Pages

Wednesday, October 1, 2014

කූරගල කැණීමේ දත්ත විශ්ලේෂණ කටයුතු ඇරඹේ

කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ සිදු කළ කැණිම්වලින් මතු කර ගත් පුරාවිද්‍යා සාධක වල විශ්ලේෂණ කටයුතු 2014 අගොස්තු මස දී ආරම්භ කෙරිණි. ඒ අනුව සබරගමුව පුරාවිද්‍යා කාර්යාලයේ දී මේ වන විටත් විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදේශකත්වය මත දෙපාර්තමේන්තු නිලධාරින්ගේ සම්පත් දායකත්වයෙන් මේ විශ්ලේෂණ කටයුතු සිදු කෙරෙන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු කැණීම් අධ්‍යක්‍ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතාගේ විශේෂඥ සම්පත් දායකත්වය ද එයට ලැබී තිබේ. තවද විදේශ ආයතන කිහිපයක සහයෝගය ද මේ සදහා ලබා ගැනීමට කටයුතු කර ඇත.


කූරගල භූමියේ සමස්ත කැණීමෙන් හමු වූ දත්ත විශ්ලේෂණය කර කූරගල ඉතිහාසය පැහැදිලි කර ගැනීමත් එම කාලය තුළ මානවයාගේ තාක්‍ෂණික භාවිතාවන්, ආහාර රටාවන් සහ පරිසරයේ විවිධතා හදුනා ගැනීමෙන් මෙම ව්‍යාපෘතින්ගේ අරමුණ වේ.


උක්ත කැණීම් මගින් අනාවරණය වු ප‍්‍රධානතම කරුණ නම් කූරගල භූමි ප‍්‍රදේශය බලංගොඩ මානවයා ජීවත් වු භූමියක් ලෙසට හදුනාගැනීමට හැකි වීමයි. කූරගල පරිසරයට අනුගත වෙමින් ද ගින්දර භාවිත කරමින් ද මේ මානවයා ශිෂ්ටාචාරගත දිවිපෙවෙතක් ගත කර ඇති බවට තහවුරු විය.

එමෙන්ම ඔවුහු දිවයිනේ සමකාලීනව ජීවත් වු ජන කොට්ඨාශ සමග විශේෂයෙන් වෙරළබඩ තැන්නේ ජිවත් වු මානවයා සමග ද අන්තර්සබදතා පවත්වා ඇති බවත් හෙළි වී තිබේ.

මොවුන් භාවිත කළ ආයුධ අතර තාක්ෂණයෙන් ඉහළ ජ්‍යාමිතික රූපී ක්ෂුද්‍ර ශිලා මෙවලම් ද අස්ථි වලින් සැකසූ මෙවලම් ද බහුල විය. තවද සත්ව අස්ථි වලින් සෑදු පබඵ ද ගුරුගල් භාවිතයෙන් සැකසූ වර්ණ ආලේපන පිළිබද සාධක ද කැණිමෙන් අනාවරණය විය.

කූරගල මානවයා විසින් වියළි කලාපය හා තෙත් කලාපය යන දෙකටම ආවේණික වු සතුන් ආහාරයට ගන්නා ලද බව හමුවී ඇති සත්ව අවශේෂ වලින් පැහැදිලි විය. මුහුදු මසුන්, කලපු කකුඵවන් ඒ අතර බහුලව දක්නට ලැබිණ. තව ද දුර්ලභ දිවි වර්ග, වල් ගවයා වැනි දැනට වද වී ඇති සතුන්ගේ කොටස් ද මේ කැණිමේ දී හමු වීම සුවිශේෂි කරුණකි. ක්ෂීරපායි මෙන්ම උරග වර්ග රැසකගේ අස්ථි කොටස් ද දිය හා ගොඩ ගොඵබෙල්න්ගේ කොටස් ද කැණීමේ දී හමු විය.

මෙසේ හමු වී ඇති සියලූ දත්ත විශ්ලේෂණය කිරීම මගින් මේ මානවයාගේ සංක‍්‍රමණික ක‍්‍රියාවලිය ව්‍යාප්ත වීමේ රටාව ආදි බොහෝ තොරතුරු ඉදිරියේ දී හෙළි කර ගැනීමට හැකිවනු ඇත. කෙසේ වෙතත් මෙම විශ්ලේෂණ කටයුතු ඉදිරි මාස කිහිපයේත් සබරගමු පුරාවිද්‍යා කාර්යාලයේ දී සිදු කිරීමට නියමිතයි.

– තරංගා වික‍්‍රමරත්න
http://lankacnews.com/sinhala/news/122782/

Pic Source

සබැඳි ලිපි -
[
මහින්දාගමනයට එහා ඓතිහාසික යක්ෂ, නාග, දේව හෙළ විභූතිය කුරගලින්http://denethharinna.blogspot.com/2014/06/blog-post_28.html
දත්තගේ පර්වතය (කූරගල) - මංත්‍රී අබුසාලිගේ බොරු පැමිණිල්ල හමුවේ 1939 දී පවා තහවුරු වූ පුරවිද්‍යා උරුමය ජනපති අණින් මුසලුවන්ට???http://denethharinna.blogspot.com/2014/06/1939.html
කූරගලට වුණ දේ රුවන්වැලියටත් වෙයිද?http://denethharinna.blogspot.com/2014/06/blog-post_4168.html
‘කූරගල මානවයා’ කාලනීර්ණය - සංඝාරාමය කි‍්‍රපූ යුගයේ! ඓතිහාසික ගල්ලෙන් ප‍්‍රාග් ඓතිහාසික අවධියේදී මානවයාගේ වාසස්ථානhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_7669.html
ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ සාධක රැසක්‌ කූරගල කැණීම්වලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_21.html
කුරගල බොදු පින් බිමක්! මුසළු වැසිකිළි, සොහොන් ඉවත්කළ විට ඉපැරණි උරුමය මතුවේ!
http://denethharinna.blogspot.com/2013/05/blog-post_17.html
මුසලුවන් වැසිකිළි ඉඳිකර වැනසූ මහා උරුමය - කුරගල - ආදී මානවයාගේ ජය බිමක්
http://denethharinna.blogspot.com/2013/05/blog-post_3170.html
ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මානවයන් ආහාරයට ගත් බව සැලකෙන බෙල්ලන් කූරගලින් හමුවෙයි
http://denethharinna.blogspot.com/2013/05/blog-post_8.html
කූරගල ශ‍්‍රී පාද දිවා ගුහාව නැවතත් බෞද්ධයින්ට
http://denethharinna.blogspot.com/2013/05/blog-post_5944.html
මුසලුවන් වැනසූයේ මහා උරුමයක් - කූරගල කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික පුරාවස්තු හමුවේ
http://denethharinna.blogspot.com/2013/05/blog-post_6.html
කූරගල කැණීම්වලින් ප‍්‍රාග් මානවයාගේ වගතුගත් හෙළිවේ
http://denethharinna.blogspot.com/2013/04/blog-post_8538.html
කූරගල මුස්ලිම් පල්ලිය ඉවත් කරන්නේ නෑ - ජගත් බාලසූරිය
http://denethharinna.blogspot.com/2013/04/blog-post_1747.html
කුරගල බොදු පිම්බිමේ අතීතය සොයා පුරාවිදු කැණීම්
http://denethharinna.blogspot.com/2013/04/blog-post_9769.html
අහිමි කෙරුමට සැරසෙන බොදු උරුමය "කුරගල" රැකගැනුමට, විරු දරුවනි ඔබ සූදානම්ද?
http://denethharinna.blogspot.com/2013/01/blog-post_25.html
දඹුල්ල අනවසර පල්ලිය, මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://denethharinna.blogspot.com/2012/07/blog-post.html
]

0 comments: