Pages

Wednesday, October 8, 2014

මූසලු අනාථ ළමා නිවාස භූමියේ ගව ඝාතනාගාරයක්‌

මල්වානේ වල්ගම, උලහිටිවල ප්‍රදේශයේ මුස්‌ලිම් අනාථ ළමා නිවාස භූමියේ පවත්වාගෙන ගිය නීති විරෝධී ගව ඝාතනාගාරයක්‌ වටලා මස්‌ පිණිස මැරීම සඳහා රැගෙන එන ලද බව කියන එළුවන් හැට නවදෙනකු දොම්පේ පොලිසිය මගින් පසුගියදා (04 වැනිදා) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙහි ඝාතනය කරන සතුන්ගේ මස්‌ එම ළමා නිවාසයේ සිටින ළමුන්ට ආහාරය පිණිස ලබාදෙන බවට පවසන අතර මේ ඝාතනාගාරයේ ගවයින් මරණ බවටද තොරතුරු ලැබී ඇතැයි කියති.

ජාතික සංඝ සම්මේලනයේ මහා ලේකම් පාහින්ගල ආනන්ද සාගර හිමියන් ඇතුළු හිමිවරුන් දෙනමක්‌ විසින් පොලිසියට කරන ලද දැනුම් දීමක්‌ මත මේ වැටලීම සිදුකර තිබේ.

පූගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් ඩී. ඒ. පී. වීරත්න මහතා ඊයේ (05 වැනිදා) දහවල් මේ ස්‌ථානයට පැමිණ එම එළුවන් බඩල්ගම රජයේ ගොවිපළට භාර දෙන ලෙසට පොලිසියට නියෝග කර අදාළ තැනැත්තා අත්අඩංගුවට ගන්නා ලෙසටද නියම කෙරිණි. දොම්පේ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එස්‌. ජී. එම්. රණතුංග මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් මේ වැටලීම සිදු කළහ.

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන හා පූගොඩ - සරණපාල නුවරපක්‍ෂ
http://www.divaina.com/2014/10/06/news26.html

Pic Source

1 comments:

sAm (සෑම්) said...

සරලව කිව්වොත් කාලකන්නි..