දුන්හිඳ දිය ඇල්ල වෙත යැමට බදුල්ල - මහියංගණ ප්‍රධාන මාර්ගයෙන් හැරී කිලෝමීටර් දෙකක පමණ දුරක් පා ගමනින් යා යුතු වන අතර ලිස්‌සන සුළු අගල් හා අනතුරුදායක ස්‌ථාන සහිත අඩිපාරවල්වලින් යුතු එම මාර්ගය ඉතා දුෂ්කර මාර්ගයක් ලෙස කලක් පැවැතිණි.
එහෙත් එම දුෂ්කරතාව මඟ හරිමින් අනතුරුදායක ස්‌ථානවල පාලම් හා අත්වැටවල්ද කොන්ක්‍රීට් පඩිපෙළද සහිතව එම මාර්ගය සංවර්ධනය කිරීම මේ වනවිට සිදුකෙරේ.
මේ සඳහා සංචාරක අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත රුපියල් ලක්‍ෂ 26 ක් වැය කෙරෙන අතර ඊට අමතරව පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත දුන්හිඳ පිවිසුම අසල හා එම මාර්ගයේ රුපියල් ලක්‍ෂ 60 ක වියදමින් කඩ කාමර 16 ක් ඉදිකිරීමටද කටයුතු කෙරෙන බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පී. ලීලසේන මහතා පැවැසීය.
සටහන - බෝගොඩ රත්නායක
http://www.divaina.com/2014/01/22/provin08.html
Pic Source
0 comments:
Post a Comment