Pages

Monday, January 13, 2014

චීනය ලෝක වෙළඳාමෙන් මුල් තැනට

සියවස් ගණනාවකට පසු ඇමරිකාව පරයා යමින් ලෝක වෙලඳාමේ පෙරමුණ ගන්නට චීනය සමත්ව ඇතැයි වාර්තා වේ.  2013 වසරෙ තුළ චීනයේ සමස්ත ආනයන-අපනයන වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 4.16ක් ලෙස වාර්තා වී තිබේ.

පසුගිය වසර සඳහා ඇමරිකානු සංඛ්‍යලේඛණ පෙබරවාරි මසදී නිකුත් වීමට නියමිතව ඇති අතර 201 පළමු මාස 11 තුළ ඇමරිකානු වෙළඳ වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 3.57ක් පමණි.

චීනයේ අපනයන වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 2.21ක් වන අතර එය 7.9%ක වර්ධනයකි.  ආනායනද 2012 වසරට සාපේක්ෂව 7.3%ක වර්ධනයක් අත්පත් කරගනිමින් ඩොලර් ටි‍්‍රලියන 1.95ක් වාර්තා කර තිබේ.

පසුගිය දෙසැම්බර් මසදී පමණක් චීනය වාර්තාගත වෙළඳාමක් සිදුකර ඇති අතර එය ඩොලර් බිලියන 390කි.

රේගු පරිපාලන අංශයේ ප‍්‍රධාන සංඛ්‍යාලේඛනඥ ෂෙන් යුඑ්ෂෙන් පවසා ඇත්තේ මෙය චීනය විදෙස් වෙළඳාම තුළ අත්පත් කරගත් විශාල ජයග‍්‍රහණයක් බවයි.

වර්ධනය වන ලෝක ආර්ථිකයත්, චීනය තුළ සිදුකෙරෙන ව්‍යූහාත්මක ප‍්‍රතිසංස්කරණයන් සහ භාණ්ඩ මිල අඩුවීම හේතු කොට ගනිමින් 2014 වසර තුළ මීටත් වඩා වර්ධනයක් අත් කරගන්නට හැකිවනු ඇති බව ඔහු පවසා තිබේ.

අපනයනයන් මත පදනම්වූ ආර්ථිකයක්ව පැවති චීනයේ දේශීය පරිභෝජනයත් ඉහළ යමින් ඇති බවට මෙම සංඛ්‍යාලේඛනයන් ප‍්‍රබල සාක්ෂියක් සපයන බව විශ්ලේෂකයන්ගේ අදහසයි.

ආනයන වල ඉහළ යාම බොහෝ දෙනා සිතූ තරමට වඩා වැඩි බවත් මේ වසරේදී 7-7.5%ක ආර්ථික වර්ධනයක් අත්කරගන්නට හැකිවනු ඇති බවත් ගෝලීය වෙළඳපොළ විශේෂඥ ජෙෆ් ලූවිස්ගේ අදහසයි.

http://lankacnews.com/sinhala/foreign-news/108297/

Pic Source

0 comments: