Pages

Friday, January 31, 2014

ආර්ථික ‍යුද්ධයෙන් මෙන්ම අවි යුද්ධයෙන්ද චීනය ඇමෙරිකාව අභිබවා යයි??? ඇමරිකා ආධිපත්‍ය අවදානමේ???

චීනය විසින් ශබ්දයේ වේගයට අධික වේගයකින් අවි හිසක් ඉලක්කය වෙත ගෙන යා හැකි ග්ලයිඞ් රථයක් අත්හදා බැලීම සමග සිය අවි තාක්ෂණික ආධිපත්‍යය බිඳ වැටීමේ අවදානමක් පවතින බවට ඇමරිකාවේ කනස්සල්ල පළවී ඇතැයි වාර්තා වේ. අත්පත්කරගැනීම්, තාක්ෂණය සහ සංවිධානය පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ෆ‍්‍රෑන්ක් කෙන්ඩාල් පවසා ඇත්තේ පෙන්ටගනයේ වියදම් කප්පාදුව ඇමරිකානු මිලිටරි ආධිපත්‍යයට සෘණාත්මක ලෙස බලපාමින් ඇති බවයි. කොංග‍්‍රස් මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුව ඉදිරියේ අදහස් දක්වමින්...

වව්නියාවෙන් හමුවූ කාසි මුට්ටිය දඹදෙනි යුගයට අයත්. අසලින් සඳකඩ පහණක සහ ගල්කණු වල නටඹුන්! අතීත හෙළ බිම එකම පාලනයක් බවට සනාථයි!

මාර්ගවල කානු පිළිසකර කළ සේවකයන් පිරිසක් විසින් වව්නියාවේ මරක්කරම්පලෙයි ප‍්‍රදේශයේදී සොයාගත් ඉපැරණි කාසි තොගය පොලොන්නරුව හෝ දඹදෙණි යුගයට අයත් මසුරන් (මස්ස)  බවට සාක්ෂි දරන බව උතුරු පළාත් සභාවේ පුරාවිද්‍ය නිලධාරී පී. ජී. වික‍්‍රමසිංහ මහතා පවසයි. මෙම සේවකයන් පිරිසට කාසි පිරවූ කලයක් පසුගියදා හමුවී ඇති අතර එහි කාසි 120ක් පමණ තිබී ඇත. මීට වසර ගණනාවකට පෙර මෙම කාසි තොගය වළදමා  ඇති බවත් එම ස්ථානයට නුදුරින් සදකඩ පහණක හා ගල්කණු කීපයක නටබුන් හමුවු...

අද බොහෝ විදෙස් පිරිස් ‍ බුදු දහම වැළදගමින් සිටිනවා. සමාජය වෙනුවෙන් දිවි කැපකරන සමස්ත භික්ෂු සමාජයටම හිස නමා ආචාර කළ යුතුයි - ග්‍රේරු

තම ආධ්‍යාත්මික විමුක්තිය ගැන විතරක් නොසිතා තම මහණ ජීවිතය සාසනික හා සමාජ මෙහෙවර උදෙසා කැපකරන සමස්ත භික්ෂු සමාජයටම සිරස නමා ආචාර කළ යුතු යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කර සිටී. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ බස්නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක ධූරයට පත් පූජනීය අතුරුලියේ ආනන්ද නාහිමි පාණන් වහන්සේට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝස්සවයට සහභාගී වෙමිනි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර...

රස ගුණ පිරි වස

ආහාර රසකරනය ලංකාවේ ජනතාවට නුහුරු දෙයක්‌ නොවේ. තුනපහේ නොහොත් ලුණු ඇඹුල් හා පස්‌කුලු බඩු යොදා ගනිමින් කළ මේ රසකරනය නිසා ආහාරයේ සුවඳ මෙන්ම ගුණය ද ආරක්‌ෂා විය. වැඩි වර්ධනය විය. එසේම ජීර්ණයට පහසු කරවිය. රුචිකත්වය ඇති කිරීමට ද විස නැසීමට ද ප්‍රධාන වූ කහ මේ කුලු බඩු අතරින් අග්‍රස්‌ථානය ගනී. වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ ආහාරයට කරන ලද මේ සාත්තුව නිසා සිංහලයන්ගේ නිරෝගීකම මැනවින් ආරක්‌ෂා වීය. මෙයට පදනම් වූයේ ආයුවේද ශස්‌ත්‍රයයි. නමුත් යටත් විජිතකරණයෙන් පසුව ලංකාවට...

මහ බැංකු කොටි ප්‍රහාරයට අදට වසර 18 යි

අනූහය දෙනකු මරුමුවට පත්කරමින් 200 කට අධික පිරිසකට තුවාල සිදු කළ කොළඹ කොටුව මහ බැංකු මූලස්‌ථානයට කොටි බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වී අදට (31දාට) වසර 18 ක්‌ සපිරේ. 1996 ජනවාරි 31 දා රාජු නැමැති කොටි ත්‍රස්‌තවාදියා පුපුරණ ද්‍රව්‍ය කිලෝ 200 ක්‌ අඩංගු ලොරියක්‌ මහ බැංකුවේ හැප්පීමෙන් විශාල විනාශයක්‌ සිදුවිණි. මේ ප්‍රහාරය ප්‍රභාකරන් මෙහෙයවූ බව සනාථ වූයේ කොටුවේදී අත්අඩංගුවට ගත් රඝූ නමැති ත්‍රස්‌තයාට ප්‍රභාකරන් තෑගි දුන් සමරු ඵලකයේ ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ තිබීමෙනි. ත්‍රස්‌ත...

ඡන්දය හිමි දැයි 1919ට අමතා දැනගන්න

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා තම නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඇමතීමෙන් තහවුරු කරගත හැකිවේ.  මේ අනුව බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීම සඳහා තම නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි යන්න පිළිබඳව දැන ගැනීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි. විශේෂයෙන්ම තැපැල් ඡන්දදායකයන්ට සිය අයෑදුම්පත...

බිරියගේ ජිනීවා චෝදනාවට ප්‍රතිචාර ලෙස කොටි එලිලන්ගේ යුද අපරාධ හෙළිකිරීමට රජය සූදානම්

උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිතරන් ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යොමුකරන යුද අපරාධ චෝදනාවලට ප්‍රතිචාර ලෙස ඇගේ සැමියා වූ ත්‍රිකුණාමල කොටි හමුදා නායක එලිලන්, වන්නියේ "අවර් ලේඩි ඔෆ් රෝයරි" කතෝලික දෙව්මැඳුරේ රැකවරණ ලබා සිටි සිවිල් වැසියන්ට වෙඩි තැබීමේ සිද්ධිය ඇතුළු අපරාධ රැසක්‌ හෙළිකිරීමට රජයේ නියෝජිත කණ්‌ඩායම තීරණය කර ඇත. මෙම දෙව්මැඳුරේ සිවිල් වැසියන් සහ ළමයින් 100 ක්‌ සිටි බව හෙළි වී තිබේ. ආනන්දි සසිතරන්ට මානව හිමිකම් සමුළුව ඇමතීම සඳහා...

Thursday, January 30, 2014

පහේ ශිෂ්‍යත්වය 21 වැනි සියවසට ගැලපේද?

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ දෙක දැනට මහජනතාවට පුවත් සපයන ප්‍රධාන රාජ්‍ය ආයතන බවට පත්ව ඇති බව කවුරුත් දන්නා කරුණකි. නමුත් ඒ හැම පුවතක්‌ම යහපත් ඒවාද නොවේය. මේ දිනවල කරළියේ උණුසුම්ම මාතෘකාව වන්නේ පහ වසර ශිෂ්‍යත්වය හා ඒ හා සම්බන්ධ නිදහස්‌ අධ්‍යාපනයයි. ඒ ගැන කථා කරන වැඩි දෙනකු කියන්නේ ඒ දෙකම ඒ විදියටම පවත්වා ගත යුතු බවය. කෙසේ වෙතත් දශක ගණනාවක සිටම මෙම වචන යුගලය අතිශයින්ම ජනතාව රවටන දේශපාලකයන්ගේ ප්‍රබල දේශපාලන අවියක්‌ වශයෙන් භාවිත...

මුලතිව් යළි උණුසුම්! දමිළ ගම් මැද මුසලුන්ට පමණක් කලාප. දමිළ විරෝධය!

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මුල්ලියාවලෙයි ඇතුළු පාරම්පරිකව තමන් ජීවත් වන ගම්මාන රැසක්‌ මැද බලහත්කාරයෙන් මුස්‌ලිම් වැසියන් ගම්මාන පිහිටුවීමට එරෙහිව මුලතිව් දිසාපතිවරයා වෙත තමන් විරෝධය පළ කළ බව එම ප්‍රදේශයේ පදිංචි දමිළ වැසියෝ පවසති. පුත්තලම් දිස්‌ත්‍රික්‌කයේ ස්‌ථිර පදිංචි වැසියන් පිරිසකට ඉඩම් ලබාදීම සඳහා මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉඩම් අක්‌කර 1500 කට ආසන්න ප්‍රමාණයක්‌ එළිපෙහෙළි කොට ඉඩම් ලබාදීමට සුදුස්‌සන් තේරීමට ගිය අවස්‌ථාවේදී මෙම විරෝධය පළ වූ බව ප්‍රදේශවාසීහු...

ඉරණමඩු වැවේ ජලය යාපනයට ගෙන යන්න එපා - කිළිනොච්චි ගොවි සම්මේලනය

කිළිනොච්චියේ ඉරණමඩු ජලාශයේ ජලය යාපනය දක්‌වා රැගෙන යැමට වාරිමාර්ග නිලධාරීන් හා ජල නිලධාරීන් ගෙන ඇති තීරණය වහාම ඉවත්කර දෙන ලෙස කිළිනොච්චියේ ඒකාබද්ධ ගොවි සමිති සම්මේලනය ජනාධිපතිවරයාට ලිපියක්‌ මගින් දැනුම් දී තිබේ. ගොවි සංවිධානවල අනුදැනුමකින් හෝ කැමැත්තකින් තොරව ඉරණමඩු වැවේ ජලය යාපනය දක්‌වා රැගෙන යැමට බලධාරීන් මේ වන විට පිඹුරුපත් සකස්‌ කොට ඇති බවට චෝදනා කරන කිළිනොච්චියේ ඒකාබද්ධ ගොවි සංවිධාන සම්මේලනය මේ ක්‍රියාව නිසා කිළිනොච්චියේ කිසිදු වැසියෙකුට කාෂිකාර්මික...

ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනවා - ඇමරිකාවෙන් නිල ප්‍රකාශයක්‌

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත යුද අපරාධ චෝදනාව ඉදිරිපත් කරන බව ඇමරිකානු රජය ඊයේ (29 දා) නිල වශයෙන් ප්‍රකාශ කර ඇත. මෙම යෝජනාව සඳහා කැනඩාව, බ්‍රිතාන්‍ය හා නෝර්වේ යන රටවල් දායක වේ. මෙකී යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකාවෙන් කරුණු විමසීම සඳහා ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා ඩිස්‌ටාල් හෙට (31 දා) ශ්‍රි ලංකාවට පැමිණෙයි. ඇය ද්‍රවිඩ සංවිධාන සහ රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට වාර්තාවක්‌...

Wednesday, January 29, 2014

වවුනියාවේ කාණුවක්‌ හාරද්දී පැරණි කාසි මුට්‌ටියක්‌ හමුවේ

වවුනියාවේ මරක්‌කාරම්පලෙයි ප්‍රදේශයේ ඊයේ (28 දා) දහවල් ඉපැරණි කාසි මුට්‌ටියක්‌ හමුවී තිබේ. මරක්‌කාරම් ප්‍රදේශයේ මාර්ගය සකස්‌ කරමින් සිටි පිරිසක්‌ කාණුවක්‌ හෑරීමේ කටයුතුවල නිරතව සිටියදී මැටි මුට්‌ටියක බහා තිබූ මෙම කාසි තොගය මුට්‌ටිය කැඩී ඉවතට පැමිණ තිබේ. සිද්ධිය සැලවීමෙන් පසුව වවුනියාව දිසාපති බන්ධුල හරිශ්චන්ද්‍ර මහතා එම ස්‌ථානයට ගොස්‌ කාසි පරීක්‍ෂා කළ අතර එම කාසිවල යොදා ඇති ත්‍රිශූල වැනි සංකේත දෙස බලන විට ඒවා පුරාවිද්‍යාත්මක වටිනාකමක්‌ ඇති කාසි...

'ඇත් අතුරු සෙවණ' - පින්නවල අලින්ගේ ඛේදවාචකය

ශ්‍රී ලංකාව යනු අලියාට වධ බිමකි. 19 වැනි සියවසේදී තම වෙළෙඳ භාණ්‌ඩ රට හරහා ප්‍රවාහනය කරනු පිණිස බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදියා විසින් මහ වනය හෙළිකර පාරවල් කපන ලද කල්හි අලියා විශාල බාධාවක්‌ විය. මේ නිසා රට පුරා සිටින අලින් මැරීමට ධෛර්යය දෙන ලද අතර අලියකු මරා උගේ වල්ගය කපාගෙනවුත් බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවට භාර දෙන දඩයක්‌කාරයන්ට එක වල්ගයකට සිලිං 10 ක්‌ හෙවත් පවුම් භාගයක්‌ බැගින් ගෙවන ලදී. මෙකල එංගලන්ත පවුම් යනු කඩදාසි පවුම් නොව රන් පවුම් ය. මේ නිසා අලි මැරීම...

මහජන බැංකුව උසස්‌ අධ්‍යාපනයට අත දෙමින් "විස්‌ඩම්" ණය සැලසුම් හඳුන්වාදෙයි

උසස්‌ අධ්‍යාපනය ලැබීම තුළින් තම ජීවිතයේ බලාපොරොත්තු ඉටු කරගැනීමට අවශ්‍ය ශක්‌තිය සහ සහයෝගය ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට ලබාදීමේ අරමුණින් මහජන බැංකුව විස්‌ඩම් ණය පහසුකම් හඳුන්වාදී තිබේ. වයස හෝ තෝරාගන්නා වෘත්තීය පිළිබඳ කිසිදු ගැටලුවකින් තොරව උසස්‌ අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳව දේශීය හෝ ජාත්‍යන්තර ආයතනයකින් වෘත්තීය සුදුසුකම් සපුරාලීම සඳහා රුපියල් මිලියන 10 ක්‌ දක්‌වා ණය ලබාදීමට මෙමගින් පියවර ගෙන ඇත. පහසු පරිදි වාරික වශයෙන් උපරිම වසර හතක ආපසු...

ශ්‍රී ලංකා මහ බැංකුවට ප්‍රහාර එල්ලවීමේ යුද අපරාධය

76 කට අධික පිරිසක්‌ මරුමුවට පත් කරමින් කොළඹ කොටුවේ මහ බැංකුවට පුපුරණ ද්‍රව්‍ය අඩංගු ලොරියක්‌ සමග මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවකු කඩාවැදී ජනවාරි 31 දාට වසර 18 ක්‌ සපිරේ. මෙය මුළුමනින්ම යුද අපරාධයකි.  එහෙත් මානව හිමිකම් කවුන්සිලය හෝ බටහිර රටවල් කොටි නායක ප්‍රභාකරන් යුද අපරාධකරුවකු ලෙස නම් කළේ නැත. මෙම සිද්ධියේදී ඇමරිකානු ජපන් හා ඕලන්ද සංචාරකයන් කීපදෙනකු ද තුවාල ලැබීය.  කොටුවේ මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමගම ආර්. පී....

Tuesday, January 28, 2014

කොටි ඩයස්‌පෝරාව දෙකඩ වෙයි. බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය, ගෝලීය ද්‍රවිඩ සංසදයට කිසිදු සහයක්‌ නොදෙන ලෙස ඉල්ලයි

කොටි ඩයස්‌ පෝරාව දෙකඩ කරමින් බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඊයේ (27 දා) ගෝලීය ද්‍රවිඩ සංසදයට සහාය දීමෙන් ඉවත් වී ඇත. මේ නිසා ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැති හා ප්‍රකාශක සුරෙන් පුරෙන්ද්‍රන් දැඩි අර්බුදයකට මැදි වී තිබේ. හිතුමතේ ක්‍රියාකරන ගෝලීය ද්‍රවිඩ සංසදයට කිසිදු අරමුදලක්‌ හෝ සහායක්‌ නොදෙන ලෙස බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඊයේ (27 දා) ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත. ගෝලීය ද්‍රවිඩ සංසදය මෙහෙයවන පිරිස හෙළිනොකිරීම, එම සංසදය ප්‍රජාතන්ත්‍රවාදය මත...

බීච් වොලිබොල් රිදී පදක්‌කම් දෙකම ශ්‍රී ලංකාවට

ඉන්දියාවේ ගෝව හී පැවැත්වෙන ලූසෙෆෝනියා ක්‍රීඩා උළෙලේ බීච් වොලිබෝල් තරග අංශයෙන් අවසන් මහා තරග දෙකටම සුදුසුකම් ලැබීමට සමත්වූ ශ්‍රී ලංකා කණ්‌ඩායම්වලට රිදී පදක්‌කම් වලින් සෑහීමට පත්වන්නට සිදුවිය. ගියවර මෙම තරගාවලියේ රන් පදක්‌කම් දිනූ පෘතුගාල කණ්‌ඩායම සමග එම අවසන් මහා සටනට පිවිසි ශ්‍රී ලංකා අංක 1 කණ්‌ඩායම හෙවත් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල සටනක්‌ දෙමින් පරාජයට පත්විය. අදාළ තරගයේ ප්‍රථම වටයේදී ලකුණු 21-17ක්‌ ලෙසින් ජය වාර්තා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම දෙවැනි...

Monday, January 27, 2014

ඊජිප්තුවේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට බෝම්බ පිපිරීමක්

ඊජිප්තුවේ කයිරෝ අගනුවර පොලිස් මූලස්ථානය ඉදිරිපිට සිදු වූ බෝම්බ පිපිරීමකින් ගොඩනැගිල්ලට බරපතල හානි සිදුව තිබේ. මෙහිදී පිපිරී ගොස් ඇත්තේ ප‍්‍රබල කාර් බෝම්බයක් වන අතර මේ වන විට පුද්ගලයන් සිවුදෙනෙකු මිය ගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි සඳහන්ය. මිය ගිය පිරිස තවත් ඉහල යා හැකි යයි විදෙස් වාර්තා කියයි. http://lankacnews.com/sinhala/foreign-news/109061/ Pic Source (Previous Attac...

රතු සහලින් ප්‍රවේශම් වන්න…! පිලිකා කාරක ෆැබ්‍රික් ඩයි ස්ප්‍රේ කොට සහල් වර්ණගන්වනවා...

