Pages

Monday, October 20, 2014

ISIS ඉස්ලාමීය අන්තවාදීන් ගුවන් ප්‍රහාරයකට සැරසෙයි

ISIS ඉස්ලාමීය අන්තවාදීන් සමග එකතු වූ ඉරාක ගුවන් නියමුවන් අන්තවාදීන් විසින් සිරියාවේදී අත්පත් කරගත් ප්‍රහාරක යානාවලින් ගුවන් ප්‍රහාරයකට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබේ.

මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂකයන් සාක්ෂි සහිතව පවසා ඇත්තේ ඇලෙප්පෝ ගුවන්තොටුපළ ආශ්‍රිතව මෙම ප්‍රහාරක යානා ගමන් කරන ආකාරය ඔවුන් දුටු බවයි.

මේ අතර, ටික්රිට් නගරය ආශ්‍රිතව කඳවුරු බැඳ සිටින ජිහාඩ් අන්තවාදීන්ට එරෙහි ප්‍රහාරයක් ඉරාක හමුදාව විසින් එල්ල කර තිබේ.

මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථාන ප්‍රධානී රාමි අබ්දුල්ල රහ්මන් පවසන්නේ සදාම් හුසේන්ගේ පාලන සමයේදී සිරියාවේ ගුවන් නියමු පුහුණුව ලැබූ නියමුවන් මෙසේ ඉස්ලාම් අන්තවාදීන් සමග එකතුව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ගුවන් යානා ගුවන් තොටුපළ අවට පියාසර කරන ආකාරය ජනතාව දැක ඇති බවයි. කෙසේ වෙතත් ඉරාක ගුවන්  නියමුවන් කොපමණ පිරිසක් මෙසේ ජිහාඩ්වරු සමග එකතු වී සිටීද යන්න පැහැදිලි නෙමැති බවත් ඔහු පවසයි.

සාක්ෂිකරුවන්ගේ තොරතුරු අනුව මෙම ප්‍රහාරක යානා මිග්-21 හා මිග්-23 වර්ගයේ ඒවා බවට විශ්වාස කෙරෙයි.

නරේන් විශ්වජිත්
අද

0 comments: