Pages

Friday, January 31, 2014

ඡන්දය හිමි දැයි 1919ට අමතා දැනගන්න

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයේ දී ඡන්දය භාවිතා කිරීම සඳහා තම නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) ඇමතීමෙන් තහවුරු කරගත හැකිවේ. 

මේ අනුව බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීම සඳහා තම නම ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි වී තිබේදැයි යන්න පිළිබඳව දැන ගැනීමට හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය පවසයි.

විශේෂයෙන්ම තැපැල් ඡන්දදායකයන්ට සිය අයෑදුම්පත සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය මූලික තොරතුරුද මෙමගින් දැනගත හැකිවීම විශේෂත්වයකි. මෙම ඡන්දදායක තොරතුරු ලබාදීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ කාර්ය මණ්‌ඩලය වැඩිකර ඇතැයිද දිනකට දහසකට ආසන්න පිරිසක්‌ මෙම තොරතුරු ලබාගැනීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය අමතන බවද නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි රෙෂාන් දේවපුර මහතා පවසයි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) අමතා තමන් පදිංචි දිස්‌ත්‍රික්‌කය ජාතික හැඳුනුම්පත් අංකය සහ සම්පූර්ණ නම ලබාදීමෙන් පසු ඡන්ද කොට්‌ඨාශ අංකය සහ ලියාපදිංචි අංකය මේ අනුව දැනගත හැකිය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙය ක්‍රියාවට නංවා තිබේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මෙම සේවාව ලබාගත හැකි බවද එම නියෝජිතායතනය කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
http://www.divaina.com/2014/01/31/news24.html

Pic Source

0 comments: