Pages

Saturday, January 18, 2014

ද්‍රවිඩ සන්ධානය දෙදරයි. තීපන්ගේ මස්‌සිනා ශ්‍රීධරන්ගේ පිල හා සම්බන්ධන්ගේ පිල යනුවෙන් දෙපිලක්‌

කොටි ඩයස්‌පෝරාවේ සහයෙන් මෙරට ඊළාම් රාජ්‍යය ලබා ගැනීමට සැලසුම් කරන කණ්‌ඩායම හා මධ්‍යස්‌ථ පිළිවෙතක්‌ අනුගමනය කරන පිරිස නිසා ද්‍රවිඩ සන්ධානය අභ්‍යන්තරයේ උග්‍ර ගැටුමක්‌ ඇතිවී තිබේ. 

කොටින්ට පක්‍ෂව ක්‍රියා කළ දේශපාලකයන් 12 දෙනකු ද්‍රවිඩ සන්ධානයේ පාලනය මුළුමනින්ම ලබා ගැනීමට උත්සාහ කිරීම නිසා මෙකී ගැටුම ඇතිවී තිබේ.

ඒ අනුව ශ්‍රීධරන් පිල හා සම්බන්ධන් පිල යනුවෙන් දෙපිලක්‌ ඇති වී තිබේ.

ජනවාරි 26 දා ද්‍රවිඩ සන්ධානයේ මධ්‍යම කාරක සභාව රැස්‌වන අතර එහිදී මේ අර්බුදය වැඩිවනු ඇතැයි ආරංචි මාර්ග දක්‌වයි.

යාපනයේ කොටි හමුදා නායක තීපන්ගේ මස්‌සිනා වන ශ්‍රීධරන් ද්‍රවිඩ සන්ධානය ඊළාම් යුද්ධයකට යළිත් පැටලවීමට ක්‍රියාකරන බව එහි මධ්‍යස්‌ථ පිරිස්‌ චෝදනා නගති.

ශ්‍රීධරන්ගේ පිළිවෙතට එරෙහි වූ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක ඒ. ආනන්ද සංගරීව, ද්‍රවිඩ සංධානයෙන් නෙරපා දැමීමට දැනටමත් තීරණය වී ඇත.

මේ අතර ඊපීඩීපී සහ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ එක්‌වී ලබන සතියේදී නව සන්ධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කර තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/18/news13.html

Pic Source

0 comments: