Pages

Wednesday, October 8, 2014

නානුඔය සිට රාගල දක්‌වා යළි පිබිදෙන්නට හීන දකින ලෝකයේ ලස්‌සනම දුම්රිය ගමන

සුදෝ සුදුවන් සීතල මිහිදුම් ඈත් මෑත් කරමින්, හිමකැට වන් පිණිබි`දු අතරින් පුංචි කෝච්චිය නුවරඑළියට ගිය යුගයක්‌ තිබුණි. වසර හැට හැත්තෑවකට පෙර ඒ සො`දුරු ගමනේ මතකය අවදි කළ හැකි කෙනෙක්‌ සොයා ගැනීම අදටත් අසීරු නැත. උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගය (Udapussellawa Rail Track) හෙවත් U.P.R එවකට ලංකාවේ සුන්දරම දුම්රිය මාර්ගය වූවාට සැක නැත. නානුඔය සිට නුවරඑළිය, ක`දපොළ හරහා ක`දු හෙල්, දිය අගල්, තේවතු මැදින් රාගල දක්‌වා සැතපුම් 19 ක්‌ දුරක්‌ වූ මෙම දුම්රිය මාර්ගය ලංකාවේ උසම මෙන්ම සුන්දරම දුම්රිය මාර්ගය වී තිබුණි.

මේ සො`දුරු දුම්රිය මග යළි නිර්මාණය කීරීම ස`දහා වන කථිකාවක්‌ දැන් ඇරඹී තිබේ. ලෝකයේ ලස්‌සනම දුම්රිය මාර්ගවලින් එකක්‌ වූ මේ දුම්රිය මාර්ගය ලෝක සංචාරක අවධානය දිනාගත හැකි බවට උපකල්පිත පරිසරයක මේ නව අදහස රටේ කා තුළත් අලුත් බලාපොරොත්තු ඇති කරයි. නුවරඑළිය දුම්රිය ගමනේ අතීත මිහිරියාව සොයන්නට අපව පොළඹවන්නේ මේ පුවතින් ලද උත්තේජනය ය.

මෙම දුම්රිය මාර්ගය ඇරඹු දා සිට එය උඩපුස්‌සැල්ලාව පටු දුම්රිය මාර්ගය ලෙසින් හැ`දින්වූවත් මාර්ගයේ ගමනාන්තය රාගල විය. නමුත් සුදු පාලන සමයේ උඩපුස්‌සැල්ලාව දක්‌වාම දුම්රිය මාර්ගය ඉදිකිරීමට යෝජනාවී තිබී ඇත. ඉදිකිරීම ස`දහා යන අධික වියදම සහ මාර්ගයේ දුෂ්කර බව නිසා උඩපුස්‌සැල්ලාවටම මාර්ගය ඉදිකිරීම සුදු පාලකයින් අතහැර දමා ඇති බව මේ ගැන තතු දන්නා වැඩිහිටියෝ පවසති. අද රාගල සිට උඩපුස්‌සැල්ලාව දක්‌වා වන ප්‍රධාන මාර්ගය එදා දුම්රිය මාර්ගය ස`දහා ඉදිකළ මාර්ගය බව ද මේ අය පවසති. එදා මේ පුංචි කුමාරිය නානුඔය සිට රාගල ගිය ගමනේ නටබුන් පමණක්‌ අද අපට ඉතිරිව ඇත. ඒ නටබුන් තුළින් පැරණි මතකය අලුත් කරමින් පසුගිය දවසක අපි නානුඔය සිට රාගලට ගියෙමු. නුවරඑළියේ ජනිත සමරකෝන්, නිශාන්ත ප්‍රදීප් සහ මීරිගම ප්‍රභාත් දර්ශන මේ අපූරු ගමනට මා සමග එක්‌වූහ.

1895 අප්‍රේල් 25 දින නුවර ඵළියට පැමිණි සර් වෙස්‌ට්‌ රි-වේ ආණ්‌ඩුකාර තුමාට සුදු ජාතික වතුපාලකයින් කළ ඉල්ලීමකට අනුව 1900 නොවැම්බර් මාසයේදී මෙම මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වී ඇත.

දුම්රිය මාර්ගය වැටී තිබූ නානුඔය සිට නුවරඵළිය හරහා රාගල දක්‌වා මාර්ගයේ සම්පූර්ණ දිග සැතපුම් 19 කි. මාර්ගයේ පවතින දුෂ්කරතා නිසාත් අධික වියදම නිසාත් මෙම මාර්ගය පටු දුම්රිය මාර්ගයක්‌ ලෙස ඉදි කිරීමට අනුමත කර ඇත. මෙම වර්ගයේ දුම්රිය මාර්ගවල රේල් පීලි දෙකක්‌ අතර සම්මත පරතරය වුණේ අඩි 2 යි අඟල් 6 කි.

මෙලෙස වැඩ ආරම්භ වූ දුම්රිය මාර්ගයේ පළමු අදියර එනම් නානුඔය සිට නුවරඑළිය දක්‌වා මාර්ගය 1903 දෙසැම්බර් මස 14 දින සර් හෙන්රි බ්ලේක්‌ ආණ්‌ඩුකාර තුමා විසින් විවෘත කර ඇත. මේ ස`දහා අවශ්‍ය වූ වාෂ්ප එංජිම එංගලන්තයේ ෆාස්‌ට්‌ ස්‌ටුවර්ට්‌ සමාගමෙන් ගෙන්වා තිබුණි. කඳපොල දක්‌වා දෙවන කොටසත්, රාගල දක්‌වා තෙවන කොටසත් 1904 වන විට අවසන් විය. මේ වන විට නුවර ඵළියත් කඳපොලත් අතර දුම්රිය නැවතුම්පළ 3 ක්‌ ඉදිවී තිබුණි. එනම්

නානුඔය සිට සැතපුම් 8 ක්‌ දුරින් පීඩ්‍රෝ(Pedr) දුම්රිය නැවතුම්පළ,

නානුඔය සිට සැතපුම් 9 ක්‌ දුරින් සමර් හිල් (Summer Hill) දුම්රිය නැවතුම්පළ,

නානුඔය සිට සැතපුම් 10 ක්‌ දුරින් පෝර්ට්‌වුඩ් (Portswood) දුම්රිය නැවතුම්පළ ලෙසිනි. 

එමෙන්ම කඳපොල සහ බෲක්‌සයිඩ් අතර නානුඔය සිට සැතපුම් 12 ක්‌ දුරින් 12.40 නමැති දුම්රිය නැවතුම්පළ සහ සැතපුම් 14 ක්‌ දුරින් ශාන්ත ජෝන් (St John’s) දුම්රිය නැවතුම්පළක්‌ ලෙස දුම්රිය නැවතුම්පළ දෙකක්‌ ඉදිවිය. අද වන විට ව්‍යාපාරිකයෙක්‌ බෘක්‌සයිඩ් දුම්රිය නැවතුම්පොළේ පෞරාණික බව ආරක්‌ෂා කරමින් රටබීම හලක්‌ පවත්වාගෙන යයි. මෙම දුම්රිය නැවතුම්පල ඉදිකිරීමට ප්‍රධාන හේතුව වූයේ තේ ප්‍රවාහනය කිරීමය.

එදා උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගය රාගල දක්‌වා ඉදිකිරීම සඳහා වැයවී ඇති සම්පූර්ණ මුදල රුපියල් 1,653,452.00 ක්‌ ලෙස සදහන් වෙයි. අද වන විට ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්‌ථානය මුහුදු මට්‌ටමෙන් අඩි 6204 උසින් පිහිටි පට්‌ටිපොල දුම්රිය ස්‌ථානය වුවත් උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගයේ පිහිටි කඳපොල (ණ්‌ඡ) දුම්රිය ස්‌ථානය 1942 දක්‌වාම ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්‌ථානය විය. එහි උස මුහුදු මට්‌ටමෙන් අඩි 6316 කි. කඳපොල දුම්රිය ස්‌ථානය පට්‌ටිපොල දුම්රිය ස්‌ථානයට වඩා අඩි 112 ක්‌ උසින් පිහිටා තිබී ඇත.

බදුල්ල - කොළඹ උඩරට ප්‍රධාන දුම්රිය මාර්ගයේ කඩුගන්නාව දුර්ගය, නානුඔය සිට හපුතලේ දක්‌වා දුර්ග මාර්ගයන්වල තියුණු නැග්මක්‌ දැක ගත හැකිය. දුම්රිය මාර්ගයේ නැග්මේ ප්‍රමාණය දක්‌වුණේ 1/44 ත් 1/45 ප්‍රමාණයේ නැග්මක්‌ ලෙසය. තවත් පැහැදිලි කරන්නේ නම් දුම්රිය මාර්ගය අඩි 1 ක්‌ ඉහළට ඵසවීමට අඩි 44 ක දුරක්‌ ගමන් කළ යුතුය යන්නයි.

නමුත් මේ උඩපුස්‌සැල්ලාව දුම්රිය මාර්ගයේ නැග්මේ සාමාන්‍යය වී තිබී ඇත්තේ 1/24 ක්‌. අඩි 24 ක්‌ ඇතුළත ඵක අඩියක්‌ දුම්රිය මාර්ගය ඉහළට ඵසවිය යුතුයි. බෲක්‌සයිඩ් සිට කඳපොල දක්‌වා නැග්ම මීටත් වඩා දුෂ්කර වීය. ඵම නැග්මේ ප්‍රමාණය 1/16 කි. එනම් අඩි 16 ක්‌ ඇතුළත ඵක අඩියක්‌ දුම්රිය මාර්ගය ඉහළට ඵසවීමකි. මෙය කඩුගන්නාව දුර්ගයට 3 ගුණයකට ආසන්න ආනතියකි.

මෙම බෑවුම රාගල සිට බෲක්‌සයිඩ් දක්‌වාම තිබී ඇත. මේ මාර්ග සීමාවේදී දුම්රියේ සාමානය වේගය වී ඇත්තේ පැයට කිලෝමීටර් 9 ක්‌ 10 ක්‌ තරම් ප්‍රමාණයකි. එනම් සාමාන්‍ය මිනිසෙකු ගමන් කරන වේගය මෙන් දෙගුණයකි.

මේ පුංචි කෝච්චිය පිළිබඳ ඉතිහාසය දන්නා අය පවසන්නේ රාගල සිට එන දුම්රිය සමහර ස්‌ථානවලදී ඉහළට යාමට නොහැකිව නැවතී තිබූ අවස්‌ථාද වූ බවයි.

1920 පමණ වන විට විශාල දියුණුවක්‌ ලැබූ ලංකාවේ දුම්රිය සේවය දිනකට දුම්රිය 400 කට ආසන්න ප්‍රමාණයක්‌ ධාවනය වී ඇත. මෙම යුගයේ උඩපුස්‌සැල්ලාව පටු මාර්ගයේ බඩු දුම්රිය 5ක්‌ මිශ්‍ර දුම්රිය 11 ක්‌ ලෙස දිනකට දුම්රිය 16 ක්‌ ධාවනය වී ඇත. උඩපුස්‌සැල්ලාව දුම්රිය සේවය කොයිතරම් දියුණු තත්ත්වයක පැවතුනාද මේ අනුව පැහැදිලි වෙයි. බඩු දුම්රිය මැදිරි, මගී දුම්රිය මැදිරි වලට අමතරව ආණ්‌ඩුකාර තුමා වෙනුවෙන් විශේෂ සුඛෝපභෝගී මැදිරියක්‌ පවා මෙම දුම්රිය සේවයට යොදවා තිබූ බව තතු දත් වැඩිහිටියෝ පවසති.

