Pages

Monday, January 13, 2014

13 වැනිදා දුම්වැටි අලෙවි කරන්න එපා - සෞඛ්‍ය අමාත්‍යාංශය

මෙම සඳුදා දිනයේ (13) රටපුරා සිගරට්‌ අලෙවිය නතර කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු වෙළෙඳුන්ගෙන් ඉල්ලා සිටී.

දුම්වැටියට එරෙහිවීමේ දිනය ලෙස සඳුදා දිනය වෙන්කර ඇති අතර ජාතික අවශ්‍යතාවක්‌ සහ ජනතාව වෙනුවෙන් ඉටුකරන යුතුකමක්‌ සේ සලකා එදින සිගරට්‌ අලෙවි කිරීමෙන් මෙන්ම දුම් පානයෙන්ද වළකින ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.

"දුම්වැටියෙන් තොර හෙටක්‌, නිරෝගී පරපුරක්‌" යන තේමාව යටතේ සඳුදා රට පුරා පාගමන් සහ සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් සංවිධානය කර ඇති අතර ප්‍රධාන පා ගමන නෙළුම්පොකුණ රඟහලේ ප්‍රධාන දොරටුව අසලින් පෙරවරු 7.45 ට ආරම්භ කෙරේ.

ආගමික නායකයන්, විද්වතුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, පාසල් සිසුන්, ආරක්‌ෂක අංශ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් මෙම පා ගමන පැවැත්වේ.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/01/11/news03.html

Pic Source

0 comments: