Pages

Saturday, August 3, 2013

ජාතිය ගොඩනැඟීමේ දැවැන්ත වැඩපිළිවෙළට නලින් අත ගැසුවේ තම රැකියාවත් නැති කරගෙනයි - ගුණදාස අමරසේකර

මහාචාර්ය නලින්ද සිල්වා "දිවයින ඉරිදා සංග්‍රහය"ට ලියන ලද දැක්‌ම ලිපි එකතුව කෘතියක්‌ ලෙස දොරට වැඩීමේ උත්සවය පසුගියදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ, ජලසම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නිවාස අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු මැති ඇමැතිවරුන් සහ ආචාර්ය හරිශ්චන්ද්‍ර විඡේතුංග, ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු විද්වතුන් රැසක්‌ද එම අවස්‌ථාවට සහභාගි වූහ.

ජාතිය සුරැකීමේ සංවිධානයේ මෙහෙය-වීමෙන් පැවැති එම උත්සව සභාව ඇමැතූ ආචාර්ය ගුණදාස අමරසේකර - අනගාරික ධර්මපාල තුමා ඇති කළ ජාතික ප්‍රබෝධය 1956 න් පසු මුළුමනින්ම අහෝසි වූ විට අඩපණ වුණු ජාතික මතවාද ඉදිරියට ගෙන ඒමට මහාචාර්ය නලින්ද සිල්වා පුරෝගාමී මෙහෙවරක යෙදුණු බව සඳහන් කළේය. 

තවදුරටත් අදහස්‌ පළ කළ ආචාර්ය ගුණදාස අමරසේකරයන් - නලින්ද සිල්වා මහත්මය, මෙරට ජාතික මතවාදය පිළිබඳ ලිපි ලේඛන මෙන්ම පොත්පත් රාශියක්‌ පළ කළ පතාක යෝධයකු ලෙස හඳුන්වන්න පුළුවන්. ජාතිය ගොඩ නැඟීමේ මහා දැවැන්ත කාර්යට ඔහු අතගැසුවේ තම රැකියාවත් නැති කරගෙනයි. රට වෙනුවෙන් ඔහු සිදුකරන මේ මහඟු සේවයට ජාතියම ණය ගැති යෑයිද වැඩිදුරටත් පැවැසීය.

අප ගොඩනඟා ගත් ජාතික මතවාද තුළින් මේ වන විට විවිධ ජයග්‍රහණ ලබා ගත්තත් මේ ජාතික මතවාදය මත ගොඩ නැගුණු ජාතික ආර්ථිකයක්‌, ජාතික දේශපාලන දර්ශනයක්‌ සහ ජාතික සංස්‌කෘතික ප්‍රතිපත්තියක්‌ අපට තවමත් ගොඩනඟා ගැනීමට හැකිවෙලා නෑ. ජාතික මතවාදය පිළිබඳ ක්‍රියාදාමයේ දෙවන පියවර විය යුත්තේ මෙය බව මගේ වැටහීsමයි. මේ ගොඩනඟාගත් ජාතික මතවාදය තුළින් ජාතික දර්ශනයක්‌ බිහි කර ගැනීම ජාතික මතවාදය වෙනුවෙන් පෙනී සිටින නලින්ද සිල්වා මහතා ඇතුළු නායකයන්ගේ ඊළඟ පියවර විය යුතු බව මගේ අදහසයි. ඒ දාර්ශනික විප්ලවය සිදුකිරීමට ඇවැසි ප්‍රඥව සහ ධෛර්යය නලින්ද සිල්වා මහතා සතු බවත් මගේ විශ්වාසයයි.

මේ අවස්‌ථාවේ දේශය සුරැකීමේ සංවිධානය විසින් නලින්ද සිල්වා මහතා වෙත තිළිණයක්‌ ප්‍රදානය කිරීම ද සිදු විය. එහිදී උත්සව සභාව ඇමැතූ මහාචාර්ය නලින්ද සිල්වා මහතා - දෙමළ ජාති වාදය කියන වචනය පවා සමහරු කතා කරන්නත් බය යුගයක ඇතැම් පුවත්පත් අප යෑවූ ලිපිවල තිබූ දෙමළ ජාතිවාදය යන වචනය කපා පළ කළ යුගයක දෙමළ ජාති වාදය ගැන අපි ලියූ ලිපි නොබියව පළ කළේ "දිවයින" පුවත්පතයි. දැන්නම් කවුරුත් දෙමළ ජාති වාදය ගැන කතා කරනවා. දෙමළ ජාති වාදයේ යුග තුනක්‌ ගැන අපි කතා කළා. ප්‍රභාකරන්ගේ සීsයලාගේ යුගය, බාප්පලාගේ යුගය සහ මස්‌සිනාලාගේ යුගයයි ඒ. අද අපි මුහුණ දී සිටින්නේ දෙමළ ජාති වාදයේ හතර වැනි යුගයටයි. සිංහලයන්ට ගහන එක අද හරි ලේසියි. සිංහල බෞද්ධයන්ට ගහන ඊටත් වඩා ලේසියි. දෙමළ ජනතාවට මේ ප්‍රශ්න ඔක්‌කෝම ඇති වුණේ සිංහලයන් 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කළාට පස්‌සේ කියලයි මේ අය සිංහලයන්ට ගහන්නේ. 

මම ඉතාම පැහැදිලිව කියනව මේ ප්‍රශ්නයට මුල සිංහලයො නෙමෙයි ඉංග්‍රීසි. තවත් එහාට ගියොත් ලන්දේසි. මේ රටේ දෙමළ ජනතාවට ඔය කියන වාස භූමියක්‌ නෑ. ඒ අය එදා ලන්දේසින් දුම්කොළ වවන්න මේ රටට කැඳවාගෙන ආ අය සහ එවකටත් යාපනයෙ හිටි සිංහල ජනයාගෙන් පැවතගෙන එන අය බව මම සාක්‌ෂි සහිතව ඔප්පු කරන්න සූදානම්. දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් සිදුවූ කිසිම අසාධාරණයක්‌ නැහැ. දෙමළ ජනතාවට තමුන් දෙමළ වීම නිසා සිදුවී ඇති අසාධාරණය කුමක්‌ද?


පොන්නම්බලම් රාමනාදන් යුගයේ සිට බණ්‌ඩාරනායක - චෙල්වනායගම්, ඩඩ්ලි - චෙල්වනායගම් යන මේ සියලු ගිවිසුම්වල කූට ප්‍රාප්තිය තමයි ප්‍රභාකරන්. ඔහුත් සමග ඒ ගිවිසුම් සියල්ලත් නන්දිකඩාල් කලපුවේ ගිල්ලවල ඉවරයි. ඉන්දු - ලංකා ගිවිසුමත් නන්දිකඩාල් කලපුවේ ගිල්ලුව. නමුත් තවම අපට ඒක නීතිපොතට දාගන්න බැරිවුණා.

ජාතිය සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්‌වාමීන් වහන්සේ මුලසුන දෙසුම පවත්වමින් උතුර හා නැගෙනහිර ඉඩම් හා පොලිස්‌ බලතල දුන්නොත් ඊට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත් නොපසුබට වන බවද පැවසූහ.

ආචාර්ය ලලිත සිරි ගුණරුවන් සහ මහාචාර්ය ඉන්ද්‍රරත්න යන මහත්වරු උත්සව සභාව ඇමැතූහ. දැක්‌ම මරදාන ගොඩගේ පොත් මැඳුරේ ප්‍රකාශනයකි.මහාචාර්ය නලින්ද සිල්වාගේ "දැක්‌ම -1" පොත එළිදැක්‌වීමේ උළෙල

පාලිත සේනානායක 
http://www.divaina.com/2013/08/03/news15.html

සබැඳි ලිපි -
[
‘දැක්ම’ එළිදකී. නලින් ද සිල්වාගේ ජාතික මෙහෙවරට උපහාර පිදේ!http://denethharinna.blogspot.com/2013/07/blog-post_30.html
]

0 comments: