Pages

Monday, October 20, 2014

මීයන් යොදා කළ පර්‍රික්ෂණ සාර්ථකයි. දියවැඩියාවට පිළිතුරක්

මිනිස් අපරිණත ප‍්‍රාථමික සෛල ඉන්සියුලින් නිපදවිය හැකි සෛල බවට පරිවර්තනය කිරීමේ ක‍්‍රමයක් හාවඞ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

ඉන්සියුලින් වෑස්සෙන බීටා සෛල සාමාන්‍යයෙන් අග්න්‍යාශය තුළ පිහිටා ඇති අතර නව ක‍්‍රමවේදය මගින් නිශ්චිත ජාන නිශ්චික පිළිවෙළකට උත්තේජනය කිරීම මගින් බීටා සෛලයේ සිදුවන යාන්ත‍්‍රණය ප‍්‍රාථමික සෛලය තුළද ආරම්භ කරනු ලැබේ.

විද්‍යාඥයින් පවසන්නේ වෙනස් කරන ලද චර්ම සෛල පවා මේ ආකාරයට පරිවර්තනය කළ හැකි බවයි.  වසර 15ක් පුරා සිදුකළ පර්යේෂණයක් මගින් මෙම ප‍්‍රතිඵලය අත්කරගෙන ඇති අතර රුධිරයේ සීනි මට්ටම පාලනය කළ හැකි සෛල මිලියන ගණනක් බිහිකිරීමේ හැකියාව දැන් හාවඞ් පර්යේෂකයන් වෙත හිමිවී ඇත.

ඇමරිකාවේ මිලියන 29.1ක් ජනතාව දියවැඩියාවෙන් පීඩා විඳින අතර එය සමස්ත ජනගහනයෙන් 9.3%කි.  මෙතෙක් කල් දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් එන්නත් කිරීමට සිදුවූ අතර එය සිදුකිරීමට නිරන්තර වෛද්‍ය පරීක්‍ෂණ සිදුකළ යුතු විය.

දියවැඩියා තත්වය උත්සන්න වුවහොත් අන්ධ බව, ස්නායු හානි හෝ අත් පා අහිමි වීම සිදුවූ නමුත් නව ක‍්‍රමය මගින් රුධිරයේ සීනි සංයුතිය තුලනය කරන සෛල සිරුර තුළ සිටම ක‍්‍රියාත්මක වනු ලබයි.  මීයන් යොදා සිදුකළ පර්යේෂණය අතිශය සාර්ථක වූ පසු දැන් එය ක්‍ෂීරපායීන් කෙරෙහි අත්හදා බැලීමට නියමිත බව පැවසේ.

http://lankacnews.com/sinhala/foreign-news/123511/

0 comments: