Pages

Wednesday, October 8, 2014

විරාතු හිමියන්ගේ ලංකා ගමනට එරෙහි වූවෝ කවරහුද?

බුරුමයේ අශ්වින් විරාතු හිමියන්ගේ ලංකා ගමන පිළිබඳව මෙරට මුස්‌ලිම් සංවිධාන බෙහෙවින් කලබලයට පත්විය. බහුතර බෞද්ධයන් වෙසෙනා දේශයකට තවත් ථෙරවාදී රටක බෞද්ධ භික්‍ෂුවකට පැමිණීමට නොහැකිද? විරාතු හිමියන් පැමිණියේ සවුදි අරාබියට නොව ශ්‍රී ලංකාද්වීපයටය. මේ 47 වියෑති බෞද්ධ භික්‍ෂුව ත්‍රස්‌තවාදියෙක්‌, ඝාතකයෙක්‌ බවට පත් කළේ බටහිර මාධ්‍ය මිස බුරුම මාධ්‍යවේදීන් නම් නොවේ.

කිසිම අපරාධ චෝදනාවක්‌ නැති සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂුවක වන විරාතු හිමියන් බෞද්ධ ත්‍රස්‌තවාදයේ මුහුණුවර යෑයි 2013 ජුලි 01 වැනිදා ටයිම් සඟරාවේ ප්‍රධාන ලිපිය මගින්ම ප්‍රචාරය කළා පමණක්‌ නොව එහි මුල් පිටුවට උන්වහන්සේගේ ඡායාරූපයක්‌ද යොදා තිබිණි. හැනා බීව් නමැති මාධ්‍යවේදිනිය විසින් බුරුම බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ප්‍රධානී විරාතු හිමියන්ගේ සැබෑ ප්‍රතිරූපය කෙළෙසමින් ලියූ ලිපිය දෙස්‌ විදෙස්‌හි බරපතළ ආන්දොලනයකට ලක්‌විය. විරාතු හිමියන් බෞද්ධ ත්‍රස්‌තවාදයේ මුහුණුවර යෑයි කියූ ටයිම් සඟරාව අයි. එස්‌. අයි. එස්‌. සංවිධානයේ නායක අබු බකර් බැග්ඩෑඩ් මුස්‌ලිම් ම්ලේච්ඡත්වයේ මුහුණුවර යෑයි හඳුන්වන්නේ ද? ටයිම් සඟරාවේ මාධ්‍යවේදියකු කිසිම දිනක බෞද්ධයන් අතින් ඝාතනය වූයේ නැත. නමුත් බෞද්ධ ත්‍රස්‌තවාදය ගැන විවිධ ලිපි පළ කළ ටයිම් සඟරාවේම මාධ්‍යවේදියකු වූ ස්‌ටීවන් අයි. එස්‌. අයි.එස්‌. සංවිධානය විසින් ගෙල සිඳ මරා දැමීම සැබැවින්ම දෛවෝපගතය. සැබෑ ත්‍රස්‌තයෝ කවුරුන්දැයි හැනා බීව් මාධ්‍යවේදිනියට අවබෝධවී ඇත්ද යන්න අපට තවමත් පැහැදිලි නැත.

බොදු බල සේනා සංවිධානයේ ජාතික සමුළුව ඉකුත් ඉරිදා කොළඹ සුගතදාස ගෘහස්‌ථ ක්‍රීඩාංගනයේදී දැවැන්ත ජන සහභාගිත්වයකින් යුතුව සාර්ථක ලෙස නිමා විය. එහි ප්‍රධාන ආරාධිතයා වූයේ බුරුමයේ විරාතු හිමියන් ය. මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායක හිමිපාණන් බොදු බල සේනා සංවිධානයේ මහ සමුළුවට කැඳවීම ගැන මෙරට බහුතර ජනතාව කිසිම දොසයක්‌ නඟන්නේ නැත. ථෙරවාදී බෞද්ධ ලෝකය මුහුණ දෙන අභියෝග ශ්‍රී ලංකාවට මෙන්ම බුරුමයටත් පොදුය. 

බටහිර මාධ්‍යයට උන්වහන්සේ ත්‍රස්‌තවාදියෙක්‌ වූයේ මේ ගැන නොබියව කතා කරන නිසාය. 

මේ අභියෝග අතර ප්‍රමුඛ වන්නේ මුස්‌ලිම් අන්තවාදය හා ව්‍යාප්තවාදයයි. මෙහි කටුක සත්‍යය හෙළි කරන විරාතු හිමියන් සැබැවින්ම මෙරට ජාතික ව්‍යාපාරයටද ආදර්ශයකි. ඒනිසාම දහස්‌ ගණන් බෞද්ධයන් සාධු නාද පවත්වද්දී මේ භික්‍ෂුව බොදු බලසේනා මහ සමුළුව ඇමතූ අයුරු අපට දක්‌නට ලැබිණි. එහිදී විරාතු හිමියන් පැවසුවේ කුමක්‌ද? බෞද්ධයන් අන්තවාදීන් යෑයි කියන්නත් විහාරස්‌ථාන හා භික්‍ෂූන් විනාශ කරන ජිහාඩ් අන්තවාදය සාධාරණීය කරන්නත් සමහර මාධ්‍ය කටයුතු කරන බවයි. මෙය සැබවින්ම ඇත්තකි. මෙරට සමහර ඉංගී්‍රසි මාධ්‍යවලටත් බුරුම විරාතු හිමියන්ගේ පැමිණීම බලවත් ප්‍රශ්නයක්‌ විය. එහෙත් අබුබකර් බැග්ඩැඩ්ගේ අයි. එස්‌. අයි. එස්‌. සංවිධානය මෙන් බුරුම 969 සංවිධානය සිය විරුද්ධවාදීන්ගේ ගෙල කපා මරා දමා ඇත්ද? ක්‍රිස්‌තියානීන් බලහත්කාරයෙන් මුස්‌ලිම් ආගමට හරවා ඇත්ද? ආගමට බඳවාගත නොහැකි ක්‍රිස්‌තියානීන් කුරුසයේ තබා ඇණ ගසා ඇත්ද? මුස්‌ලිම් නොවන කාන්තාවන් ලිංගික වහල් භාවයට ගෙන ඇත්ද? මනුෂ්‍ය ශිෂ්ටාචාරය නැවත ගල් යුගයට ගෙන යන මුස්‌ලිම් අන්තවාදයක්‌ බිහිව තිබියදී සමහරුන්ට මතක්‌ වන්නේ බුරුම විරාතු හිමියන්ගේ 969 ව්‍යාපාරය ගැන පමණකි. මෙය සැබැවින්ම විශාල වංචාවකි. 

මේ වනවිට ලොව ප්‍රධාන ගැටුම් 23 ක්‌ සිදුවෙමින් පවතී. එයින් 22 ක්‌ ම සිදුවන්නේ මුස්‌ලිම් අන්තවාදය නිසාය. එහෙත් මේ බුරුම භික්‍ෂුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම බලවත් අපරාධයක්‌ බව ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ වැඩබලන සභාපති හිල්මි අහමඩ් මහතා ලිපියක්‌ ලියමින් ජනාධිපතිවරයාට දන්වා තිබිණි. ඇත්තෙන්ම විරාතු හිමියන් ඉකුත් බදාදා අලුයම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. උන්වහන්සේ ලංකාවට වැඩියාය කියා කිසිම ආගමික ගැටුමක්‌ ඇතිවූයේ නැත. ආගමික සහනශීලිත්වයට හානියක්‌ සිදු වූයේ ද, නැත. මෙරට බෞද්ධයන් කිසිවිටක අන්‍යාගමික පූජකවරුන්ට හෝ වෙනත් ආගමික නායකයන්ට මෙරටට පැමිණීමට ඉඩ ලබා නොදිය යුතු බව ප්‍රකාශ කරන්නේ නැත. එසේනම් පාප් වහන්සේ ලබන ජනවාරියේ ලංකාවට පැමිණෙන්නේ කෙසේද? මෙරට ජනගහනයෙන් කතෝලික ප්‍රතිශතය 7% ක්‌ පමණි. බහුතර බෞද්ධ ජනතාව මේ ගමන ගැන විරෝධයක්‌ පළ කර නැත. 

බෞද්ධ භික්‍ෂුවකට ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් ඒ සඳහා මුස්‌ලිම් කවුන්සිලයෙන් අවසර ගත යුතු ද? එදා නාලන්දාව විනාශ කළ භක්‌තියාර් ඛල්ජිගේ අවතාර යළිත් මේ කවුන්සිල තුළ හොල්මන් කරන බව නම් රහසක්‌ නොවේ. මුස්‌ලිම් අන්තවාදීන්ගේ තර්ජන හමුවේ පවා විරාතු හිමියන්ට වීසා පහසුකම ලබාදීම ගැන රජයට ස්‌තුතිවන්ත විය යුතුය. 

මෙරට ආගමික සහජීවනයට ප්‍රශ්නයක්‌ වන්නේ විරාතු හිමියන්ට වීසා ලබාදීම ප්‍රතික්‍ෂේප කළා නම් පමණකි. එහිදී මේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ නායකයාට ලංකාවට ඒමට ඉඩනොදිම ගැන බෞද්ධ ප්‍රජාව කුපිත වීම වැළැක්‌විය නොහැකි වනු ඇත. නමුත් විරාතු හිමියන් කිසිම බාධාවකින් තොරව ලංකාවට පැමිණ මහ සඟ සමුළුවටත් සහභාගි වී අනුරාධපුරයේ මෙන්ම මහනුවරත් බෞද්ධ සිද්ධස්‌ථාන වැඳ පුදාගෙන දළදා පූජාවකුත් පවත්වා නැවත රැංගුන් නුවර බලා ගොස්‌ ඇත. දැන් කිසිවකු කලබල විය යුතු නැත. සැබැවින්ම විරාතු හිමියන්ගේ ආගමනය නිසා මෙරට ආගමික සංහිඳියාවට කිසිම ප්‍රශ්නයක්‌ ඇති වූයේ නැත. එය සදාකල් සුරැකෙනු ඇත.

එහෙත් මෙරට සමහර විකල්ප මාධ්‍යයට නම් විරාතු හිමියන් මස්‌ මරන්නෙක්‌ විය. එක්‌ විකල්ප වෙබ් අඩවියක විරාතු හිමියන්ගේ ලංකා ගමන ගැන සඳහන් ලිපියක ශීර්ෂ පාඨය වූයේ ඊමඑජයෑර දෙ එයෑ ඵමිකසප ඨැඑ ඔදටැඑයෑර යනුවෙනි. විරාතු හිමියන් මස්‌ වැද්දෙක්‌ නම් අබුබකර් බැග්ඩෑඩ් හඳුන්වන්නේ කෙසේද? ඒ යක්‍ෂයා හැඳින්වීමට වචන සෙවීමද අපහසු වනු ඇත. ඉහත ලිපියේ සඳහන් වූයේ විරාතු හිමියන්ගේ ලංකා ගමනත් සමඟ මෙරට මුස්‌ලිම්වරුන් හා බෞද්ධයන් අතර තිබූ සහජීවනය සම්පූර්ණයෙන්ම නැතිවූ බවය. මෙය සැබැවින්ම කුහක ප්‍රකාශයකි. අද ලොව පුරාම ආගමික සහජීවනය නැති කර දමන්නේ කවුරුන්ද? දෙවියන් වෙනුවෙන් මිනීමරන්නේ බෞද්ධයන් නම් නොවේ. 

ලංකාවේ සිටින වහාබ් අන්තවාදී ලේඛකයන් විරාතු හිමියන්ට මඩ ගැසූ නමුත් එය සාර්ථක වූයේ නැත. මේ ගමන නවත්වන්න උත්සාහ කළේද වහාබ්වාදීන් මිස අන් කවරකුවත් නොවේ. එහෙත් නැඟී එන බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය යට කිරීමට මේ අන්තවාදයට කළ හැකි කිසිවක්‌ නොමැත. 

චතුර පමුණුව
http://www.divaina.com/2014/10/05/feature12.html

0 comments: