ලෝකයේ පවත්නා භාෂා සියල්ල ඒ ඒ ජාතීන් සතු අනන්‍ය සාධාරණ ලක්‌ෂණ නිරාවරණය කරන ප්‍රබලතම මාධ්‍යය වේ. එනයින් ගත් කල්හි සිංහල භාෂාව ද සිංහල ජාතියේ අනන්‍යතාව ප්‍රතීයමාන කරනු ලබන ප්‍රබල සාධකයකි. සිංහල භාෂාව ජීවමාන භාෂාවක පවත්නා සාධනීය ස්‌වරූපයන් ප්‍රකට කරමින් දිනෙන් දින ක්‍රමික විකාශයට නතු වූ භාෂාවකි. වසර 2500 ක් තරම් ඈතට දිවෙන එහි ඉතිහාසය පිරික්‌සීමෙන් භාෂාවේ ක්‍රමික විකාශනය පැහැදිලි කර ගත හැකිය.
කිසියම් භාෂාවක ප්‍රගමනය උදෙසා එම භාෂාව මුල් කරගෙන සම්පාදනය වන ශබ්දකෝෂ මඟින් ඉටුවන මෙහෙය සුළුකොට තැකිය හැකි නොවේ. සිංහල භාෂාව සම්බන්ධයෙන් වූ මෙම අවශ්‍යතාව මුල්වරට ප්‍රකාශයට පත් වනුයේ විදේශීය උගතකු වූ රෛන්හෝල්ඩ් රොස්‌ට් මහතා අතිනි. ක්‍රි. ව. 1881 තරම් ඈත කාලයේ ප්‍රකාශිත වූ එම අදහස මෙරට විසූ උගතකු වූ ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර වාසල මුදලිතුමා විසින් යළි මතු කරගනුයේ ක්‍රි.ව. 1923 වර්ෂයේ දී ය. එවකට විසූ පඬිවරයකු වූ ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ කර්තෘත්වයෙන් ආරම්භ වූ සිංහල ශබ්දකෝෂ කරණය 1935 වන විට මල්ඵල ගැනෙනුයේ ප්‍රථම වරට සිංහල - ඉංගී්‍රසි ශබ්දකෝෂයක් මුද්‍රණද්වාරයෙන් පිට කිරීමෙනි. යුගයේ අවශ්‍යතාව පිළිබඳ සැළකූ ශබ්දකෝෂ කාර්යාංශය 1937 වන විට සිංහල - සිංහල ශබ්දකෝෂයේ ප්‍රථම කලාපය ද එළි දක්‌වන ලදි.
1927 රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව මගින් ඇරඹි ශබ්දකෝෂ සම්පාදනය 1941 ලංකා විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අංශයට පැවරුණු අතර 1972 වර්ෂයේ සිට එම කාර්යය සංස්‌කෘතික අමාත්‍යාංශය යටතට පත් විය. නූතනය වන විට ශබ්දකෝෂකරණ කාර්යය සම්බන්ධ සියලු පරිපාලන කටයුතු සිදුවනුයේ සංස්‌කෘතික අමාත්‍යාංශය යටතේ ඇති සංස්‌කෘතික දෙපාර්තමේන්තුව මගිනි. අඛණ්‌ඩ, අනවරත ක්‍රියාදාමයක්‌සේ සලකා විශ්ලේෂණයට බඳුන් කරන කල්හි ශබ්දකෝෂකරණ කාර්යය සඳහා දීර්ඝ කාලයක් ගත ව ඇත. මානව සම්පත හා භෞතික සම්පත්වල පවත්නා ඌන බව ද නොයෙක් ප්‍රායෝගික ගැටලුවලින් ද මෙම කාර්යය මන්දගාමී තත්ත්වයට පමුණුවා තිබූ බව සත්‍යයකි. සිංහල- සිංහල ශබ්දකෝෂය හා සිංහල - ඉංගී්‍රසි වශයෙන් ව්‍යාපෘති දෙකකින් ඇරඹි ශබ්දකෝෂකරණ කාර්යය මුල් කාලීන පරමාර්ථයන් සමතික්‍රමණය කළ විෂය පථය අතින් පෘථුල බවක් ගත් ස්‌වරූපයකට නූතනය වන විට පත්ව ඇත.
සිංහල ශබ්දකෝෂ කාර්යාලය ආරම්භයේ දී ව්‍යාපෘති දෙකකින් යුක්‌ත වූ අතර නූතනය වන විට එය ව්‍යාපෘති පහක් දක්‌වා වර්ධනය වී ඇත. නිමාවට පත්ව ඇති සිංහල - සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත 6 වන කලාපය සහ සිංහල - ඉංගී්‍රසි ශබ්දකෝෂයේ - 2 - 29 වන කලාපය නොබෝ දිනකින් මුද්‍රණ ද්වාරයෙන් පිටකිරීමට කටයුතු සම්පාදනය කර ඇත. ඊට අමතරව සංක්‌ෂිප්ත ශබ්දකෝෂයේ පළමු කලාපයේ නව සංස්‌කරණය මුද්‍රණය සඳහා භාර දී ඇත. මෑතක් වනතුරුම නා නා විධ හේතු ප්‍රත්‍යයන් නිසා මන්දගාමී ස්‌වරූපයක් දිස් වූ ශබ්දකෝෂකරණ කාර්යය වත්මනෙහි කිසියම් පිබිදීමක් සනිටුහන් කර ඇති බව පැවසීම අතිශයෝක්‌තියක් නොවේ. අන්තර්ජාලය හරහා විශ්ව ගම්මාන සංකල්පය ස්‌පර්ශ කිරීමට ශබ්දකෝෂයට හැකිවීම එහි ගමන් මඟෙහි සුවිශේෂ සන්ධිස්‌ථානයක් සංලක්‌ෂණය කරන්නකි. ලෝකයේ සියලු රටවල් වර්තමානය වන විට ශීඝ්‍රයෙන් ගෝලීයකරණයට බඳුන් වී ඇත. එහිලා පෙරටුගාමී මෙහෙවරක නිරත වනුයේ අන්තර්ජාලය යි. ලාංකේය සමාජ සන්දර්භය තුළ පවා සාකල්‍යයෙන් ස්‌ථාපිත නොවූ ශබ්දකෝෂකරණ ක්‍රියාවලිය අන්තර්ජාලය හරහා ලෝකයට මුදා හැරීමට ගත් ප්‍රයත්නය දේශීයව මෙන් ම විදේශීය වශයෙන් ද ලත් සුවිසල් ජයග්‍රහණයකි. නූතන ලාංකේය සමාජය අන් කවර කලකටත් වඩා ජාතීන් අතර එකමුතුව, සහජීවනය ප්‍රාර්ථනා කරන රටක් බවට පත්ව තිබේ. දශක තුනකටත් අධික කාලයක් පුරාවට පැවති යුද්ධයේ කටුක බවින් පීඩා විඳි ජාතියක පැතුම එය වීම අරුමයක් නොවේ. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී නොයෙක් ජන වර්ග එකම ලාංකේය ජාතියක් ලෙස ඒකරාශී කිරීමෙහිලා භාෂාව සතුව පවතින ශක්‍යතාව අප වටහා ගත යුතුය. සිංහල භාෂාව පමණක් අභිමුඛ කරගෙන ක්‍රියා කිරීම, විවිධ ජාතීන් වසන රටකට තරම් නොවන්නකි. මහින්ද චින්තන සංකල්පයක් ලෙස ක්‍රියාවට නැංවෙන ජාතික භාෂා ප්‍රතිsපත්තියක් සකස් කිරීමට යුහුසුඵව ක්‍රියාකාරී වන මෙවන් මොහොතක සිංහල ශබ්දකෝෂ කාර්යාලය විසින් සම්පාදිත, සිංහල-දෙමළ-ඉංගී්‍රසි ෙත්‍රෙභාෂික ශබ්දකෝෂය මහඟු ඵල ප්‍රයෝජනයක් ලබා දෙනු ඇතැයි යන්න අපගේ දැඩි විශ්වාසය යි. සිංහල - දෙමළ - ඉංගී්‍රසි ෙත්‍රෙභාෂික ශබ්දකෝෂය ෂ කොටස ජනගත කිරීමේ උලෙළ අගෝස්‌තු 08 වන බුධ දින කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කර ඇත. සිංහල - දෙමළ - ඉංගී්‍රසි ෙත්‍රෙභාෂික ශබ්දකෝෂය සම්පාදනය කිරීමේ කාර්යය ඇරඹී සැලකිය යුතු කාලයක් ඉක්‌ම ගිය ද පෙරටත් වඩා ඌනව පවතින ශ්‍රම සම්පත හා තාක්‌ෂණික මෙවලම් භාවිතයේ දී උද්භව වූ ගැටලු අප්‍රතිහත ධෛර්යකින් ජය ගනිමින් එම කාර්යය කඩිනමින් නිම කිරීමට අප ගත් වෑයම සාර්ථක වී ඇත. ජාතීන් අතර සුහදතාව ඇති කිරීමට සහ භාෂා භාවිතයේ දී උද්ගත වන ගැටලු නිරාකරණය කර ගනු වස් මෙම ශබ්දකෝෂය ඉවහල් වනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.
පූජ්‍ය අකුරටියේ නන්ද නාහිමි - සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ
http://www.divaina.com/2013/08/03/feature04.html

1 comments:
මේ කරුණු ඔක්කොම ඇත්ත තමයි. ඒ වුනාට අපේ බාසාව කන්නේ බ්ලොග් ලියන සමහර අම්බරුවෝ. උන් හිතන්නේ අවශ්‍යතාවට අම්ම එක්ක වුනත් නිදිවැද්දාට කමක් නැහැ කියලා. ඒ කියන්නේ ඕනෙම ජරා වචනයක් ලිව්වට කිව්වට උන්ට ඕනේ හැටියට වෙනස් කරාට කමක් නෑ කියලා. පාහරයෝ.
Post a Comment