Pages

Friday, January 31, 2014

ආර්ථික ‍යුද්ධයෙන් මෙන්ම අවි යුද්ධයෙන්ද චීනය ඇමෙරිකාව අභිබවා යයි??? ඇමරිකා ආධිපත්‍ය අවදානමේ???

චීනය විසින් ශබ්දයේ වේගයට අධික වේගයකින් අවි හිසක් ඉලක්කය වෙත ගෙන යා හැකි ග්ලයිඞ් රථයක් අත්හදා බැලීම සමග සිය අවි තාක්ෂණික ආධිපත්‍යය බිඳ වැටීමේ අවදානමක් පවතින බවට ඇමරිකාවේ කනස්සල්ල පළවී ඇතැයි වාර්තා වේ.

අත්පත්කරගැනීම්, තාක්ෂණය සහ සංවිධානය පිළිබඳ ඇමරිකානු නියෝජ්‍ය ආරක්ෂක ලේකම් ෆ‍්‍රෑන්ක් කෙන්ඩාල් පවසා ඇත්තේ පෙන්ටගනයේ වියදම් කප්පාදුව ඇමරිකානු මිලිටරි ආධිපත්‍යයට සෘණාත්මක ලෙස බලපාමින් ඇති බවයි.

කොංග‍්‍රස් මණ්ඩලයේ සන්නද්ධ සේවා කමිටුව ඉදිරියේ අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුව දශක ගණනාවකට පසු දැඩි අභියෝගයකට ලක්ව ඇති බවත් ජනාධිපති ඔබාමාගේ නව උපායමාර්ගක ප‍්‍රවේශය වැටී ඇති ආසියා පැසිපික් කලාපයෙන් එම තර්ජනය පැන නැග ඇති බවත් ඔහු සඳහන් කර ඇත.

ශබ්දයේ වේගය ඉක්මවීම එඒ සඳහා මනා නිදසුනක් බව පවසන කෙන්ඩාල් දක්වා ඇත්තේ ඒ වෙත ආයෝජනය කරන ප‍්‍රමාණය මත එහි වර්ධනය තීරණය කෙරෙන බවයි.

පසුගිය ජනවාරි 9වනදා චීනය විසින් සාර්ථකව අත්හදා බලා ඇති වූ-14 ග්ලයිඞ් රථය මගින් අවි හිසක් පැයට සැතපුම් 7680ක පමණ වේගයකින් ගෙනයා හැකි අතර එය දැනට ඇමරිකාව සතු මිසයිල ආරක්ෂණ පද්ධති හරහා නැවතිය නොහැකි වනු ඇතැයි පැවසේ.

ඇමරිකාවට වඩා කුඩා අයවැයක් සතු චීනය අවි තාක්ෂණික වර්ධනයන් සඳහා වැඩි මුදලක් වෙන් කරද්දී ඇමරිකාව ඊට ප‍්‍රතිවිරුද්ධ දෙසට යමින් ඇතැයි ඔහු පවසා තිබේ.

http://lankacnews.com/sinhala/foreign-news/109478/

Pic Source

0 comments: