නව අරහාදී බුදුගුණ හා හය වැදැරුම් වූ ධර්මයෙහි ගුණ පිළිබඳව පසු ගිය ලිපිවලින් කෙටියෙන් පැහැදිළි කිරීමක් කළෙමි. මෙම ලිපියෙහි අරමුණ වනුයේ සංඝරත්නයෙහි ගුණ නවය පිළිබඳ ඉතා සංක්‍ෂේපයෙන් හඳුන්වා දීමයි.
මෙහිදී පළමුව සංඝ යන පදය පිළිබඳ හැඳින්වීමක් කළ යුතුය. කෝෂ ග්‍රන්ථයන් හි එන ආකාරයට සංඝ යන පදයට මෙසේ අර්ථ දක්‌වාලිය හැකිය. භික්‍ෂු සංඝයා Buddhist Clergy ග්‍රාමීය සමූහය Multitude of Being සමූහය. Assemblage යන අර්ථ ද සංස්‌කෘත බසින් ද එකතු වීම, සමූහය, ගොඩ, රැස, ජීවත්වන මිනිස් සමූහය යන අරුත් වලින් ද භාවිත කර ඇත.
මේ ලෝකයෙහි පුද්ගලයන් වර්ග හතරකට බෙදා දැක්‌විය හැකිය. එනම්,
1. පුථඡ්ජන
2. සේඛ
3. අසේඛ
4. තථාගත වශයෙනි.
පුථුඡ්ජන යනු පොදු ජනයා, ආර්ය නොවන ජනයා, අවබෝධය නොමැති පුද්ගලයා, මෝඩයා යන අර්ථයෙන් භාවිත කරනු ලැබේ. තමන් ගැන පළමුව සිතීම පුථුඡ්ජනයාගේ ස්‌වභාවයයි. ඒ ආත්මාර්ථකාමිත්වයෙන් පමණක් කරනු ලබන්නකි. සේඛ යනු නිවන් මගට පිළිපන් එනම් සෝවාන් මාර්ගයේ සිට අනාගාමී ඵලය දක්‌වා පත් වූ උතුමන්ට ය. අසේඛ යනු රහතන් වහන්සේ, තථාගත යනු බුදුරජාණන් වහන්සේයි. අටුවාවන් හිදී තේරුම් අටක් තථාගත යන පදයට දක්‌වා තිබේ. "ගච්ඡති" යන අතීත කෘදන්ත පදයක ආධාර සහිතව අරුත් දී තිබේ.
එබැවින් පෘථග්ජනයා ධර්මය නොදනී. සේඛ පුද්ගලයා ධර්මය ටිකක් දනී. අසේඛ උතුමන් ධර්මය මනාව දනී. බුදු දහමට අනුව ආර්ය ශ්‍රාවකයා ලෙස දක්‌වා ඇත්තේ සෝවාන් ආදී මාර්ගඵල ලත් උතුමන්ය. මක්‌නිසාද යත් ශ්‍රැතවත්භාවය ඇත්තේ ආර්ය ශ්‍රාවකයාටය. "සුතවා අරිය සාවකෝ" යන්නෙන් ඒ බව දක්‌වා තිබේ. එබැවින් පෘථග්ජන ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවක නොවේ. එපරිද්දෙන්ම පෘථග්ජන භික්‍ෂූන් පිළිබඳව ද සැලකිය යුතුය. උන්වහන්සේලාගෙන් ද වැරදි අඩුපාඩු සිදු වුවද ඒ ගැන කලකිරීමක් ඇති කර ගත යුතු නොවේ.
වත්මනෙහි ධර්මය හා ආර්ය ශ්‍රාවකයා නොහඳුනන්නෝ පෘථග්ජන භික්‍ෂූන්ට චෝදනා කරනුයේ මෙහි වෙනස නොදන්නා බැවිනි. මෙයින් පෘථග්ජන භික්‍ෂූන්ට පූජා කිරීම, ගෞරව කිරීම නොකළ යුතුය යන්නක් අදහස් නොකෙරේ. උන්වහන්සේලාට ද ගෞරව සත්කාර කළ යුතුමය. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා වශයෙන්, සිවුවනක් පිරිසක් ඇති බව අප මතක තබාගත යුතුය. සුපටිපන්න ආදි වූ නව ආකාර සඟගුණ පිළිබඳ මෙසේ කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමි.
සුපටිපන්න ගුණය
සුපටිපන්න යනු මැනවින් පිළිපන් යනුයි. ආර්ය මාර්ගයට සසුන් මඟට පිවිසීම මෙයින් අදහස් කෙරේ. එම ගුණය සම්පූර්ණ වනුයේ අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥ ත්‍රිශික්‍ෂාව වැඩීමෙනි. වැරදි ආගමික, ව්‍රත සමාදන්ව බොහෝ අගතියට පත් මහණ බමුණන් පිළිබඳ තොරතුරු සූත්‍ර පිටකයේ දක්‌නා ලැබේ. ම-Cධිම නිකායේ කුක්‌කුරවතිය සූත්‍රය මේ පිළිබඳ වැදගත් නිදසුනක් සපයයි. ගෝ ව්‍රත දරන පුණ්‌න නම් කෝලිය පුත්‍රයා ද සුනඛ ව්‍රත දරන සේනිය නම් නිඝණ්‌ඨයා පුත්‍රයාද බුදුරජාණන් වහන්සේ මුණගැසී තම තමන්ගේ මීළඟ උත්පත්තිය කොයි ආකාරවේදැයි විමසූ විට බලවත් ඉල්ලීම මත බුදුරජාණන් වහන්සේ වදාළේ සුනබ ව්‍රත හා ගෝ ව්‍රත සමාදන් වීමෙන් නිරය හා තිරිසන් ගත යෝනිය යන දෙකෙන් එකක උප්පත්තිය ලබන බවයි. බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුන්වා දෙමින් ඒ පිළිබඳ මජ්ජිම නිකායේ ද්වේධා චිතක්‌ක සූත්‍රයේ සඳහන් කර ඇත්තේ "ඉති ඛො භිඛවේ, වවටෝ මයා බෝ මෝමගෝගෝ, සෝවත්ථිකෝ, පීතිගමනියෝ, පිහිතෝ, කුම්මග්ගෝ", මහණෙනි, මෙසේ මා විසින් නිර්භය වූ සුව ඵලවන, ප්‍රීතියෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේය. නොමඟ වසන ලද්දේය යනුවෙනි.
මහා වච්ඡගොත්ත සූත්‍රයට අනුව වච්ඡගොත්ත බුදු සසුනෙහි පැවිද්ද ඉල්ලමින් සඳහන් කරන්නේ ගංගා නදිය මුහුදට නැඹුරුව මුහුදට බර වූවා ද මුහුද පැහැර සිටී ද එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ ගිහි පැවිද්දන් සහිතව මේ පිරිස නිවනට නිම්නව නිවන පැහැර සිටින බවය.
උජුපටිපන්න ගුණය
උජුපටිපන්න ලෙස දක්‌වා ඇත්තේ සියලු අන්තවලින් මිදී සෘජු, යහපත් ප්‍රතිපදාවට පිවිසි බවය. එනම් කාමසුඛල්ලිකානු හා අත්තකිලමථානු යෝගයෙන් වෙන්ව මධ්‍යම ප්‍රතිපදාවට එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු වූ බවය.
"ගච්ඡන්තෝ ඛෝ පන උජුමග්ගේනේව ගච්ඡති. තත්‍රායං උජුමග්ගෝ සෙයථීදං සම්මා දිට්‌ඨි.... සම්මා සමාධි" වශයෙනි. අංගුත්තර නිකායේ ආජඤ්ඤ සූත්‍රයේ ඉහත පාඨය දක්‌වා ඇත.
ඤායපටිපන්න ගුණය
ඤාය යනු නිර්වාණයයි. ආර්ය මාර්ගයට පිවිසුණු බව ශ්‍රාවක සංඝයාගේ සුවිශේෂත්වයකි. එනම් ශාස්‌වත, උච්ඡේද දෘෂ්ටීන්ගෙන් තොරව ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය පිළිබඳ අවබෝධයයි. නිවන සාක්‍ෂාත් කරනු සඳහා න්‍යාය මෙයයි. "ඤායස්‌ස අධිගමාය" විදර්ශනා මාර්ගය මෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය ද ඤාය යනුවෙන් අදහස් කෙරේ. එබැවින් විදර්ශනා වැඩීම මාර්ගයට අවතීර්ණ වීම ඤාය පටිපන්න නම් වේ.
සාමීචිපටිපන්න ගුණය
ඒ සම්‍යක් ප්‍රතිපදාව සාමීචිය, සාමීචි යනු සසර දුකින් බැහැර ලීමට සමත්ය යන අදහසයි. ධර්මානු ධම්ම පටිපන්න භාවයයි, අධිශීල, අධිචිත්ත, අධිප්‍රඥ වශයෙන් ත්‍රිශික්‍ෂාව කෙරෙහි දැඩිව යෝග්‍ය අයුරින් ප්‍රතිපදාව පිරීම සාමීචිපටිපන්න නම් වේ.
ආහුනෙය ගුණය
යුගල වශයෙන් සතරක් ද පුද්ගල වශයෙන් අටක් ද වූ ශ්‍රාවක සංඝයා ආහුනෙය නම් වේ. ආහුන යනු ගෙනැවිත් දිය යුත්ත යන්නයි. දුරින් හෝ ගෙනුවත් සිල්වතුන් කෙරෙහි දිය යුතු සිව්පසය ආහුෙන්‍යය නම් වේ. සර්වාස්‌තිවාදී නිකායිකයෝ ආහවනීය යනු ආහුෙන්‍ය වී යෑයි කියති. මහත්ඵල ලබාගැනීමට සුදුසු වන්නේ සංඝයා උදෙසා පිදීමෙනි. පරමත්ථදීපනියෙහි එය මෙසේ දක්‌වයි. "ආහුනෙයති ආදිසු ආනෙත්වා හුනිතබ්බන්ති ආහුනං දූරතෝපි ආගන්ත්වා සීලවන්තේසු දාතබ්බන්ති අත්ථෝ".
පාහුනෙය ගුණය
පාහුන යනු නොයෙක් දිශාවලින් පැමිණෙන ප්‍රියමනාප, ඥතිමිත්‍රයන් උදෙසා ගෞරවයෙන් පිළියෙළ කළ ආගන්තුක භෝජනයයි. එය අනෙකකුට දීම යෝග්‍ය නොවන නමුත් සංඝයාට පිරිනැමීමට සුදුසු වේ. එබැවින් සංඝයා පාහුනෙය නම් වේ. "පාහුනෙයති එත්ථ පන පාහුනං වුච්චති. දිසා විදිසතෝ ආගතානං පියමනාපානං තිමිත්තානං අත්ථාය සක්‌කාරේන පටියත්තං ආගන්තුක දානං, තම්පි ඨපෙත්වා තේ තථාරූපෙ ආහුනතේ සංඝස්‌සේව දාතුං යුත්තං".
දක්‌ඛිණෙය ගුණය
දක්‌ඛිණා නම් පරලොව සුව තකා දිය යුතු දානයකි. එම දානය මහත්ඵල ඇත්තේ වෙයි. "ක්දෝති පරලෝකං සද්ධහිත්වා දාතබ්බං දානං තං දක්‌ඛිණං අරහති දක්ණාය වාහිතෝ මහප්ඵල භාවකරණේන විසෝධනතෝති දක්ෙණ්යයෝ" යන පරමත්ථදීපනී අටුවා පාඨයෙන් ඒ බව දක්‌වා ඇත.
අඤ්ජලිකරණීය ගුණය
දොහොත් මුදුනෙහි තබා ඇඳිලි බැඳ සියලු ලෝකයා විසින් කරනු ලබන අඤ්ජලිකර්මයට සුදුසු වූයේ අඤ්ජලිකරණීයයි. ලෝකයෙහි කවරෙක් කාහට වන්දනා කළ ද බුදුරජාණන් වහන්සේට හැර ආනිශංසයක් වැඩි වශයෙන් ළඟාකර ගත හැක්‌කේ සංඝයාට වැඳීමෙනි, දිව්‍ය, බ්‍රහ්ම ආදීන්ගේ ද වන්දනාවට උන්වහන්සේලා සුදුසුය. බ්‍රහ්මලෝකයෙහි බ්‍රහ්මයන්ගේ පාපිසින්නට තරම් උන්වහන්සේලා බලවත්ය. වත්මනෙහි ඇතැමුන් විසින් භික්‍ෂූන්ට ගෞරව නොකරනු පෙනේ. උන්වහන්සේලා දැක හුනස්‌නෙන් නැගිටීම්, වැඳීම් ආදි කටයුතු ද එබන්දොa නොකරති. එයින් ඔවුන් සිදු කරගනු ලබනුයේ බලවත් හානියකි.
අනුත්තර පුඤ්ඤක්‌ඛෙත්ත ගුණය
ලෝකයාගේ නිරුත්තර පින් කෙත සංඝරත්නය නිසා ලෝකයාට නොයෙක් ආකාරයෙන් යහපත ගෙන දෙන පින් වැඩේ. අනුත්තර යනු මෙහි සංඝයාගේ ශ්‍රේෂ්ඨ බවයි. පුණ්‍යක්‍ෂේත්‍රවන සංඝයා තුළ තිබිය යුතු ගුණ තුනක් පිළිබඳව අංගුත්තර නිකායේ ජලංගදාන සූත්‍රයෙහි සඳහන් ව ඇත. එනම් "ඉධ භිඛවේ. පටිග්ගාහකා වීතරාගා වා හොන්ති රාග විනායාය වා පටිපන්නා වීතදොසෝ වා හොන්ති දොස විනායාය වා පටිපන්නං වීතමෝහාවා හොන්ති මෝහ විනායායාවා පටිපන්නා" යනුවෙන් දක්‌වා ඇති පරිදි රාගයත්, ද්වේෂයත්, මෝහයත් බැහැර කිරීමේ පිළිවෙතට පිළිපන් අය වීමයි. මෙහි අර්ථය නම් ත්‍රිශික්‍ෂාව වැඩූ හෝ වඩන අය හෝ විය යුතු බවයි. මෙබඳු ගුණ ඇති සංඝයාට නිරන්තරයෙන් ගෞරවයෙන් වන්දනාමාන කළ යුතුය.
"සන්තකායෝ සන්තවාචෝ
සන්තවා සුසමාහිතෝ
වන්ත ලෝකාමිසෝ භික්‌ඛු
උපසන්තෝති වුච්චති"
ඉක්‌මවූ කය, වචන, සිත යන තුන්දොර ඇති කම් සුව අතහැර දැමූ පැවිද්දා ඉතාම සන්සුන්ය.
රාජකීය පණ්‌ඩිත ශාස්‌ත්‍රපති පූජ්‍ය අගලවත්තේ ඤාණවිමල හිමි, කිඳෙල්පිටිය ශ්‍රී පුණ්‍යවර්ධනාරාමාධිකාරි, ජගද්දලා සමාජ සුබසාධක ආයතනාධිකාරි
http://www.divaina.com/2014/10/08/feature01.html
Pic Source

0 comments:
Post a Comment