Pages

Wednesday, October 22, 2014

බොදු බල සේනාව මහ මැතිවරණයට එනවා - ඥනසාර හිමි

ඊළඟ මහ මැතිවරණය සඳහා බොදු බල සේනා සංවිධානය අනිවාර්යයෙන්ම තරග වදින බව එහි මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (21 වැනිදා) අනාවරණය කළහ. සිය සංවිධානයේ ඉලක්‌කය ජනාධිපතිවරයා නොව ඊට පසුව එන මහ මැතිවරණය බවත් උන්වහන්සේ කීහ. 

සිය සංවිධානය මහ මැතිවරණයට තරග කරනු ලැබුව ද කිසිදු භික්‍ෂූන් වහන්සේ නමක්‌ පාර්ලිමේන්තු නොයන බව පැවසූ උන්වහන්සේ ඒ සඳහා ගිහියන්ගෙන් සැදුම්ලත් කණ්‌ඩායමක්‌ සූදානම් කරන බවත් කියා සිටියහ.

තම සංවිධානයේ භික්‍ෂූන්වහන්සේලා පාර්ලිමේන්තු, පළාත් සභා හෝ ප්‍රාදේශීය සභාවක හෝ මන්ත්‍රීකම් ලබා නොගන්නා බවත් දේශපාලනඥයන් මොන මොන ගණන් හැදුවත් වැඩේ තියෙන්නේ අපේ අතේ බවත් ඥනසාර හිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.

කිරුලපන බෝධි බෞද්ධ මන්දිරයේ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ එම අදහස්‌ පළ කළහ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/10/22/news09.html

Pic Source

0 comments: