මත්පැන්, කැසිනෝ වැනි සූදු හා ගණිකා වෘත්තිය දුරාචාර වැනි ආර්ථික ක්‍රියා තහනම් කිරීම, ගමට බලය දෙන ජනසභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා පොලිස් ඉඩම් බලතල පළාත් සභාවලින් ඉවත් කිරීම ඇතුළු කරුණු ඇතුළත් කරමින් ජාතික හෙළ උරුමය ඊයේ (19 වැනිදා) සිය 11 වැනි පක්‍ෂ සම්මේලනයේදී යෝජනා 7 ක් සම්මත කර ගනු ලැබීය.
එම යෝජනාවලිය මෙසේය.
1. දේශපාලන ප්‍රතිසංස්‌කරණ
1.1. ජනාධිපතිවරයාට දැරිය හැකි ඇමැති ධුර ව්‍යවස්‌ථාවෙන් නිශ්චිතව හඳුනා ගත යුතුය.
1.2 අවමය 20 ක් ද උපරිමය 25 ක් ද වන ඇමැති මණ්‌ඩලයක් පත් කළ යුතු අතර විද්‍යාත්මක ක්‍රමවේදයකට ඇමැතිවරුන් අතර විෂයන් බෙදිය යුතුය. උපරිම නියෝජ්‍ය ඇමැතිවරු ගණන 35 ක් විය යුතුය.
1.3. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන අධිකරණයට යටත් ධුරයක් බවට පත්කළ යුතුය.
1.4. සියලුම මැතිවරණ සඳහා කොට්‌ඨාස සහ සමානුපාතික ක්‍රමයේ මිශ්‍රණයකින් යුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
1.5. සෑම දේශපාලන පක්‍ෂයක්‌ම තමන්ට වෙන් වෙන ජාතික ලැයිස්‌තු මන්ත්‍රීධුරවලින් තුනෙන් එකක් වෘත්තීය කාන්තාවන්ට වෙන් කළ යුතුය.
1.6. පොලිස් සහ ඉඩම් බලතල ඇතුළු පළාත් සභා ක්‍රමය තුළ ඇති භෞමික අඛණ්‌ඩතාවට හානිකර විධි විධාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ යුතුය.
1.7. ගමට බලය ලබාදෙන ජන සභා ක්‍රමය බලාත්මක කළ යුතුය.
2. රාජ්‍ය පාලනය
2.1. අමාත්‍යාංශ ලේකම්වරුන් ලෙස පත් කළ යුත්තේ රජයේ නිලධාරීන් හෝ අමාත්‍යාංශයට අදාළ ක්‌ෂේත්‍රයේ වෘත්තිකයන් පමණි.
2.2. රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාව සහ දාසභාවය දුරලීම සඳහා කුසලතාව මත උසස් වීම් ඇතුළු වරප්‍රසාද ලැබෙන නව ඇගයීම් ක්‍රමයක් හඳුන්වා දිය යුතුය.
2.3. ව්‍යාපෘති අතර ගැටුම් ඇති නොවන අයුරින් තිරසර සංවර්ධනයක් ඇති කිරීම සඳහා ආණ්‌ඩුවේ ප්‍රතිපත්තීන්ට අනුව සංවර්ධන ප්‍රමුඛතා හඳුනාගෙන ජාතික සැලසුම් සකස් කිරීමට ජාතික සැලසුම් කොමිසමක් ස්‌ථාපිත කළ යුතුය.
2.4. රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමට ඇමැති මණ්‌ඩලයට උපදෙස් ලබා දීම සඳහා විද්වතුන්, ව්‍යාපාරිකයන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන නියෝජිතයන්ගෙන් සමන්විත මහජන උපදේශක සභාවක් පත්කළ යුතුය.
2.5. විදේශ සේවයේ නොවන රාජ්‍යතාන්ත්‍රික පත්වීම් සමස්‌ත විදේශ සේවයෙන් 35% ක් නොඉක්‌මවිය යුතු අතර එම පත්වීම සඳහා ද නිශ්චිත නිර්ණායක තිබිය යුතුය.
2.6. ආහාර, ඖෂධ, රූපලාවන්‍ය ඇතුළු පාරිභෝගික භාණ්‌ඩ සහ සේවා නියාමනය කිරීමට අවශ්‍ය තාක්‍ෂණය දැනුම සහ නීතිමය බලය ලැබෙන අයුරින් පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරිය සවිමත් කළ යුතුය.
3. නීතිය සහ අධිකරණය
3.1. විවිධ ප්‍රදේශ සහ ජනවර්ග පදනම් කරගත් නීති පද්ධති අහෝසි කර සමස්‌ත ලංකාවටම එක් නීති පද්ධතියක් ස්‌ථාපිත කළ යුතුය.
3.2. සියලු අධිකරණ ස්‌වාධීන විය යුතු අතර පළපුරුද්ද සහ කුසලතාව මත අධිකරණ පත්වීම් සිදුකළ යුතුය.
3.3. ඕනෑම පුද්ගලයකු ශේ්‍රෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට ජනපතිට ඇති බලය අහෝසි කර ඒ පිළිබඳ නිශ්චිත නිර්ණායක සැකසිය යුතුය.
4. යහ පාලනය
4.1. සකලවිධ දූෂණ මැඩීම සඳහා තාක්‍ෂණ කළමනාකරණ සහ මූල්‍ය විගණන හැකියාවෙන් යුත් විගණන කොමිසමක් ස්‌ථාපිත කළ යුතුය.
4.2. ස්‌වාධීනව සිය විමර්ශන කළ හැකි අයුරින් මූල්‍ය සහ මානව සම්පත් මෙන්ම බලතලද සතු දූෂණ මර්දන කොමිසමක් ස්‌ථාපිත කළ යුතුය.
4.3 අපේක්‍ෂකයන්ගේ අරමුදල් රැස්‌කිරීම, අරමුදල් වියදම් කිරීම, ප්‍රචාරණ උපක්‍රම පාලනය කිරීමට බලතල ඇති ස්‌වාධීන මැතිවරණ කොමිසමක් ස්‌ථාපිත කළ යුතුය. මෙම කොමිසමට රාජ්‍ය දේපළ අපහරණය වැළැක්‌වීමට මෙන්ම සියලුම මාධ්‍ය ආයතන නියාමනය කිරීමට ද මැතිවරණ කොමිසමක් ස්‌ථාපිත කළ යුතුය. මෙම කොමිසමට රාජ්‍ය දේපළ අපහරණය වැළැක්‌වීමට මෙන්ම සියලුම මාධ්‍ය ආයතන නියාමනය කිරීමට ද මැතිවරණ සමයේ පොලිසිය මෙහෙයවීමට ද බලතල තිබිය යුතුය.
5. බුද්ධ ශාසනය, ආගමික කටයුතු සහ සදාචාරය
5.1 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ නවවැනි වගන්තියේ දැක්‌වෙන බුදුදහමට ප්‍රමුඛස්‌ථානය ලබාදීම සහ බුද්ධ ශාසනය සුරක්‍ෂිත කර පෝෂණය කිරීම විස්‌තර කරන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.
5.2 බුද්ධ ශාසන අමාත්‍යාංශය සෘජුවම ජනාධිපතිවරයා යටතේ පාලනය විය යුතුය.
5.3 පුරාවිද්‍යා බිම් සහ විහාර සහ දේවාලගම් පනත යටතේ පාලනය වන ආගමික ආයතන සංරක්‍ෂණය කර සංවර්ධනය කිරීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවිය යුතුය.
5.4 බුද්ධ ශාසනය ප්‍රමුඛව සියලුම ආගමික ගැටලු විසඳීම සහ ආගමික සහජීවනය සඳහා උත්තරීතර ආගමික මණ්‌ඩලයක් ස්‌ථාපිත කළ යුතුය.
5.5 මත්ද්‍රව්‍ය පිළිබඳ වැරදිකරුවන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු අතර එවැනි වැරදිකරුවන්ගේ නම් ප්‍රසිද්ධ කළ යුතුය.
6. සිංහල උරුමය
6.1 සිංහල ජනයා පලවාහරින ලද යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිසාවන්හි 1971 ජන සංගණනයේ පැවති ජන අනුපාතයට අනුව අවතැන්වූවන් යළි පදිංචි කළ යුතුය.
6.2 ජනමාධ්‍යයන්හි ජාතික භාෂා හැසිරවීම නියාමනය කිරීම සඳහා ආයතනයක් ස්‌ථාපිත කළ යුතුය.
7. ආර්ථික සංවර්ධනය
7.1 සංවර්ධන සැලසුම් ගෝලීය පරිසර අර්බුදවලට මුහුණ දිය හැකි තිරසාර සංවර්ධන උපායන් මත පදනම් විය යුතුය.
7.2 සාමාන්‍ය ජනතාවගේ ආදායම වැඩි කරන උගත් විරැකියාව නැති කරන ඇති නැති පරතරය තුනී කරන සදාචාර නිෂ්පාදනයන්ට සමාජය යොමු කරන ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් දියත් කළ යුතුය.
7.3 උචිත පරිදි ආනයන ආදේශක නිෂ්පාදනය ඉහළ නංවමින් ද අනවශ්‍ය ආනයන අධෛර්යමත් කරමින් ද ආනයන වියදම පාලනය කළ යුතුය.
7.4 අපනයන ආදායම ඉහළ නැංවීම සඳහා නව උත්පාදන සහ තාක්‍ෂණ සේවා යොදාගත යුතුය.
7.5 ණය වාරික සහ පොලී රාජ්‍ය ආදායම දැරිය හැකි මට්‌ටමට පහත වැටෙන අයුරින් ණය කළමනාකරණය කළ යුතුය.
7.6 මත්පැන්, කැසිනෝ වැනි සූදු සහ ගණිකා වෘත්තිය වැනි දුරාචාරාත්මක ආර්ථික ක්‍රියා තහනම් කළ යුතුය.
7.7 නව තාක්‍ෂණ ප්‍රවණතා වන නැනෝ තාක්‍ෂණය, ක්‌වන්ටම් තාක්‍ෂණය, ජීව තාක්‍ෂණය, ජාන තාක්‍ෂණය අභ්‍යවකාශ තාක්‍ෂණය සහ තොරතුරු තාක්‍ෂණය සහිත නව කාර්මික විප්ලවයක් කරා රට රැගෙන යන දැනුම් ආර්ථිකයක් ස්‌ථාපිත කළ යුතුය.
ජාතික හෙළ උරුමයේ 11 වැනි සම්මේලනය ඊයේ මහරගම ජාතික තරුණ සේවා සභාවේදී පැවැති අතර එහිදී අදහස් දැක්‌වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි(දකුණේ), ඇමැති පාඨලී චම්පික රණවක(මැද), බස්‌නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු(වමේ) (ඉහළ) හා ඊට එක් වූ ගිහි පැවිදි පිරිසෙන් කොටසක් (පහළ) ඡායාරූපයේ දැක්‌වේ.
මහරගම - දිලූ මෙදිස් | ඡායාරූප - දිලූ මෙදිස්
http://www.divaina.com/2014/10/20/news27.html
0 comments:
Post a Comment