Pages

Wednesday, October 15, 2014

එදා මාවිල්ආරුවලින් පටන්ගෙන බලමුළු ගැන්වූ ලෙස වැරදි මඟ යන රට නිවැරදි කරන්න හැම දෙයක්‌ම කරනවා - රතන හිමි

එදා රටට ව්‍යසනයක්‌ වූ කුරිරු ත්‍රස්‌තවාදය යුද්ධයෙන් නිමා කිරීමට මාවිල්ආරුවලින් පටන්ගෙන මුළු රටම බලමුළු ගැන්වූ ආකාරයටම වැරදි මඟක යන රට නිවැරදි දිශාවට ගැනීමට කළ හැකි සෑම දෙයක්‌ම සිදුකරන බව පිවිතුරු හෙටක්‌ සංවිධානයේ ජාතික සම්බන්ධීකාරක අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

මේ රට නිවැරදි මඟට ගැනීමට කටයුතු නොකළහොත් අනාගත පරපුර ශාප කරාවි යෑයි ද ඊයේ (14 වැනිදා) කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 19 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත් යෝජනාව එළිදැක්‌වීමේ උත්සවයේදී රතන හිමියෝ පැවසූහ.

රතන හිමියන් විසින් ව්‍යවස්‌ථා කෙටුම්පත මුලින්ම විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වූ අතර පසුව පැමිණ සිටි ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‌ෂ, ඩියු ගුණසේකර. මහාචාර්ය තිස්‌ස විතාරණ, රාජිත සේනාරත්න, එජාප නායකත්ව මණ්‌ඩල සභාපති කරු ජයසූරිය, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පක්‌ෂ විපක්‌ෂ මැති ඇමැතිවරුන් වෙත පිළිගැන්වූහ. 

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ රතන හිමියෝ මෙසේද පැවසූහ.

මේ ආණ්‌ඩුව තනි පුද්ගලයෙක්‌. තනි පවුලක්‌, රාජ්‍ය නිලධාරීන් දෙතුන් දෙනෙක්‌ මෙහෙයවන ආණ්‌ඩුවක්‌. නැකැත්කරුවන් විසින් තීරණය කර තිබෙනවා ජනාධිපතිවරණය කලින් තියන්න. මැතිවරණ රටේ අවශ්‍යතාව මත පැවැත්විය යුතුවා මිස පුද්ගල අවශ්‍යතා මත නොතැබිය යුතුයි. මෙය ප්‍රඥවන්ත නොවන තීරණයක්‌. වාමාංශික පක්‍ෂ ඉල්ලුවා ජනාධිපතිවරණය තියන්න එපා කියලා. ඒ කිසි දෙයක්‌ ගණන් ගෙන නැහැ.

අපි මේ ආණ්‌ඩුවේ සන්ධානයේ එක්‌ පක්‍ෂයක්‌. අපි සමග කවදාවත් මේ ජනාධිපතිවරණයක්‌ ගැන සාකච්ඡා කර නැහැ. කැබිනට්‌ එක සමග කතා කර නැහැ. තම කේන්දරයට අනුව ඡන්දය කැඳවනවා. මෙය වැරදි බව කියන්න අපිට කොන්දක්‌ තියෙනවා.

අධර්මය, අසත්‍ය දැක දැක කතා නොකරන මිනිසා තරම් අධර්මිෂ්ඨයකු තවත් නැහැ. කොන්ද පණනැති නිවටයෝ වගේ බලා සිටියොත් අනාගත පරම්පරාව අපිට ශාප කරාවි.

අපි මේ කෙටුම්පත සකස්‌කරද්දී සියලු දෙනා සමග සාකච්ඡා කළා. එහි ප්‍රතිඵලයක්‌ ලෙස නිශ්චිත කෙටුම්පතක්‌ ගේන්න පුළුවන් වුණා. දැන් ජනාධිපතිවරණයක්‌ තියන්න නොව මේ යෝජනා ක්‍රියාත්මක කිරීමයි කළ යුත්තේ.

සියලු පළාත් සභා එකවර තැබිය යුතුයි. මනාප ක්‍රමය අහෝසි කළ යුතුයි. අපේ ක්‍රමයට අනුව ජනාධිපති ගෞරවාන්විත පුරවැසියෙක්‌ වෙනවා. අපි කැමැතියි මහින්ද රාජපක්‍ෂ මහතා එවැනි නායකයෙක්‌ වෙනවා දකින්න. ඔහු යුද්ධය ජය ගත්තා. ඔහු පිටව යා යුත්තේ පිරිහී ගිය නායකයකු ලෙස නොව ගෞරවාන්විත නායකයකු ලෙස සමුගත හැකියි. රට තුළ ඉතිහාසගත නමක්‌ තියා කටයුතු කළ යුතුයි.

අද රජරට ප්‍රදේශය විශාලා මහනුවරක්‌. ඇයි ආණ්‌ඩුව ගොවි ප්‍රශ්නය ගැන සිතන්නේ නැත්තේ. බහුජාතික සමාගම්වලට අනුව නටන්නෙ ඇයි. මීට එරෙහිව දේශපාලන තීන්දුවක්‌ ගන්නේ නැත්තේ. අද ගමක්‌ නැහැ. මතට යටවෙලා. ඇමැතිවරුන්ම බාර්දාලා එතනෝල් ගේනවා. සංස්‌කෘතික සෝදාපාලුවක්‌ ඇතිවෙලා. පාසල් ළමයින් සමාජ ශාලාවල, රාජ්‍ය මගින් ජාති, ආගම් භේදවලින් තොර දරුවකු හැදිය යුතුයි. නමුත් අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ නැහැ.

මත්කුඩු ව්‍යාප්ත වෙන හැටි දැක්‌කම රාජ්‍ය හස්‌තයක්‌ මේ තුළ ඇත්දැයි සාධාරණ සැකයක්‌ මතුවෙනවා. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සියයට 90 ක්‌ පිටරටින් බෙහෙත් ගේනවා. ප්‍රතිපත්තියක්‌ නැහැ. දේශීය ව්‍යාපාරිකයින් නැහැ. දේශීය කර්මාන්ත කඩා වැටිලා. බහුජාතික සමාගම් වැහි වැහැලා.

18 වැනි සංශෝධනයට ඡන්දය දීම වැරදි බව අද මම පාපොච්ඡාරණය කරනවා. ජනාධිපතිවරයා එදා එය කළේ තමන් සඳහායි. අඩුම ගානේ ඡන්ද ක්‍රමයවත් වෙනස්‌ කරන්න බැරි වුණා. හොරු බිහි කරන්නේ මේ මැතිවරණ ක්‍රමයයි. මේ ආණ්‌ඩුව එවැනි සංවාදයක්‌ කළේ නැහැ. ශ්‍රීලනිපයේ ඇමැතිවරු සැලකිය යුතු පිරිසක්‌ මේ සංශෝධනයට ශක්‌තිය දෙනවා කිව්වා. 

දැන් ජනාධිපතිවරණය තියන්න යනවා. අයවැය ඊට පෙර අරන්. ව්‍යවස්‌ථා සංශෝධනය කර මිසක්‌ ජනාධිපතිවරණය නොපැවැත්විය යුතුයි. එය නොසලකා කටයුතු කළහොත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ ආණ්‌ඩුව බලයට ගේන්න සහාය දුන්නා. කරුණාවෙන් ඉල්ලනවා ජනාධිපතිවරණයකට යන්නේ නැතිව මේ ව්‍යවස්‌ථා සංශෝධනයට යා යුතුයි.

එසේ නොකළොත් ජනපති පරාජය කරන්න පුළුවන් හැම දෙයක්‌ම කරනවා. උපවාස, සත්‍යග්‍රහ හැම දෙයක්‌ම කරනවා. ව්‍යවස්‌ථාව සංශෝධනයට අවශ්‍ය තුනෙන් දෙක හදා දෙනවා. සංශෝධනය කරනවා නම් තවත් අඩුපාඩු හදා මෙය ගෙන ආ යුතුයි. එජාපය, ජවිපෙ හැම කෙනාගෙම සහාය තියෙනවා.

එදා 83 දී විශාල කැරලිවලට මග පෑදුනෙ ඡේ. ආර්. ජනාධිපතිවරයා අත්තනෝමතික ලෙස ජනමත විචාරණය පැවැත් වූ නිසා. ඒ තත්ත්වය නිවැරදි කළේ නැති නම් නැවත එවැනි අඳුරු යුගයක්‌ යළි ඇති වෙනවා. ලේ වැගිරීම් ඇති වෙනවා ස්‌ථිරයි.

කැසිනෝ, එතනෝල් කාරයෝ විතරක්‌ හැදිලා. දේශීය ව්‍යාපාරික පංතිය අඬනවා. රාජ්‍ය ආයතන සියල්ල පාඩු ලබනවා. ඒ නිසා අලුත් බලවේගයක්‌ අවශ්‍යයි. මේ ආණ්‌ඩුව යොදවා මෙය කරවා ගත යුතුයි. ඒ සඳහා සියලු දෙනා එක පෙරමුණක සිට කිව්වොත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා යටතේම කරගත හැකියි. අවසාන දිනය, අවසාන බිංදුව දක්‌වාම උත්සාහ කළ යුතුයි. ඒ සඳහා කළ හැකි හැම දේම කරමු.

මගේ ජීවිතයේදී මේ රටට බරක්‌ නොවී සිටීමට කළ හැකි හැම දෙයක්‌ම කළා. අපි මේ අයගේ කොඳු නාරටිය කෙලින් කර නැගිට්‌ටුවා පැවැති ත්‍රස්‌තවාදය යුද්ධයෙන් නිමා කිරීමට පාර හැදුවා. එදා මාවිල්ආරුවෙන් අපි සියලු ගමන් වෙනස්‌ කළා. ඒ යෝධ ශක්‌තිය මෙයටද අවශ්‍යයි.

පාලකයන් තම සැප ගැන විතරයි කතා කරන්නේ. තම පවුල් ගැන විතරයි හිතන්නේ. ගොවි ජනතාව අන්ත අසරණ වෙලා. ඒ නිසා අපි සිටින පක්‍ෂ මායිම්වලින් මිදී මිනිස්‌සු වෙනුවෙන් එකතු වෙමු. මේ ලස්‌සන රට ආරක්‍ෂා කර ගන්න පුළුවන්. රට හදන්න සාමූහික වගකීම ඇති කර ගනිමු.

කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නාහිමි - මේ රටට පැහැදිලි වෙනසක්‌ අවශ්‍යයි. එය ජනතාව ඉල්ලනවා. 1977 ඡේ. ආර්. ජයවර්ධන මහතා ඉදිරිපත් කළ විධායක ජනාධිපති ඇතුළත් ව්‍යවස්‌ථාවේ දරුණු පල විපාක අද භුක්‌ති විඳිනවා. ප්‍රධාන වශයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය. මෙය තියෙනකම් කිසිවක්‌ කරන්න බැහැ. මේ රට අවුල් ජාලයකට ගෙන ගිහින්. ජනාධිපතිට ලෝකයේ වෙනත් කිසිම රටක නැති බලයක්‌ තියෙනවා. ජනාධිපති නීතියට වග කියන්නේ නෑ. අරුම පුදුම ක්‍රමයක්‌.

එදා ව්‍යවස්‌ථාව ගේන වෙලාවේ ඇන්. ඇම්. පෙරේරා මහතා ඊට පක්‍ෂව අත උස්‌සන්න එපා කියා හැමෝගෙන්ම ඉල්ලුවා. එදා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය කිව්වා අපි කවදාහරි මේ ව්‍යවස්‌ථාව අයින් කරනවා කියලා. වත්මන් ජනාධිපතිට මෙය අමුතු දෙයක්‌ නොවෙයි. එදා ජවිපෙ සමඟ 2005 දී ගිවිසුම් ගැහුවා අහෝසි කරන බවට. අද ජනපතිට හරි පහසුයි මෙය අහෝසි කරන්න. නැවත ජනාධිපතිවරණ තියන්න එපා. ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණයක්‌ තියන්න.

අද පරිපාලනය දේශපාලනීකරණය වෙලා. අන්ත දූෂණය වෙලා. පොලිසිය දේශපාලන පොලිසියක්‌ වෙලා. මැතිවරණ කොමසාරිස්‌ අසරණ වෙලා. මැතිවරණ නීති කඩකරනවා. අල්ලස්‌ කොමිසම සම්පූර්ණයෙන්ම අක්‍රිය වෙලා. 17 සංශෝධනය නැවත ක්‍රියාවට නංවන්න. මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි. ජනාධිපති මැතිවරණයක්‌ තියනවා නම් මේ ජයග්‍රහණ සඳහා සූදානම් විය යුතුයි. මාස 06 ක්‌ තුළ ජනාධිපති ක්‍රමය අහෝසි කර මැතිවරණ ක්‍රමය වෙනස්‌ කළ යුතුයි.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, අධිනීතිඥ උපුල් ජයසූරිය, ආචාර්ය සෝමරත්න දිසානායක යන මහත්වරුද මෙහිදි කතාකළහ.

රනිල් ධර්මසේන 
http://www.divaina.com/2014/10/15/news19.html

Pic Source

කතෲ සටහන -
ඡන්ද ළං වෙනකම්, කිසිඳු හඬක් නොනඟා සිට දැන් වැලයන පැත්තට මැස්ස ගහන එකනෙ වැඩේ. රිෂර්ඩ් බදුද්දීන්ල විල්පත්තු වගේ කැලෑ වල හිටන් මූසලුවො පදිංචි කරල, නැති උරුමයක් ඇති කරනකොට, 20,000ක් සිංහලයො යාපනයෙ හිටිය කිව්ව් චම්පික මහත්තයලට, එක 200ක් ඒ හිටපු තැන්වල යළි පදිංචි කරවගන්න බැරිඋනානෙ. මේ ආණ්ඩුව, තමන් බලයට පත්කළ සිංහල බෞද්ධ සලකුණ සම්පූර්ණයෙන්ම අමතක කරල, මූසලුවන් තමන්ගෙ සහෝදරයන් සේ, තමන්ට ඔටුණු පැලඳූ තම ඥාතීන් සේ සලකා ක්‍රියාකරමින්, සිංහල බෞද්ධ අයිතිය වනසා දැමුණු කළ නෑසූ කන්ව සිටි ධර්ම රාජ්‍ය නයුවන් දැන් අවදි වෙලා වගේ!

0 comments: