Pages

Tuesday, October 21, 2014

දෙවියන්ට කන්‍යාභාවය පරිත්‍යාග කිරීම හෙවත් දෙවියන් පෙන්වා ගැහැනුන් කෙළෙසීම

මාදම්පේ පදිංචිව සිටි ක්‍රිස්‌තියානි දේවගැතිවරයකු විසින් සිය දේවස්‌ථානයට පැමිණි දැරියන් දෙදෙනකු දූෂණය කර, ඒ බව හෙළි වීමෙන් පසු වස පානය කර දිවි නසා ගනු ලැබූ බව ඊයේ (20 දා) පුවත්පත්වල පළ විය. කතෝලික යෑයි කීවාට මේකා සැබෑ කතෝලිකයකු නොවන බවත්, යක්‍ෂයා අදහමින් ලෝගුවක්‌ දමාගෙන ජීවත් වන්නට ඇති බවත් අපට විශ්වාස ය. මූ ආණ්‌ඩුවේ පොලිසි සහ උසාවිවලට නොව ජනතා අධිකරණයට භාරදිය යුතුව තිබූ නරුමයෙකි. මෙබඳු දේවගැතිවරුන් පමණක්‌ නොව චීවරධාරීහුද කපටි පූසාරිලාද අද ඕනෑ තරම් වෙසෙති. මේ කපටින් එකා බැගින් ගලග්‍රහයෙන් ගෙන ප්‍රසිද්ධියේ නඩු අසා අරාබි නීතියට අනුව දඬුවම් දිය යුතු ය. ආර්ථික අරමුණු සහ ලිංගික අරමුණු සඳහා පූජකයන් විසින් ආගම පාවිච්චි කරනු ලැබීම ඉතා පැරැණි සිද්ධියකි. දාහත් වැනි සියවසේ මැද භාගයෙහි විසූ ග්‍රෙගරි රස්‌පුටින් නමැති පූජකයා එවකට සිටි රුසියන් රජ පවුල රවටාගෙන රජ පවුලේ පූජකයා (මෙය හරියටම පවුලේ වෛද්‍යවරයා හා සමාන ය.) බවට පත්ව එම පවුලේ සිටි සහ එම පවුලට ගෑවුණු තරුණියන් සහ කුමාරවරියන්ගෙන් සියයට හැත්තෑ පහක්‌ පමණ කෙළෙසුවේ ය. මේ නීච ක්‍රියාව ඉවසා ගැනීමට බැරි වූ රුසියන් කුමාරයෙක්‌ තවත් පිරිසක්‌ සමග එක්‌ව රස්‌පුටින්ට සයනයිඩ් කැව්වේ ය. එහෙත් මාදම්පේ දේවගැති මෙන් පණ දුර්වල මිනිසකු නොවූ රස්‌පුටින් මළේ නැත. සයනයිඩ් යනු එය අඩංගු භාජනයේ මූඩිය අරින විට පවා ළඟ සිටින මිනිසුන් මැරී වැටෙන වසකි. අන්තිමේදී රස්‌පුටින් මැරීම සඳහා ඔහුට වෙඩි තබන්නට කුමාරයාට සිදුවිය. මෙබඳු කූට මන්තරකාරයෝ අදත් සිටිති. තිබෙන ලොකුම අඩුපාඩුව නම් ඔවුන්ට වෙඩි තැබීම සඳහා කුමාරවරු අද නො වීම ය. 

දෙවියන් පෙන්වා ගැහැනුන් කෙළෙසීම ඉපැරැණි රෝම ශිෂ්ටාචාරයේ සහ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ලක්‍ෂණයකි. දෙවියන්ට කන්‍යාභාවය පරිත්‍යාග කළ යුතු බවට එකල සිටි ජනයාට උගන්වන ලදී. එම පරිත්‍යාගය භාර ගන්නේ දෙවියන්ගේ නියෝජිතයා හෙවත් ඛදජ්ක ටැබඑ වන පූජකයාය. මේ අධම කටයුත්තට විරුද්ධවන ගැහැනුන් සහ මිනිසුන් සියලු දෙනා පණපිටින් පුළුස්‌සා මරණ ලදී. එක්‌දහස්‌ අටසිය ගණන්වලදී ප්‍රංශයේ විසූ වික්‌ටර් හියුගෝ නමැති කීර්තිමත් ලේඛකයා මබජය ඊජන දෙ භදඑර්ප යනුවෙන් නවකතාවක්‌ ලීවේය. මෙයින් කියෑවුණේ මධ්‍ය කාලීන යුගයේදී ප්‍රංශයේ ජීවත් වූ සුරූපී තරුණියක්‌ සිය තරුණකම බිලි ගැනීමට සූදානම් වූ පූජකයන්ට එරෙහිව යැම නිසා පණපිටින් පුළුස්‌සා මරණ ලද ආකාරයය. ඉහත සඳහන් ආත්මාර්ථකාමී අධම රැල්ලට විරුද්ධව පෙරදිගින් මතුවූ මහා පුරුෂයා වූයේ ගෞතම බුදුන් වහන්සේය. උන්වහන්සේගේ උපතින් වසර හයසියයකට පසු ලොව පහළ වූ ඡේසුස්‌ ක්‍රිස්‌තුන් වහන්සේද මේ කාලකණ්‌ණි වැඩවලට විරුද්ධව හඬ අවදි කළ උත්තම පුරුෂයෙක්‌ වූහ. එහෙත් අදටත් පූජකත්වයේ ඒකාධිකාරය විසින් ආගම් කණපිට හරවනු ලැබීම සිදු වෙයි. විඤ්ණවාදය ඉතා නරක ලෙස අන් කවර කලෙකත් නොවූ පරිදි විවිධ වෙස්‌ගෙන අපේ සමාජය ගිලින හැටි ඇස්‌ ඉදිරිපිටම පෙනෙන්නට තිබේ. මන්තරකාරයන් සහ වෙනත් ගුරුන්නාන්සේලා විසින් සමාජයට දෙන පණිවුඩය ඉතා නරක ය. ලෙඩාට බෙහෙත් නොබී යාඥ පමණක්‌ කිරීම ප්‍රමාණවත් යෑයි කියන දේවගැති කණ්‌ඩායමක්‌ සිටිති. අන්තිමට ලෙඩට බෙහෙත් නැතිව රෝගියා මැරෙයි. මෙය සමාන වන්නේ මන්තරකාරයන් ලෙඩාට බෙහෙත් වෙනුවට දෙන යන්තර වලට ය. ආගමික නිදහස යනු පූජකයන්ගෙන් ආගම නිදහස්‌ කර ගැනීම ය. මාදම්පේ දේවගැතියා වැනි අය තව ඕනෑ තරම් සිටිති. ඔවුන් තෝරා බේරා ගැනීමට සමාජය බුද්ධිමත් විය යුතු ය.

http://www.divaina.com/2014/10/21/editor.html

Pic Source

සබැඳි ලිපි -
[
දූෂණ 10කට වඩා සම්බන්ධයි! ගබ්සාවකුත් කරවලා. දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ දේවගැති වස බී නසී
http://denethharinna.blogspot.com/2014/10/10.html
]

0 comments: