ඕනෑම ආකාරයක මාර්ග ඉදිකිරීම් හේතුවෙන් සත්ත්ව සහ ශාක විශේෂවල පුළුල් පරාසයක පැතිරුණු පරිසර විද්‍යාත්මක බලපෑම් රැසකට මුහුණදීමට සිදුවෙයි. වනජීවීන්ගේ චර්යාත්මක වෙනස්කම් ඇතිවීම, භෞතික හා රසායනික පරිසරයේ වෙනස්කම් ඇතිවීම, ආගන්තුක ආක්‍රමණශීලී සත්ත්ව හා ශාක විශේෂ ව්‍යාප්තවීම, මිනිස් පරිභෝජනය සඳහා වැඩි වැඩියෙන් වනජීවී වාසස්ථාන යොදාගැනීමට පෙළඹවීම, රථවාහනවල ගැටීමෙන් වනජීවීන් ආබාධවලට ලක්වීම හෝ මරණයට පත්වීම ඒ අතර වෙයි. මාර්ග පද්ධතීන් පුළුල් කිරීම හේතුවෙන් ලොව පුරා රටවල වනජීවීන්ට සිදුවී ඇති බලපෑම් පිළිබඳව සවිස්තර විද්‍යාත්මක අනාවරණයක් සිදුකරන ලද රටවල් අතර ඉන්දියාව ද ප්රමුඛ වෙයි.
නිල්ගල වන රක්ෂිතය ආශ්‍රිතව උරගයන් විශේෂ 92 ක් වාර්තා වන අතර එය ශ්‍රී ලංකාවේ මුළු උරගයන් විශේෂ සංඛ්‍යාවෙන් 33.45% කි. ඒ අතරින් විශේෂ 72 ක්ම රිය අනතුරුවලට ලක්ව මරණයට පත්වී තිබීම මෙම ගැටලුවේ ඇති බරපතළකම මොනවට කියා පායි. තවද මෙම වනාන්තර කලාපයේ දිවිගෙවන බව තහවුරු කරගෙන ඇති උභයජීවී විශේෂ 22 අතරින් 19 ක් ද රිය අනතුරුවලට ගොදුරුව අකාලයේ මරණයට පත්වූ වනජීවීන් අතර වෙති.
පර්යේෂකයන් දෙන්නේ අතිශය ජෛව විවිධත්වයක් සහිත ප්‍රදේශවල මෙවැනි රිය අනතුරුවලින් බරපතළ බලපෑම් එල්ල වන බවය. ශ්‍රී ලංකාව තුළ මින් පෙර සිදුකරන ලද මෙවැනිම අධ්‍යයනයකට අනුව නිල්ගල වන රක්ෂිතය තුළ දින 36 කදී අනාවරණය වී තිබුණේ එක් උභයජීවී විශේෂයක හා උරග විශේෂ හයක් මරණ පමණි. නමුත් මෙම නවතම අධ්‍යයනය පෙර අධ්‍යයනය හා සසඳා බැලීමෙන් මෙම අනතුර කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව විද්‍යමාන වෙයි. විශේෂයෙන් වාරතාවකින් පසුව උභය ජීවීන් මාර්ගය වෙත පැමිණ කෘමි සතුන් ආහාරයට ගැනීම ලිංගික කෘත්‍යයන්ගේ යෙදීමට වැඩි නැඹුරුවක් දක්වති. එවැනි දිනවල රිය අනතුරුවලට ලක්ව උභය ජීවීන් මරණයට පත්වීම ඉහළ යයි. තවද ඇතැම් උරගයන් මාර්ගය දෙපස ඇති බුරුල් පසෙහි බිජුලෑමට නැඹුරුවීම වැනි චර්යාත්මක විපර්යාසයන් ද ඇතිකරගෙන ඇත.
සංවර්ධන ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමත් සමඟ රටක මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. නමුත් එහිදී එරට ජෛව විවිධත්වය වැනසී යයි නම් එය බරපතළ ඛේවාචකයකි. මාර්ග පද්ධති වැඩි දියුණු වීමෙන් සෑම පරිසර පද්ධතියකටම එකම ආකාරයෙන් හා එකම ප්‍රමාණයෙන් බලපෑම් එල්ල නොවේ. නමුත් මෙසේ වනජීවී වාසස්ථාන කැබලිකරණය වීමෙන් විශේෂ සංයුතියේ සහ ගහණ ඝනත්වයේ වෙනස්කම් ඇතිවීමෙන් වනජීවී විශේෂ වඳවී යැමට ඇති නැඹුරුව වැඩි වේ. එබැවින් වන පෙත් දෙබෑකර මාර්ග තැනීමේදී මින් ඉදිරියට හෝ යම්කිසි උනන්දුවක් දැක්වීම බලධාරීන්ගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ වගකීම බව සිහිපත් කළ යුතුය.
සටහන - සුපුන් ළහිරු ප්‍රකාශ්, ඡායාරූප - සමීර සුරන්ජන් කරුණාරත්න
http://www.divaina.com/2014/01/07/feature04.html






1 comments:
This is the link to full research paper
Post a Comment