මෙම හඳුන්වාදීමේ උත්සව අවස්‌ථාවේදී රුවන්වැල්ල මහජන පුස්‌තකාලයට සහ ජාතික පාසලට 4G LTE රැහැන් රහිත පහසුකම් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී. ජාතික සන්නිවේදන කටයුතුවලදී පෙරමුණ ගන්නා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, තම LTE සේවාව මගින් අධිවේගයෙන් අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව පිළිබඳව පරීක්‍ෂාවක් අමාත්‍යවරුන් ඉදිරියේ සිදු කළේය. එහිදී නවීන LTE තාක්‍ෂණයට අනුව, තත්පරයට 50MB ඉක්‌මවූ උපරිම අධිවේගයකින් එය ක්‍රියාත්මක වූ ආකාරය, පැමිණි සියලුදෙනාහට අත්විඳීමට හැකියාව ලැබුණි. රට තුළ කි. මී. 20,000 කට අධික ප්‍රකාශ තන්තු ජාලයක් සහ විශ්වය පුරා සබඳතා පැවැත්වීමට මුහුදු සංදාම ජාලයක් ඇති එකම සමාගම ලෙස, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, රටේ අනෙකුත් සන්නිවේදන සේවා සමාගම් සහ සේවා පවත්වාගෙන යැමටද යටිතල පහසුකම් සපයයි. පංච බල කේන්ද්‍රය මත පදනම්ව දියුණුවන රටට අවශ්‍ය සන්නිවේදන සවිබලය සැපයීමේ ජාතික මෙහෙවර ඉටුකරන්නේද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමයි.
මෙම අවස්‌ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ විදුලි සංදේශ සහ තොරතුරු තාක්‍ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසූයේ දැයට කිරුළ ජාතික සංවර්ධන ප්‍රදර්ශනයේ සැබෑ අරමුණ වන්නේ සෑම ප්‍රදේශයකටම සංවර්ධනයේ අරුණලු ළඟාකිරීම බවයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රදේශයේ සන්නිවේදන අවශ්‍යතා පරිපූර්ණ කිරීමට විශාල කාර්යයක් සිදු කරන බවත්, එහි ප්‍රතිලාභ කෑගල්ල දිස්‌ත්‍රික්‌කයට පමණක් නොව මුළු රටටම උදාවන බවත්ය. ආර්ථික, සමාජීය සහ සංස්‌කෘතික දියුණුවක් රට පුරාම එක ලෙස පැතිරවීමේ පරම අපේක්‍ෂාවෙන් සැලසුම් කර ඇති මහින්ද චින්තන ඉදිරි දැක්‌මට අනුව රට තුළ ක්‍රියාත්මක කරන ඉ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීමට මෙවැනි හඳුන්වාදීම් ඉතා වැදගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පැවසූයේ තොරතුරු හා සන්නිවේදන සේවාවන් ශ්‍රී ලංකාවේ සියලු දෙනා වෙත ලබාදීමේ, දැනුම් කේන්ද්‍රීය සංවර්ධනයක් අපේක්‍ෂාවෙන්, රටේ අනාගත සංවර්ධන ඉලක්‌ක සපුරාගැනීම සඳහා සන්නිවේදන ක්‍ෂේත්‍රයේ දියුණුව ඉතා වැදගත් බවයි. එමෙන්ම රටේ ජාතික අරමුණු දිනාදෙන්නට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම LTE නව තාක්‍ෂණය හඳුන්වාදීම පිළිබඳව තම සුබ පැතුම් පිරිනමන බවද ඒ මහතා පැවසීය.
http://www.divaina.com/2014/01/22/velanda01.html
0 comments:
Post a Comment