Pages

Monday, October 20, 2014

විදුලි කාර් විප්ලවයක්! විනාඩි පහෙන් ආරෝපනය කල හැකි වසර 20ක් පවතින බැටරියක්

මේ වන විට පවතින බැටරි මෙන් 20 ගුණයක් වේගයෙන් ආරෝපණය කළ හැකි බැටරියක් නිපදවීමට සිංගප්පූරු විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.  නැන්යැන් තාක්‍ෂණික විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් විසින් නිමවා ඇති මෙහි තවත් විශේෂත්වයක් වන්නේ දිගු ආයු කාලයක් තිබීමයි.

මෙම බැටරිය 10000 වරක් ආරෝපණය කළ හැකි බව පැවසෙන අතර මේ වන විට පවතින වසර 2-3ක් භාවිතා කළ හැකි ඒවා වෙනුවට මෙම බැටරිය වසර 20ක කාලයක් සක‍්‍රියව පවතිනු ඇත.  මෙම නව සොයාගැනීම මගින් විද්‍යුත් මෝටර් රථ ක්‍ෂේත‍්‍රයේ නව පිම්මක් සටහන් වනු ඇතැයි පැවසේ.

මේ වන විට මෙවැනි මෝටර් රථයක් චාජ් කිරීම සඳහා පැය 4කට වැඩි කාලයක් වැයවෙන අතර නැන්යැන් තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය මහාචාර්ය චෙන් ෂියාඩොන් පවසා ඇත්තේ නව ලිතියම් අයන් බැටරිය විනාඩි 5ක් ආරෝපණය කිරීම ප‍්‍රමාණවත් වනු ඇති බවයි.

සාමාන්‍යයෙන් බැටරියේ ඇනෝඩය හෙවත් සෘණ අග‍්‍රය සඳහා භාවිතා කරන ග‍්‍රැෆයිට් කූර වෙනුවට විද්‍යාඥයින් විසින් ටයිටේනියම් ඩයොක්සයිඞ් අඩංගු ජල්ලිමය ද්‍රව්‍යයක් යොදා තිබේ.

මෙය ආහාර රසකාරක තුළ සහ පාරජම්බුල කිරණ උරාගත හැකි සන් ස්ක‍්‍රීන් ආලේපන තුළ භාවිතා කරන අතර මෙම සංයෝගයේ නැනෝ ව්‍යූහය මගින් අධි වේගී ආරෝපණයට අවකාශ සැලසෙන බව පැවසේ.

ෂියාඩොන් පවසා ඇත්තේ මෙම බැටරියට ඇති ඉහළ ඉල්ලූම සමග තවත් වසර 2කදී පමණ වෙළඳපොළට නිකුත් විය හැකි බවයි.

http://lankacnews.com/sinhala/foreign-news/123464/

0 comments: