Pages

Friday, February 15, 2013

මංගල බෞද්ධයන්ගෙන් සමාව නොගත්තතොත් දැඩි ක‍්‍රියාමාර්ග - ජාතික හෙළ උරුමය

බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ සන්නිවේදන අංශයේ ප‍්‍රධානි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මංගල සමරවීර මහතා මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශය තම බලවත් විරෝධය හා පිළිකුල ප‍්‍රකාශ කරන බව ජාතික හෙළ උරුමය පවසයි. එම පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පවසන්නේ අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා වහාම බෞද්ධ ජනතාවගෙන් සමාව ගත යුතු බවත් එසේ නොවුවහොත් ඒ සම්බන්ධයෙන් දැඩි කි‍්‍රයාමාර්ගයක් ගැනීමට සිදුවන බවත්ය.

වර්ණසිංහ මහතා වැඩි දුරටත් මෙසේද කියා සිටී.

‘‘බොදු බලූ සේනා නමින් බොදු බල සේනා සංවිධානයට ඇමතීම එජාපය හා එහි නායකත්වය අනුමත කරන්නේද? එය එම පක්‍ෂයේ නිල ස්ථාවරයද යන කාරණය රටේ ජනතාව දැනගත යුතුයි. විපක්‍ෂ නායකවරයා මෙම බොදු බල සේනා සංවිධානය පාර්ලිමේන්තුවට කැඳවා පසුගියදා විශේෂ සාකච්ඡවක්ද සංවිධානය කරනු ලැබුවා. එම සාකච්ඡවට එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් මෙන්ම, මුස්ලිම් නියෝජිතයින්ද සහභාගි වුණා.

එසේ තිබියදී මංගල සමරවීර මන්තී‍්‍රවරයා ඊයේ බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශය පක්‍ෂයේ නිල ප‍්‍රකාශය දැයි දැන ගන්නට කැමතියි.

පෞද්ගලික මත හෝ ස්ථාවර පක්‍ෂයේ කිසිවෙකු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ නොකළ යුතු බවත්, එසේ කරනු ලබන අයට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බවත් එම පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා පැහැදිලිව ප‍්‍රකාශ කළ සිටියා. ඒ නිසා මංගල සමරවීර මහතාගේ ප‍්‍රකාශය පක්‍ෂයේ නිල මතය නොවන්නේ නම්, විනය කඩ කර ඇති ඔහු සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන්නේ දැයි දැන ගැනීමට කැමතියි.

ඒ නිසා බොදු බල සේනා සංවිධානයටත්, භික්‍ෂූන් වහන්සේලාටත්, සමස්ථ බෞද්ධ ජනතාවටත් නින්දාසහගත ලෙස මංගල සමරවීර මන්තී‍්‍රවරයා සිදු කළ අපහාසාත්මක ප‍්‍රකාශය සම්බන්ධයෙන් එජාප නායකයා වහාම ප‍්‍රකාශයක් කළ යුතුයි.

එසේම, මංගල සමරවීර මන්තී‍්‍රවරයා බෞද්ධ ජනතාවටත්, භික්‍ෂූන් වහන්සේලාටත්, බෞද්ධ සංවිධානවලටත් එරෙහිව සිදු කරන ලද අපහාසය සහ නිග‍්‍රහය පිළිබඳව බෞද්ධ ජනතාව ඉදිරියේ වහාම සමාව ගත යුතුයි. එසේ නොවුනහොත්, මංගල සමරවීර මහතාගේ කි‍්‍රයා කලාපයට එරෙහිව බෞද්ධ ජනතාව නැඟී සිටීම වැළැක්විය නොහැකියි. සමරවීර මහතා සිදු කළ ප‍්‍රකාශයට එරෙහිව සමස්ථ බෞද්ධ ජනතාව පෙළ ගැස්වීමටත් කටයුතු කරන බවද අප ප‍්‍රකාශ කර සිටිනවා.’’

February 15, 2013 at 12:59 pm | lanka C news
මංගල බෞද්ධයන්ගෙන් සමාව නොගත්තතොත් දැඩි ක‍්‍රියාමාර්ග
http://lankacnews.com/sinhala/main-news/90471/

2 comments:

ප්‍රතිවාදියා said...

මංගල කියන්නේ චන්ද්‍රිකාගේ ප්‍රභල සාමාජිකයෙක්. මේ පුද්ගලයට ජාතියක් නෑ. ඒ විතරක් නෙවෙයි තමන් ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලවත් මේ පුද්ගලය දන්න බවක් පෙනෙන්න නෑ. මේයා X කන්ඩායම කියන කුනුහරප කල්ලියෙත් සාමාජිකයෙක්.මෙහෙම අය සිංහල ජාතික බලවේග වලට විරුද්ධ වීම පුදුමයට කාරණයකුත් නෙවෙයි.

Anonymous said...

පිංගල සරමෙ රීව.
සමලිංගික සරමෙ රීව.
ගේ මංගල සරමෙ රීව ගේ.