උතුරු පළාත් සභා මැතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් මහතා කටයුතු කරමින් සිටිනුයේ දෙමළ බෙදුම්වාදයට අවශ්‍ය ආකාරයට යයි කොළඹ නාගරික මන්ත‍්‍රී ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවෙන් ඉවත්වීමට හකීම්ට දැඩි උවමනාවක් තිබුණත් මුස්ලිම් කොංග‍්‍රසයේ අභ්‍යන්තර බෙදීම මෙන්ම මුස්ලිම් සමාජයේ විරෝධතා නිසා ආණ්ඩුවේ තනි කකුලෙන් සිටීමට හකීම්ට සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් උතුරේ පළාත් සභා මැතිවරනයේදී කොටි සංවිධානයේ දේශපාලන පෙරමුණ වූ දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ 60,000ක් පමණ වන මුස්ලිම් ජනයා ආණ්ඩුවට ඡුන්දය දීම වැළැක්වීම සඳහා මුස්ලිම් කොංග‍්‍රස් නායකයා තනිව තරඟ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.
තනිව තරඟ කිරීම හරහා ඔහු උත්හාහ කරනුයේ දෙමළ සන්ධානයට විරුද්ධ ජනයා එක තැනකට ඒකරාහී වීම වැළැක්වීම මෙන්ම මුස්ලිම් ජනයා ආණ්ඩුව සමඟ ඉන්නේ යයි ඇඟවෙන පණිවිඩය ලෝකයට යාම වැළැක්වීම බවද මුසම්මිල් මහතා වැඩිදුරටත් කියා සිටී.
August 2, 2013 at 7:06 am | lanka C news
http://lankacnews.com/sinhala/news/98534/

0 comments:
Post a Comment