Pages

Friday, January 31, 2014

අද බොහෝ විදෙස් පිරිස් ‍ බුදු දහම වැළදගමින් සිටිනවා. සමාජය වෙනුවෙන් දිවි කැපකරන සමස්ත භික්ෂු සමාජයටම හිස නමා ආචාර කළ යුතුයි - ග්‍රේරු

තම ආධ්‍යාත්මික විමුක්තිය ගැන විතරක් නොසිතා තම මහණ ජීවිතය සාසනික හා සමාජ මෙහෙවර උදෙසා කැපකරන සමස්ත භික්ෂු සමාජයටම සිරස නමා ආචාර කළ යුතු යැයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ අමරපුර සිරි සද්ධම්ම මහා නිකායේ බස්නාහිර පළාත් උප ප්‍රධාන සංඝනායක ධූරයට පත් පූජනීය අතුරුලියේ ආනන්ද නාහිමි පාණන් වහන්සේට අක්ත පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝස්සවයට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත  අතිපූජ්‍ය දවුල්ලෙන ශ්‍රී ඥාණේස්වර  මාහිමිපාණන් වහන්සේ  සහ  අමරපුර සිරිසද්ධම්මවංස මහා නිකායේ මහානායක සිරි සද්ධම්මවංසපාල ගණාචාරිය සිරි සුගත සාසනවසාලංකාර මහෝපාධ්‍යය අතිපූජ්‍ය අහුන්ගල්ලේ සිරි සීලවිසුද්ධි මාහිමිපානන්  වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවය සදහා  බෙල්ලන්විල රජමහා විහාරාධිපති කොට්ටේ සංඝ සභාවේ ලේකකාධිකාරී මහාචාර්ය බෙල්ලන්විල විමලරතන,  වැවුරුකන්නල බුදුරජ මහා විහාරාධිපති ආචාර්ය අතිපුජ්‍ය දික්වැල්ලේ තිස්ස අනුනායක හිමිපානන් වහන්සේ  ඇතුළු මහා සංඝරත්නයේ මූලිඛත්වයෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්විණි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා.

රටේ අනාගතය තීරණය වන්නේ හොද නරක දෙක මතයි. ගිහි සමාජයට හොද නරක තේරුම් කරදී අනාගත පරපුර යහපත් පුරවැසියන් බවට පත් කිරිමේ වගකීම හා යුතුකම  පැවරී ඇත්තේ මහා සංඝරත්නයටයි. එයට අවශ්‍ය උගත් ධර්මධර විනයධර භික්ෂූන් වහන්සේලා සාසනට දායාද කිරීමේ දි පිරිවෙන් අධ්‍යාපනය හරහා  අතුරලියේ ආනන්ද නාහිමියන් වැනි  තෙරුන්වහන්සේලාගෙන් වන සේවය අපරිමිතයි.

සාසනයේ උන්නතිය රදාපවතින්නේ භික්ෂුන්වහන්සේලා නිසයි. පිදිය යුත්තන් පිදීමේ උසස් මානව ගුණාංගක් වගේම මෙම තනතුර අපේ හමුදුරුවන් වහන්සේගේ සාසනික මෙන්ම සමාජ මෙහෙවරට ලොකු ශක්තියක් වන අතර උන්වහන්සේ විසින් කරගෙන යන විදේශීය ධර්ම දූත සේවාවන් සදහා ලොකු පිටිවහලක් වේවි කියා අප විශ්වාස කරනවා.

මහ සඝරුවන විසින් පවත්වන විදේශීය  ධර්මදූත සේවාව ඉතා වැදගත්. ජාත්‍යන්තරයේ අවධානය සුභවාදී ලෙස අප රටට ලැබෙන්න අපේ භික්ෂුන් වහන්සේලා කරගෙන යන ධර්ම ප්‍රචාර කටයුතු ඉවහල් වෙනවා. ඒ වගේම බෞද්ධ දර්ශන  ගැන පැහැදුන බොහෝ විදෙස් පිරිස් අද ‍ බුදු දහම වැළදගමින් සිටිනවා. එහි ගෞරවයත් පිනත් අයිති වන්නේ මේ උත්තරීතර සංඝයාවහන්සේලාටයි.

http://lankacnews.com/sinhala/news/109451/

Pic Source

0 comments: