Pages

Tuesday, February 19, 2013

ශියා මූසළු ඉලක්කගත ඝාතන නිසා පාකිස්ථානය ඇවිලේ

බලූකිස්තාන ප‍්‍රදේශයේ ෂියා මුස්ලිම් ඝාතන වැලැක්වීමට දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස පාකිස්තාන රජයට දැඩි කෝපය හා විරෝධය එල්ලවී ඇත.

අන්තවාදී කණ්ඩායම් මර්ධනය වීමට රජය අපොහොසත් වීම නිසා ඔවුන් මේ ඝාතන වලට වගකිව යුතුයයි හසාරා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය කියා සිටියි. සිය මිනිසුන් ඝාතනයට වගකිව යුතු අය අත්අඩංගුවට ගැනීමට රජයට පැය 48 ක් දෙන බවත් ඉන් පසුව දැඩි උද්ඝෝෂණ ආරම්භ කරන බවත් හසාරා පක්ෂයේ උප සභාපති අසිස් හසාරා ඉරිදා ප‍්‍රකාශ කලේය.

හසාරා නගරය ආසන්නයේ වෙලඳසැලක පුපුරා ගිය බෝම්බයකින් 84 දෙනෙක් මියගොස් 200ක් පමණ තුවාල ලබා ඇත. සති පහක් තුල නගරයේ සිදුවූ දෙවන විශාලම ප‍්‍රහාරය වන මෙය නිසා ජාතික වශයෙන් උද්ඝේෂණ රැුසක් පැවැත්වුණි. රජය දැඩි ක‍්‍රියාමාර්ගයක් ගෙන ඝාතකයන් සොයා ලන්නා තුරු තම ආදරණීයයන්ගේ මලසිරුරු භූමදානය කිරීම ඥාතීන් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

ජනවාරි 10 වනදා ක්වෙටා හි ආරක්ෂක අංශ හා සිවිල් වැසියන් ඉලක්ක කල බෝම්බ ප‍්‍රහාරයකින් 130 දෙනෙක් මියගොස් ඇත. මිලියන 180 කට වැඩි ජනගහනයක් ඇති පාකිස්ථානයේ 20% ක් පමණ ෂියා මුස්ලිම්වරු වෙති. 2012 ආරම්භයේ සිට වෛද්‍යවරු, ඉංජිනේරුවන්, රජයේ ඉහල සේවකයන්, ගුරුවරුන්, දේශපාලකයන් මෙන්ම සාමාන්‍ය වැසියන් ද ඇතුලත් ෂියා මුස්ලිම්වරු සිය ගණනක් මෙවැනි ප‍්‍රහාර වලින් මියගොස් තිබේ.


ෂියා මුස්ලිම්වරුන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන පාකිස්තාන රජයට චෝදනා
February 19, 2013 at 11:31 am | lanka C news
http://lankacnews.com/sinhala/foreign-news/90632/

1 comments:

Anonymous said...

මේ දවස් වල මම නිවාඩු. - ඒ දෙවියෝ කියයි.