්වරටය. 

රටට ඇති අවධානම 

LTTE ත්‍රස්තවධය යනු භුමිය වෙනුවෙන් සටන් වදින ලද කණ්ඩායමකි. ඔවුන්ට භුමිය ලබාදී ඉන් නිදහස්විය හැකිය.එහෙත් ජිහාඩ් වැනි අන්තගමින් ගෙන් බේරීමට නම් අන් ආගමිකයන්ට දිවි පිදිමටම සිදුවේ. තවද මොවුන් හුදෙකලාව වර්ධනය වන්නක් නොවන අතර අන්තර්ජාතික වශයෙන් ඇති කණ්ඩායම මොවුන් පෝෂණය කිරීම් මත මර්ධනය කිරීම් LTTE ය මර්ධනයට වඩා අපහසුවනු ඇත. 

ජනතාව සතු යුතුකම 

යුද්ධය යනු එක පාර්ශවයකට අයිතිවාසිකම් දිනාගැනීම සඳහා වන අරගලයක් වුවද බොහෝ පාර්ශව සඳහා එය ඍජු සහ චක්‍ර ව්‍යාපාරික හෝ දේශපාලන අවස්ථාවකි. එම පාර්ශව මෙම ගැටුම සඳහා පහසුකම් සපයමින් එය පෝෂණය කිරීමට උත්සහදරයි. එ හේතුවෙන් එවැනි පාර්ශව හදුනාගෙන ඔවුන්ට බලපෑම් කිරීම සහ මෙම අන්තවාදීන්ට මුදල් සම්පාදන මාර්ග අවහිර කිරීම සහ වර්ජනය කිරීම සිදුකල යුතුය. 

මෙම කාර්යයෙදී මුස්ලිම් ප්‍රජාව මත විශේෂ වගකීමක් පවතියි. රටේ අභාග්‍යකට මෙය තවදුරටත් වර්ධනය වේනම් එය අහිංසක මුස්ලිම් සහෝදර ජනයා හටම මහත් පිඩාවක් වනු ඇත. එහිදී ඔවුන් වර්තමානයේ භුක්ති විදින නිදහසට සිමා පැනවෙනු ඇත. ඒ හේතුව මත මෙම ගැටලුව මර්ධනය කිරීමට ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව පෙරමුණ ගතයුතුය. එහිදී ආරක්ෂක අංශ වෙත මෙවැනි ක්‍රියාකාරකම් ගැන තොරතුරු සැපයීම අන්තවාදී අදහස් ප්‍රවර්ධනය සඳහා ක්‍රියාකරන දේශපාලන පක්ෂ වර්ජනය කිරීම ප්‍රමුකවේ. 

ජනතාව හැසිරිය යුතු ආකාරය

මුස්ලිම් ජනතාව සහ මුස්ලිම් අන්තවාදීන් යනු කණ්ඩායම් දෙකක් බව පැහැදිලිව අවබෝධ කරගතයුතු කරුණකි.ඒ හේතුවෙන් සාධාරණ පදනමක් නොමැතිව සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත ද්වේශය පතුරවමින් අදහස් ප්‍රකාශකිරීමෙන් වැලකි සිටිය යුතුය.කිසිවිටක ඔබ පලකරන ද්වේෂ සහගත අදහස් අසා කිසිම අන්තගාමියකු නිවැරදිවීමක් සිදුනොවේ. සිදුවනුයේ අහිංසක මුස්ලිම් ජනතාවද එතුලින් පිඩාවටපත්ව අන්තගමින් වෙත නැඹුරුවීම පමණක් සිදුවේ.

LTTE ත්‍රස්තවාදීන් බිහිකර පෝෂණයකර ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට ක්‍රියාකළ ඉන්දීය රෝ ඔත්තු සේවාව ,දැනටමත් මෙම ගැටලුව ජාතිවාදී ගැටලුවක් බවට පරිවර්ථනයකර රට ආරාජික කිරීමට ක්‍රියාකරමින් සිටින බව අප මතක තබාගතයුතුය. 

මේ අනුව ගැටලුව සම්බන්දයෙන් කරුණු මත පදනම්ව අදහස් දැක්වීම සහ ජනතාව දැනුවත් කිරීම කිසිසේත්ම වරදක් නොවේ.එහෙත් සැම දෙයටම සර්ව අගමිකත්වය සහ සහජීවනය ගැන කතා කරමින් ගැටලුව ගැන කතා නොකොට ඒ තුලින් සුචරිතවාදීන්වී සමාජය ඉදිරියේ ලකුණු දමාගැනීමට උත්සහ දරණ පිරිස්ද සිටින බවද සඳහන් කලයුතුය. 

Tuesday, January 22, 2013
http://www.gossip9.com/2013/01/blog-post_3697.html
[
සබැඳි ලිපි -
අල්කයිඩා, ජිහාඞ්, තලේබාන් උතුරු නැගෙනහිර ක්‍රියාත්මක බව ඇත්ත | ආණ්ඩුව පිළිගනී
http://denethharinna.blogspot.com/2013/01/blog-post_21.html
අල්කයිඩා ඇතුළු ත‍්‍රස්ත සංවිධාන 100ක් තහනම්
http://denethharinna.blogspot.com/2013/01/100.html
“වහාබි සලාෆි” අන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න – බොදු බල සේනා
http://denethharinna.blogspot.com/2013/01/blog-post_27.html
මෙරට ඉස්‌ලාම් මූලධර්මවාදය පැතිරවීම සඳහා කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් ගැන රජය වහා සොයා බැලිය යුතුයි
http://denethharinna.blogspot.com/2013/01/blog-post_5916.html
අල්කයිඩා, ජිහාඩ් යන තාලිබාන් ජාත්‍යන්තර ත්‍රස්‌ත කල්ලි උතුරු නැගෙනහිර හොල්මන් කරති
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7864.html
මන්නාරමේ මාධ්‍යවේදීන්ට ජිහාඩ් තර්ජන
http://denethharinna.blogspot.com/2013/01/blog-post_7325.html
]

1 comments:

මේකත් බලන්න said...

http://kottu.org/go/?id=222407&url=http://sbarrkum.blogspot.com/2013/02/saudi-preacher-tortures-5-yr-old.html