
මේ නිසා ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් දේවගැති හා ප්‍රකාශක සුරෙන් පුරෙන්ද්‍රන් දැඩි අර්බුදයකට මැදි වී තිබේ.
හිතුමතේ ක්‍රියාකරන ගෝලීය ද්‍රවිඩ සංසදයට කිසිදු අරමුදලක් හෝ සහායක් නොදෙන ලෙස බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය ඊයේ (27 දා) ද්‍රවිඩ ජනතාවගෙන් ඉල්ලා ඇත.
ගෝලීය ද්‍රවිඩ සංසදය මෙහෙයවන පිරිස හෙළිනොකිරීම, එම සංසදය ප්‍රජාතන්ත්‍රවාදය මත ක්‍රියා නොකිරීම, කොපමණ අරමුදල් ලැබුණේදැයි අනාවරණය නොකිරීම ගැන චෝදනා එල්ල වී තිබේ.
එසේම රටවල් 14 ක ද්‍රවිඩ සංවිධාන මගින් පිහිටුවා ගත් ගෝලීය ද්‍රවිඩ සංසදය වෙත සිය නියෝජිතයකු ඇතුළත් කිරීමට ද තමන්ට ඉඩදී නැතැයි බ්‍රිතාන්‍ය ද්‍රවිඩ සංසදය කියා සිටියි.
මෙම සංවිධාන දෙකම ලන්ඩනයේ සිට ක්‍රියාත්මක වේ.
මේ අතර ගෝලීය ද්‍රවිඩ සංසදය 2010 සිට ගිණුම් වාර්තා ප්‍රකාශයට පත්කර නැත. මෙම ගෝලීය ද්‍රවිඩ සංසදයට විදේශ බැංකු තුනක ගිණුම් ඇති බව හෙළිවී තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/28/news06.html
0 comments:
Post a Comment