Pages

Thursday, August 1, 2013

ලොවේ උතුම් බුද්ධගයාවේ ඓතිහාසික උරුමය

8-1සකල මානව වර්ගයාටම මෙත් සිතින් යුතුව වසර 45 තිස්සේ බුදු දහමේ මහා පණිවුඩය සන්නිවේදනය කළ ශාක්‍යමුණි බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ෂයෙන් අති පූජනීයත්වයට පත් වූ මෙම පින්බිමට බෝම්බ දහයක්ම හෙලා සිදු කරන ලද විනාශය විනාශයක් ලෙසින් පමණක් නොව බෞද්ධ ජනතාවගේ මුදුන්මල්කඩ ලෙසින් සැලකෙන පුදබිමකට සිදුකළ දුර්දාන්ත ක්‍රියාවක් ලෙසින් සකල ලෝක ජනතාවගේම සිත් කම්පනයෙන් ප්‍රකම්පනයට පත් වූයේය. බුද්ධගයාවට මුජාහිදීන් ත්‍රස්තයන් විසින් බෝම්බ ප්‍රහාරයත් එල්ල විය හැකි බව මීට මාස හයකට පෙර එරට බුද්ධි අංශ මගින් 8-2අනතුරු හඟවා තිබුණ නමුත් මෙවන් ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳව ජනමාධ්‍යවල විවිධ අදහස් පැතිර ගොස් ඇත. මෙම සිදුවීම ද හින්දු, ටයිම්ස් වැනි මුද්‍රිත මාධ්‍ය මෙන්ම වෙනත් මාධ්‍යවලින්ද අන්තර්ජාලයෙන් ද ප්‍රකාශයට පත් කර ඇත. ඛිෙදවාචකය වන්නේ මෙම මහා පුදබිම පිළිබඳ ආරක්ෂක වශයෙන් කිසිදු ස්ථාවර රැකවරණයක් පමණක් නොව ඒ සඳහා වූ සී.සී.ටී.වී. කැමරා දහයක් විස්සක් තිබුණත් එයින් ක්‍රියාත්මක වී ඇත්තේ තුන හතරක් පමණක් වීමත් ඒ කාමරවලද රූපගත වී ඇත්තේ බෝම්බ ප්‍රහාරය නිසා සීසීකඩ දුවන ජනතාව බවත් දැනට වාර්තා වී ඇති කරුණකි.

ඉන්දියානු රජය යටතේ WORLD HERITAGE ලෝක උරුමයන්ට අයත් බෞද්ධ, හින්දු, ඉස්ලාම් පුදබිම් දහසකට පමණ සංඛ්‍යාවක් ඇත. ඒ අතරේ බෞද්ධයින්ගේ මේ අතිඋතුම් පුදබිමට දක්වන ලද ආරක්ෂක සංවිධානයන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව දැන් මාධ්‍ය මගින් අනාවරණය වී ඇති කරුණකි. මේ නිසා මින් ඉදිරියට මතෛක් බිහාර් ප්‍රාන්තයේ රජය මගින් සලසන ලද ආරක්ෂාව මධ්‍ය රාජ්‍යය විසින් සිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිම ඉතා වැදගත් වන්නේය.

බුද්ධගයාවේ අතීතය පිහිටීම

8-3මෙකල ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයෙහි ගයා නගරයට කි.මී. 12 පමණ දකුණින් පිහිටි බුද්ධගයාව ලෝකයේ සිටින බෞද්ධ ජනතාවට ඉතා වැදගත් පුණ්‍ය භූමියකි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මීට වසර 2602 ඉහතදී බුද්ධත්වයට පත් වූයේ මෙහි වූ ඇසතු වෘක්ෂ රාජයා (අස්වත්ස) සෙවණේය. මෙම වෘක්ෂ රාජයාණන්ගේ උද්භිද නාමය වන්නේ FICUS RELIGIOSA (ෆිකුස් රෙලිජෝසා)ය. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව ආදිතම ශිලා ‍ලේඛනයක සඳහන් වන්නේ බුද්ධ කාලයට වසර 250 පමණ පසුව අසෝක අධිරාජයාගේ සමයේදීය. අසෝක රජතුමාගේ කාලයේදී මෙකල ඉන්දියාව, නේපාලය, පාකිස්තානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානයේ කොටසක්ද අයත්ව තිබුණු බව අසෝක රජතුමාගේ ශිලා ‍ලේඛන පිහිටුවා ඇති ප්‍රදේශ අනුව පැහැදිලි වන කරුණකි. අසෝක 8-4රජතුමා (මෙකල ලුම්බිණියට නේපාලයේ පිහිටි) සිදුහත් කුමරු උපන් පුදබිමටද ගිය බව රාම්මින්දෙයි ශිලා ‍ලේඛනයේද සඳහන් වේ. එය ටැම් ලිපියකි. අසෝක රජතුමා (ක්‍රි. පූ. 272-232) ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ද පැමිණි බවත් පුද පූජා පැවැත්වූ බවත් ඔහුගේ අටවැනි ගිරි ලිපියෙහි සඳහන් වී ඇත. අසෝක රජුගේ දසවැනි රාජ වර්ෂයේදී සම්බෝධියට පැමිණි බව එම ගිරි ලිපියෙහි සඳහන් වේ.
D.R. BHANDARKAR - P.P. 293-294 (1925)

අසෝක රජතුමා ලද ඉහත සඳහන් ශිලා ‍ලේඛනයෙහි සඳහන් පරිදි අසෝක රජයේ දායකත්වය මෙම පුදබිමට ලැබි ඇති බව මෙහි කැණීම් සිදු කළ ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් සඳහන් කරයි. මෙහි ඇති විහාරය දැන් නැතත් එහි මුල්ම බුද්ධගයා විහාරය අසෝක රජතුමා විසින් නිර්මාණය කරන ලද්දකි.

අසෝක රජතුමා සහ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳව වූ කතා පුවතක් (ඉතා ශෝචනීය) මහාවංසයේ 20 වන පරිච්ජේදයේ සඳහන් වේ. එනම් ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරවීමෙන් මාස හතරකට පසුව බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කළේ සංඝමිත්තා මෙහෙණිය වරප්‍රමුඛ භික්ෂුණින් වහන්සේලා විසිනි. ඊට පසුව මෙම සෝචනීය සිදුවීම සිදු වූ බව මහාවංසයේ සඳහන් වේ.

ඒ අනුව අසෝක රජතුමා බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පුදපූජා පැවැත්වීම දිගටම කරගෙන ගොස් ඇත. මේ අතරේ අසෝක රජුගේ බිසව වූ අසන්ධි මිත්‍රා මියගියාය. ඉන්පසුව අසෝක රජුගේ බිසව වූයේ තිස්සා රක්ඛාය. ඇය අසෝක රජු බුද්ධගයාවට පුදපූජා කිරීම ගැන එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ නිසා ඇය මඩු කටු (විසකටු) ගසා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ විනාශ කළ බව මහාවංසයේ විසිවැනි පරිච්ජේදයෙහි සඳහන් වේ. මේ නිසා අසෝක රජතුමාගේ රාජ්‍ය කාලයේදීම සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා සෙවන දුන් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ විනාශ වූ බව දක්නට ලැබේ.

8-5අසෝක රජතුමාගේ අට වැනි ගිරි ලිපියෙහි සඳහන් වන අන්දමට එතුමාගේ අභිශේකයෙන් දස වන වර්ෂයේදී සම්බෝධියට පැමිණි බව සඳහන් කරයි. එහි සම්බෝධිය යනුවෙන් සඳහන් කර ඇත්තේ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය.
ච්.අ. ඕඩ්ඒව්ච්ඒඅම්ඒඅ - 
.. 293-294 (1925)

මෙකල මහාබෝධි පුද බිමෙහි ඇති විහාරය සාදවන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 2 වන ශතවර්ෂයේදීය. අසෝක රජතුමා විසින් (ක්‍රි.පූ. 272-232) සාදවන ලද බුද්ධගයා විහාරය මත මෙම විහාරය සාදන ලදී. වජ්‍රාසනය ද එය තිබූ මුල් ස්ථානයෙහිම ඇත. කුශාන රාජවංශයේ පසු කාලීන රජ කෙනෙකු වූ හුවිරක රජු විසින් මෙහි තැන්පත් කරන ලද 8-6සර්වඥ ධාතුන් වහන්සේලා සමග රන් කාසියක් සහ පංචි මාර්ක් කාසිද හමුවී ඇත.

ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් බුද්ධගයා විහාර පරිශ්‍රයෙහි 1871 වර්ෂයේදී පර්යේෂණ කැණීමක් කරන ලදී. එම කැණීමේදී ස්ථර තුනක නටබුන් ඔහුට හමු වී ඇත.

බුද්ධගයා විහාරයේ උතුරු දොරටුවට පිටුපසින් මහා බෝධි සංඝාරාමය පිහිටි බවද එය ලංකාවේ රජ කළ රජ කෙනෙකු (සිංහල) විසින් සාදවන ලද බවද ක්‍රි.ව. 5 වන සියවසේදී ඉන්දියාවේ සංචාරය කළ චීන ජාතික ෆාහියන් හිමියෝ සිය වාර්තාවල සඳහන් කරති.

ඊට පසු ක්‍රි.ව. 7 වන සියවසේදී බුද්ධගයාවට පැමිණි තවත් චීන ජාතික භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංෂාං හිමියන් සඳහන් කරන පරිදි කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා (ලංකාවේ) විසින් මෙහි විහාරයක් කරවන ලදී. මෙහි ශාලා හයක් තිබූ බවද මහල් තුනක් ලෙසින් සාදා තිබූ එම සංඝාරාමයෙහි භික්ෂූන් වහන්සේලා 1000 පමණ වාසය කළ බවද, චීන භික්ෂූන් වහන්සේගේ වාර්තාවල සඳහන් වේ. මේ භික්ෂූන් වහන්සේලා අධ්‍යයන කටයුතුවල යෙදුණු බව ද එම වාර්තා සඳහන් කරයි. ඉන්පසු සියවස් තුනක් පමණ වනතුරා බුද්ධගයා පරිශ්‍රයෙහි ඉදිකිරීම් කටයුතු සිදුකර නැත. එහෙත් ක්‍රි.ව. 1010 දී බෙංගාල රාජ්‍යයේ පාලවංශික රජ කෙනෙකුවූ මහීපාල රජතුමා විසින් සුළු සංරක්ෂණ කටයුතු සිදු කර ඇති බවද හියුංෂාං හිමියන්ගේ වාර්තාවල සඳහන් වෙයි. ක්‍රි.ව. 1070 දී බුරුම විශාල ප්‍රමාණයේ අලුත්වැඩියා කිරීමක් බුද්ධගයාවේ පුදබිමට අයත් ගොඩනැගිලි පිළිබඳව සිදු කර ඇතැයි සඳහන් වේ.

බුද්ධගයාව යළි මෑත භාගයේදී සොයා ගැනීම 19 වන සියවස වන විට පුරාණ භාරතයේ බොහෝ පුදබිම් වනාන්තරයෙන් වැසී නටබුන් බවට පත්වී තිබුණි. මෙසේ නැවත වරක් බුද්ධගයාවේ විහාර සංකීර්ණය සොයා ගන්නා ලද්දේ ප්‍රකට පුරා වි්‍යාඥයෙකු වූ ආචාර්ය බුචනන් හැමිල්ටන් විසින් 1811 8-7දීය. ඒ වන විට මහන්තා නම් වූ හින්දු පූජකවරයෙකු භාරයේ බුද්ධ ගයා පරිශ්‍රය තිබුණු අතර බෞද්ධයන්ට එහි එදා අයිතියක් නොවීය.

ඊට වසර 50 පමණ පසුව මෙම ස්ථානයට පැමිණි භාරත දේශයේ (එකල බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව තිබුණි) පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් 1861 දී බුද්ධගයාවේ හින්දු භක්තිකයින්ගේ පුද පූජා ප්‍රධාන විහාරයෙහි පැවැති බව සඳහන් කරයි.

1875 වර්ෂයේදී මින්ඩන් මින් නම් වූ බුරුම දේශයේ රජතුමා විසින් එවක බ්‍රිතාන්‍ය රජයෙන් සහ මහන්තාගෙන් අවසරය ලබා ගෙන මහා බෝධි විහාරය සංරක්ෂණය කිරීම සඳහා කටයුතු කර ඇත. එම බුරුම සංරක්ෂණකරුවන්ට එය නිසි ලෙස සංරක්ෂණය කිරීමට නොහැකි වූ නිසා එවක ඉන්දියානු බ්‍රිතාන්‍ය රජය විසින් 1880 දී ජේ.ඩී. බෙග්ලර් පත් කළේ ඔහුගේ ප්‍රධානත්වයෙන් මහාබෝධි විහාරය සංරක්ෂණය කිරීම පිණිසය. ඒ අවස්ථාවේදී ජනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් හා ආචාර්ය රාජේන්ද්‍රලාල් මිත්‍රා යන මහත්වරු එම සංරක්ෂණ කටයුතු අධීක්ෂණය කළහ.

1885 වර්ෂයේදී ඉතා වැදගත් සිදුවීමක් බුද්ධගයා පුදබිම පිළිබඳව සිදු වූයේය. එනම් ඉතා ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයෙක් වූ එඩ්වින් ආනෝල්ඩ් මෙම බුද්ධගයාව පරිශ්‍රය ඉතා ඛිෙදනීය ලෙසින් විනාශයට පත් වෙමින් තිබෙන බව ඔහු විසින් ඩේලි ටෙලි ග්‍රාෆ් පුවත් පතට ලිපියක් ලියමින් මේ බව ලොවටම අනාවරණය කිරීමයි. ලයිට් ඔෆ් ඒෂියා (Light of Asia) නම් ප්‍රකට ග්‍රන්ථයේ කතුවරයා වූයේද එඩ්වින් ආනෝල්ඩ්ය.

ලොව කම්පා කළ බුද්ධගයා ප්‍රහාරය හා බුද්ධගයාවේ අතීතය - සිරිසමන් විජේතුංග
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=14884:2013-07-30-08-07-51&catid=52:samudura&Itemid=76

0 comments: