Pages

Tuesday, February 12, 2013

තුංගසිරිට සිරගත වෙන්න සිදුවුණේ ඔහුගේ කාමරයේ බුද්ධ රූපයක්, වෙසක් කාඞ්, තෙල් සහ පිරිත් නූල් තබාගෙන සිටි නිසයි...

‘තුංගසිරි එහේ බන්ධනාගාරයේ සිට මට කතා කරලා තමන්ට සිද්ධ වූ දේ ගැන කියපු හඬ පටය මා ගාව තිබෙනවා. ඔහුගේ අම්මා ශ‍්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කළෙත් බුදුන් වැන්දා කියා තමන්ගේ පුතාව සිරගත කළ බව දක්වමිනුයි…’ යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

රියදුරකු වශයෙන් සෞදි අරාබියේ සේවය කළ තුංගසිරි පෙරේරා යන අය නො හැඳුනන කාන්තාවක් හමුවීම සහ යන්ත‍්‍ර මන්ත‍්‍ර හදි හූනියම් (බ්ලැක් මැජික්) සිදු කළේ යැයි වරදකරු වී වසරක සිරදඬුවමක් සහ කස පහර සියයක් ලැබීමට වරදකරු වීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දී ඔහු එසේ කීවේය. රන්ජන් රාමනායක මහතා තුංගසිරි සම්බන්ධ සිදුවීම මුලින් ම හෙළි කළ අයෙකි.

‘‘මේ ගැන කියන්න මම මුලින් ම ඩිලාන් පෙරේරා ඇමතිතුමා හමුවුණු වෙලාවේ ඇමතිතුමා කිවුවේ බයිබලයක් ළඟ තබාගත්තා කියා සිරගත කළ අයෙකුත් සිටින බව මැල්කම් කාදිනල් හිමිපාණන් කිව්ව බවයි. ඒ අනුව සෞදියේ දී වෙනත් කිසි ම ආගමක් අදහන්න බැරි බව පැහැදිලි වෙනවා. මේ නීතිය ගැන දැන ගෙන කටයුතු කරන්න මෙහෙන් යන අයට සිද්ධ වෙනවා. එහෙත් මේ අය කළේ කුමක් ද කියලා ඒ රටට පෙන්වලා දීමේ යුතුකමක් අපේ බලධාරීන්ට තිබෙනවා. ඒවා නො කළා ම මේ අහිංසකයන්ට දඬුවම් ලබන්න වෙනවා…

සෞදි අරාබියේ නීතිය සම්බන්ධයෙන් මේ ලෝකෙ කිසි රටකට විශ්වාසයක් නෑ. ඔවුන් තමන්ට කැමැති පරිදි චෝදනා එල්ල කරලා ඒවාට දඬුවම් කරනවා. තුංගසිරිට සිරගත වෙන්න සිදුවුණේ ඔහුගේ කාමරයේ බුද්ධ රූපයක්, වෙසක් කාඞ්, තෙල් සහ පිරිත් නූල් තබාගෙන සිටි නිසයි. ඔවුන්ගේ නීතියේ හැටියට මේවා යන්ත‍්‍ර මන්ත‍්‍ර, හදි හූනියම් වැඩ සඳහා යොදා ගන්නා දේවල් බ්ලැක් මැජික් කියා පවසන්නේ ඒකයි.’’ යැයිද රාමනායක මහතා වැඩිදුරටත් පැවැසීය.


අරාබි නීතිය ලෝකෙ කිසි රටකට විශ්වාසයක් නෑ
February 12, 2013 at 2:32 pm | lanka C news
http://lankacnews.com/sinhala/news/90284/

2 comments:

විදුර said...

ඔව් සවුදි කාරයෝ උන්ගෙ වැරැද්ද වහගන්න දැන් බොරු 1ට 1000ක් ගොතයි. ‍කොහොමත් ඉස්ලාමයේ තියෙන්නෙම බොරුවනේ.

තුංගසිරි ඇප නූල් ජප කරත් ඔය ඉස්ලාමයේ ඕවා තහනම් නම් මෙහෙ ඉන්න මුස්ලිම් බයියොටික කොහොමද ඉන්නෙ පංසල් පල්ලි දේවාල එක්ක අනේ ඉන්න බැරි උන් අරාබියටම පලයල්ලාකෝ.

Nishan de siva said...

ඒක නම් මහා අසාධාරණ ක්‍රියාවක් තමයි.අපේ උන්ව සෞදියට යවන එක නතරකරන්න බැරි කොන්ද පන නැති නායකයෝ එල්ලන්න ඕන.මේ වගේ දෙයක් ඉන්දියාවේ වුනා නම් සමහරවිට එහෙන් සෞදියට ශ්‍රමිකයින් යාන එක නතර කරයි.