ලාංකික අපගේ ප්‍රධාන ආහාරය බත්ය.එම බත සකස්කරන්නේ සහල් වලිනි.සහල් වර්ග රාශියක් ඇති අතර එයිනුත් රතු කැකුලු නම් සහල් වර්ගය විශේෂවේ. බොහෝ දෙනෙක් මෙම රතු කැකුලු සහලේ බත් කෑමට ප්‍රිය තාවයක් දක්වයි. සුදු සහල් වලට වඩා රතු සහල් ගුණදායකය, එමෙන්ම දිය වැඩියා රෝගීන්ට ඉතාමත් ගුණදායකය. එහෙත් මෙම සහල් පිළිබදව ඔබ නොදන්නා රහස් තොරතුරු කීපයක් පසුගිය දිනක අපට අනාවරනය කරගත හැකිවිය. මෙම කූට ජාවාරම සිදුකරන්නේ වී මෝල් හිමියන් විසිනි. කල්ගතවීමේදී විකිණීමට නොහැකි අහාරයට...

බීච් වොලිබෝල් දෙඅංශයෙන්ම 'රන් සොයන ගැටුමට' ශ්‍රී ලංකාව

මෙරට නියෝජනය කරමින් ජාත්‍යන්තරයේ කැපී පෙනෙන ගමනක යා හැකි කණ්‌ඩායම් තරග අංශයක්‌ බව නැවත වරක්‌ ඔප්පු කළ ශ්‍රී ලංකා බීච් වොලිබෝල් කණ්‌ඩායම් ඉන්දියාවේ ගෝව හී දැන් පැවැත්වෙන ලූසෆෝනියා ක්‍රීඩා උළෙලේ කාන්තා සහ පිරිමි දෙඅංශයේම අවසන් මහා තරග සඳහා අවස්‌ථාව ලබාගත්හ. ඒ අනුව වසන්ත රත්නපාල සහ මහේෂ් පෙරේරා හෙවත් ශ්‍රී ලංකා පිරිමි අංක 1 කණ්‌ඩායම පෘතුගාල අංක 1 කණ්‌ඩායම හෙවත් ජෝස ෆේඩ්රෝසා සහ ෆෝඩ්රෝ රොසෑස්‌ සමගින්ද, ශ්‍රී ලංකා කාන්තා අංක 2 කණ්‌ඩායම හෙවත් ගීතිකා ගුණවර්ධන...

මුසලු ලෝකය එකම ගිනි ගොඩක්. ඉරාකයේත් බෝම්බ පිපුරුම් වැලක්. 12 ක්‌ මරුට.

ඉරාකයේ සිදුවූ බෝම්බ ප්‍රහාර කිහිපයකින් පුද්ගලයන් 12 දෙනෙක්‌ මරණයට පත්වී ඇත. බැග්ඩෑඩ් නුවර අවට මෙම ප්‍රහාර සිදුව ඇත. මෙම ප්‍රහාර ඉරාකයේ අල්ඛයිඩා සංවිධානය විසින් සිදුකරන්නට ඇතැයි ආරක්‌ෂක අංශ සඳහන් කරයි. http://www.divaina.com/2014/01/27/forign03.html Pic Source (Previous Attack in Ira...

ඇෆ්ගන් ක්‍රිකට්‌ ක්‍රීඩකයෝ පස්‌ දෙනෙක්‌ ඝාතනය කෙරෙති. තලෙබාන් සංවිධානය බවට සැක...

ඇෆ්ගනිස්‌තානයේ ලාහ්මන් ප්‍රාන්තයේදී ප්‍රාදේශීය කණ්‌ඩායමකට ක්‍රීඩා කරන ක්‍රිකට්‌ ක්‍රීඩකයන් පිරිසකට එල්ලවූ ප්‍රහාරයකින් පස්‌ දෙනෙක්‌ මරුමුවට පත්ව ඇත. මෙම ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මරා දැමුවේ තලෙබාන් සංවිධානය විසින් බවට සැක කෙරේ. ඇෆ්ගන් ජනාධිපතිවරයාද මේ ප්‍රහාරය හෙළා දැක ඇත. යතුරු පැදියක පැමිණි නාඳුනන තුවක්‌කු කරුවෙක්‌ විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. http://www.divaina.com/2014/01/27/forign02.html Pic Sour...