වප් පසළොස්‌වක පොහොය දිනය අදට (08 වැනිදාට) යෙදී ඇත. මේ නිමිත්තෙන් අනුරාධපුර ශ්‍රී මහාබෝධිය, මහනුවර දළදා මාලිගාව, කැලණිය රජමහා විහාරය ඇතුළු දිවයිනේ බෞද්ධ වෙහෙර විහාරවල ධර්ම දේශනා, ශීල ව්‍යාපාර ඇතුළු පිංකම් රැසක් පැවැත්වේ.
පින්වතුනි,
අද වප් පුර පසළොස්‌වක පොහොය දවසයි. වස්‌සාන සමයේ අවසන් පුර පසළොස්‌වක පොහොය මෙන්ම කඨින චීවර මාසයේ ආරම්භක දිනය වන්නේ ද අද දිනයයි. පෙර වස් විසූ උපසපන් භික්‍ෂූන් වහන්සේලා වස් පවාරණ විනය කර්මය සිදු කරන්නේ ද අද දිනයේය.
බුදුරජාණන් වහන්සේ තම මාතෘ දිව්‍යරාජයාට අභිධර්මය දේශනා කිරීමට තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කොට එම ධර්මය දේශනා කොට එහිම වස් කාලය ගත කොට නැවත දඹදිව සංකස්‌ස පුරයට වැඩම කළේ වප් පුර පොහෝදාය.
අනුබුදු මිහිඳු මාහිමියන්ගේ අනුශාසනා පරිදි අරිට්‌ඨ තෙරුන් ප්‍රධාන සංඝරත්නයේ මූලිකත්වයෙන් අනුරාධපුර ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කළේ ද වප් පුර පෝදාය. එමෙන්ම දේවානම්පියතිස්‌ස රජුගේ අනුග්‍රහයෙන් ලංකාවේ භික්‍ෂුණී සසුන පිහිටුවීම සඳහා භික්‍ෂුණීන් වහන්සේලා පිරිසක් ලංකාවට වැඩම කර වීමට දූත පිරිසක් දඹදිව අශෝක රජු වෙත පිටත් කර හැරියේ ද වප් පුර පොහෝදාකය.
මෙවන් උතුම් පුර පසළොස්‌වක් පොහෝ දින ලක්‌වැසියන් ශ්‍රද්ධාවෙන් තෙරුවන් ගුණ සිහිකර ගනිමින් වෙහෙර විහාරස්‌ථානයන්හි විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කරයි. විශේෂයෙන් උවසු උවැසියන් විහාරස්‌ථාන කරා ගොස් අටසිල් සමාදන් වී සිල්වන්ත ජීවිතයක් ගත කිරීම සුවිශේෂ වේ. මෙවන් දිනයක අප බුදුරදුන් දේශිත.
යථා පී පුප්ඵ රාසිම්හා
කයිරා මාලා ගුණේ බහු
ඒවං ජානේන මච්ෙච්න
කත්තබ්බං කුසලං බහුං
යන ගාථා ධර්මය වටහාගෙන ඒ අනුව ක්‍රියා කිරීම ඉතා වැදගත්ය. එහි අර්ථය වන්නේ මල් දම් ගොතන දක්‍ෂ මල්කරුවා විවිධ මල් ගෙන මල්දම් ගොතන්නා සේ මනුෂ්‍ය ලෝකයේ උපන් සෑම මනුෂ්‍යයකුම කුසල් නමැති මල්දම් රැස්‌කර ගත යුතු බවයි.
අප මනුෂ්‍ය ආත්මයක් ලබා උපදිනුයේ පෙර කුසල් කර ඇති නිසයි. ඉතා අමාරුවෙන් ලබාගත් මෙම මනුෂ්‍ය දිවිය අර්ථවත් කර ගැනීමටත් පරලොව සුගතිගාමී දිවියක් ලබා ගැනීමටත් අවශ්‍ය කරන කුසල් දහම් සම්පාදනය කර ගැනීම මිනිසා විසින් කළ යුතුය. අප අවට සිටින විවිධ තිරිසන් සත්ත්වයන් අපේ ඇසට පෙනෙයි. එමෙන්ම ඇසට නොපෙනෙන ප්‍රේත, භූත, කොටස් ද අප අවට සැරිසරයි. ඔවුන් ගත කරනුයේ ඉතා දුක්ත ආත්ම භවයන්ය. ඔවුන් එවැනි ආත්මවල උපත ලබා ඇත්තේ පෙර ආත්මවල අකුසල් කර ඇති නිසාය. එම ආත්මවලින් ගොඩ ඒමට පින් කිරීමට ද ඔවුන්ට හැකියාවක් නැත. නමුත් මනුෂ්‍ය ආත්මයක් ලැබූ අපට කුසල් දහම් සිදු කර ගනිමින් මෙලොව ජීවිතය අර්ථවත් කර ගැනීමටත් මින් මතු උපදින භවයන් සුගතිගාමී කර ගැනීමටත් අවශ්‍ය කුසල් දහම් රැස් කරගත හැකිය.
පුද්ගල සිත වෙනස් වෙයි. ඒ අනුව පුද්ගලයා ද වෙනස් වෙයි. පුද්ගලයා වෙනස් වන විට සමාජය ද වෙනස් වෙයි. නුවණැති පුද්ගලයා ඒ වෙනස් වීම යහපතට මිස අයහපතට යොදා නොගනී. අද කළ කුසලයට වඩා වැඩි කුසලයක් හෙට දවසේ සිදු කිරීමට උත්සාහ ගනියි. එලෙස ක්‍රියා කිරීමෙන් තම මිනිස් දිවිය අර්ථවත් වේ.
දිනෙන් දින පිනට දහමට ලැදි පුද්ගලයෙකු බවට පත්වේ. එබඳු තැනැත්තාට සිතේ උපදින සතුට සැනසීමට අමතරව සමාජයෙන් ද නිරතුරුව කීර්ති ප්‍රශංසා හිමි වෙයි. මනුෂ්‍ය දිවිය ජය ගන්නා උතුම් පුද්ගලයන් වන්නේ ද එබඳු පුද්ගලයන්ය. මනුෂ්‍ය දිවිය පමණක් නොව මරණයෙන් පසු දිව්‍ය බ්‍රහ්ම ආදී උතුම් ලෝකවල උපත ලබා සැනසීමට පත් වේ. ඔබත් එලෙස ක්‍රියාකොට මෙලොව පරලොව සැනසීම උදාකර ගැනීමට උත්සාහ කරන්න.
තෙරුවන් සරණයි!
හම්බන්තොට සිංහගිරි විහාරාධිපති සූරියවැව ජාතික පාසලේ ආචාර්ය, බොදු සංරක්‍ෂණ පදනමේ සභාපති විතාරන්දෙණියේ වජිරවංස හිමි
http://www.divaina.com/2014/10/08/news10.html
Pic Source

0 comments:
Post a Comment