1934 වර්ෂයේ දුම්රිය දත්ත වාර්තා වලට අනුව එම වසරේ 7279 ක මගී සංඛ්‍යාවක්‌ උඩපුස්‌සැල්ලාව මාර්ගයේ දුම්රියෙන් ගමන් කර තිබුණි. 1940 පමණ වනවිට මෙම පටු මාර්ගයේ වාෂ්ප දුම්රිය ගමන් කිරීමේ දුෂ්කරතා පැන නැගී ඇත. එමෙන්ම මේ වනවිට ලොරි වලින් භාණ්‌ඩ ප්‍රවාහනය ජනප්‍රිය වෙමින් පැවතුනි. නිරන්තර පැනනගින මේ ගැටලු නිසා සුදු පාලකයෝ උඩපුස්‌සැල්ලාව පටු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කළහ. මේ අනුව 1942 දී රාගල සිට නුවරඑළිය දක්‌වා පළමු කොටස වසා දැමුණි. 1948 අගෝස්‌තු මස 02 වන දින ලංකාවේ දුම්රිය සේවය භා බැඳුණු අති සුන්දරම සහ උසින්ම පිහිටි දුම්රිය මර්ගය වසා දමන ලදී. 

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ගය වසා දැමීමත් සමගම මාර්ගයේ ඇති දුම්රිය ස්‌ථාන හැර අනෙකුත් සියලුම දේ ගලවා ඉවත් කළේය. දුම්රිය මාර්ගයේ කොටසක්‌ මහා මාර්ගය ලෙස සංවර්ධනය විය. මේ හේතුව නිසා අද වනවිට මේ දුම්රිය මාර්ගයේ ඉතිරිව ඇත්තේ ඉතා සුළු නටබුන් කිහිපයක්‌ පමණි. එසේ දුම්රිය මාර්ගය වසා දැමුවත් දුම්රිය ස්‌ථානවල රාජකාරි පැවතුණි. ඔවුන්ගේ රාජකාරිය වූයේ වෙනත් දුම්රිය ස්‌ථානවලින් ලොරි වලින් එන බඩු භාණ්‌ඩ භාරගැනීම සහ යෑවීමයි. මෙම ක්‍රමයත් බොහෝ කාලයක්‌ පැවතුණි. නමුත් දුම්රිය ස්‌ථානාධිපතිවරුන්ගේ සිට අනෙකුත් සේවකයින් මේ සේවාව පවත්වාගෙන යැමට අකමැතිවීම නිසා භාණ්‌ඩ ප්‍රවාහනය පෞද්ගලික අංශයට පැවරුණි. ඒ සමගම දුම්රිය සේවාවද අවසන් විය.

ඊට පසු කීප අවස්‌ථාවක මෙම මාර්ගය නැවත ආරම්භ කිරීමට යෝජනා පැවතුනත් නොයෙකුත් දුෂ්කරතා හේතුවෙන් මේ වන තෙක්‌ එය සිදු කිරීමට නොහැකිවී ඇත. 

මේ දුම්රිය මාර්ගයේ ඇතැම් ස්‌ථාන අදටත් දකින්න පුලුවන. බෲක්‌සයිඩ් දුම්රිය ස්‌ථානය රටබීම හලකට මෙන්ම නුවරඑළියේ පිහිටි දුම්රිය ස්‌ථානය අද ශ්‍රී ලංගම ඩිපෝව හැටියට අද භාවිතා කරයි. නානුඔය සිට රාගල දක්‌වා වූ පාරට සමාන්තරව සහ සමහර ස්‌ථානවල දුම්රිය මාර්ගය තිබූ බවට සාධක ඇත. බ්ලැක්‌ ෆූල් (BPL) (රුවන්එළිය) දුම්රිය ස්‌ථානයේ නටබුන් කිසිවක්‌ මේ වනවිට ඉතිරිව නැත. දැනට රජයේ ආහාර ගබඩාව පවත්වාගෙන යන ස්‌ථානය දුම්රිය ස්‌ථානය වූ බවට සමහර ප්‍රදේශවාසීහු පවසති. බ්ලැක්‌ ෆූල් පසු කර නුවරඑළිය දෙසට යන විට හමුවෙන කැලේගාල ගම්මානයේ දුම්රිය බිංගෙයක්‌ තවමත් දැකගත හැකිය. මෙම දුම්රිය මාර්ගයේ සැතපුම් දහනවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක නිවාස ඉදිකර ඇත. වැඩි ප්‍රමාණයක්‌ මහා මාර්ගයට යොදාගෙනය. නමුත් සියවසක්‌ ගතවී ඇතත් නැවතත් දුම්රිය ගමනක බලාපොරොත්තු නූතන පරපුරේ සිත් තුළ ජනිත කරමින් පාලම්, බෝක්‌කු. වැනි දෑ නිරුපද්‍රිතව ඇත.

ක`දපොළ ගල්පාලම ප්‍රදේශයේ පැරණි දුම්රිය මාර්ගයේ පාලම එයට සාක්‌ෂියකි. නානුඔය සිට නුවරඑළියට එන ප්‍රධාන මාර්ගයටත් වඩා එතැන් සිට උඩපුස්‌සැල්ලාව දක්‌වා යන මාර්ගය අතිශයින් සුන්දරය. මෙතරම් ජනාකීර්ණ නොවූ විසිවන සියවසේ මුල්භාගයේ තේවතු, දියඇළි මැදින් පුංචි කෝච්චියේ රාගලට ගිය අය මොන තරම් ආශ්වාදයක්‌ ලබන්නට ඇතිදැයි දැන් මෙම මාර්ගයේ බස්‌ රථයේ යන විට මා සිතට දැනෙයි. කුමණ බාධක මැද වුවත් මෙම දුම්රිය මාර්ගය උඩපුස්‌සැල්ලාව දක්‌වා දිගු කොට සේවාව පවත්වාගෙන ගියේ නම් එය ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ ලස්‌සනම දුම්රිය මාර්ගය වනු ඇත. ලෝකයේ ලස්‌සනම දුම්රිය ගමන වනු ඇත.

ත්‍රස්‌තවාදයට ගොදුරු වූ යාල් දේවිය ලබන 13 වැනි දින උතුර දකුණ යා කරමින් නෑගම් යැමට සූදානම්ය. තව ටික දිනකින් තලෙයිමන්නාරම හරහා ඉන්දියාවේ රාමේෂ්වරම් දක්‌වා ගමන් කිරීමේ වාසනාවද අපට හිමිවෙනු ඇත. අධිවේගී මාර්ග, නව ගුවන්තොටවල් මුහුද මැද නගර හැදෙන රටේ ගුවනින් නුවරඑළියට පැමිණීමටත් හැකිය. දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ට මෙන්ම සාමාන්‍ය මගී ජනතාවට දුම්රියෙන් නුවරඑළියට යන්නේ නම් නානුඔයෙන් බැස නුවරඑළියට යැමට වෙනත් විකල්ප ප්‍රවාහන මාධ්‍යයක්‌ සොයා ගත යුතුව ඇත. එයට තිත තැබීමට කාලය උදා වී තිබේ.

බදුල්ලට, මාතලේට, තලෙයි මන්නාරමට, කන්කසන්තුරයට, ත්‍රීකුණාමලයට, මඩකලපුවට, දැනට යා හැකිවා මෙන්ම නුදුරු අනාගතයේ කතරගමට මෙන්ම ලෝකයේ ලස්‌සනම දුම්රිය මාර්ගයේ නුවරඑළිය හරහා උඩපුස්‌සැල්ලාවට යැමටත් භාග්‍ය ලැබෙන ලකුණු පහළ වී ඇත.


ප්‍රසන්න සිල්වා, ඡායාරූප - අන්තර් ජාලයෙනි
http://www.divaina.com/2014/10/05/feature10.html

0 comments: