Pages

Tuesday, February 19, 2013

මවුබස – ආගම – ඉතිහාසය ජාත්‍යන්තර පාසල්වලටත්

මෙරට ජාත්‍යන්තර පාසල්වල මවු භාෂාව, ආගම, ඉතිහාසය, උගන්වන්නේ නැති නිසා එම පාසල්වල ඒවා ඉගැන්වීම සඳහා නීති සම්පාදනය කරන ලෙසත් රටට ගැලපෙන සහ අනාගත රැකියා අවස්ථා සඳහා සුදුස්සන් නිර්මාණය කළ හැකි සේ නව අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කරන ලෙසත් අධ්‍යාපන ඇමැතිවරයාට නිලධාරීන්ටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝදන රැස්වීමේ දී ජනාධිපති රාජපක්ෂ මහතා එසේ උපදෙස් දුන්නේ ය.

දැරුවන් සිටින්නේ ගුරුවරුන් වෙනුවෙන් නොව ගුරුවරුන් සිටින්නේ දරුවන් වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම රජයේ අරමුණ බවත් එම ක‍්‍රියාවලිය සඳහා විදුහල්පතිවරුන් ගුරුවරුන් කැප වී කටයුතු කළ යුතු බව ද පැවැසීය.

දැයේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් ඉතිහාසයේ කිසිදු රජයක් නො කළ වැඩකොටසක් මේ රජය කර ඇති බවත් එහි නිසි ප‍්‍රතිලාභ දරුවන්ට ලබාදීම සඳහා සියලූ දෙනා ම වගකීමෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති රාජපක්ෂ මහතා කීය.

February 19, 2013 at 11:53 am | lanka C news
http://lankacnews.com/sinhala/news/90644/

1 comments:

vicharaka said...

මේවට තමයි රාජ්‍ය මට්ටමේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් (psychological Operations) කියන්නේ. විස්තර මම මගේ බ්ලොග් එකේ දාලා තියනවා. මෙතනින් බලන්න

අසමි දකිමි සොයමි ලියන විචාරක