* වෛද්‍යවරු අතරත් කොමිස් කාක්‌කෝ
* හොර කම්පැනි වලටත් ටෙන්ඩර් පාස්‌වෙයි
තම ජීවිත කාලයටම අසනීපයක් ඇති නොවී බෙහෙත් ටිකක් නොගත් අයෙක් ඇත්නම් ඔහු හෝ ඇය ඉතා වාසනාවන්තය. එවැනි පුද්ගලයින් හමුවන්නේ ඉතා කලාතුරකිනි.
වර්තමානයේ පුද්ගලයන් ලෙඩවන අවස්‌ථා ගණන වැඩිද? එසේත් නැතිනම් මතුවන ලෙඩ රෝග ගණන වැඩි දැයි කියා සිතාගත නොහැකිය.
ඉස්‌සර අප දරුණු රෝග ලෙස අසා තිබුණේ මැලේරියාව, උණසන්නිපාතය, කොළරාව වැනි රෝගය. නමුත් දැන් ඩෙංගු, හෘදයාබාද, ඒඩ්ස්, වැනි රෝග දරුණු රෝග බවට පත්ව ඇත. ඒවාට ගොදුරුවන ප්‍රමාණයද ඉහළ ගොස් තිබේ. එනිසා මවුකුසින් බිහිවූ දා සිට මිය යන මොහොත දක්‌වා බෙහෙත් පෙත්තට අපව හුරුකර ඇත. එම හුරුව නිසා දැන් නගරයක් නගරයක් පාසා ගමක් ගමක් පාසා සිල්ලර කඩ මෙන් ඖෂධ අලෙවි සල්ද විවෘතව ඇත. මෙම ඖෂධ අලෙවි සල්හි ඇති ඖෂධ වර්ග දකින විට මේ තරම් ඖෂධ නිපදවනවා දැයි කියා සිතා ගැනීමටත් නොහැකිය. ඇතැම් ඖෂධ හුරු බුහුටිය. තවත් ඖෂධ සීනි බෝල, ටොෆි වගේ රසවත්ය. ඇතැම් අවස්‌ථාවලදී මෙම ඖෂධ දකින විට ලෙඩක් නැතත් ආසාවටම බීලා බලන්නට සිතෙන වාර අනන්තය. ලෙඩක් නැතිව බෙහෙත් බොන එකත් ලෙඩක් වියහැකි නිසා මතුවන ආසාව යටපත් කරගන්නෙමු.
සමහර ඖෂධ මතුපිටින් ලස්‌සන වුණාට මිල ගණන් අධිකය. තවත් ඖෂධවල ගුණය අඩුය. මේ අතර එකම බෙහෙත මිල ගණන් රැසක් යටතේ අලෙවි වේ.
පැරසිටමෝල් පෙත්තක් ශත 90 සිට රුපියල් 50.00 පමණ දක්‌වා වූ මිල ගණන් යටතේ අලෙවි වේ. වෙළෙඳ නාමය, නිෂ්පාදිත රට අඩංගු ඖෂධ මාත්‍රාව ආදිය මත මෙලෙස මිල ගණන් ඉහළ යයි.
ලෝකයේ ඇති ලාභදායීම ව්‍යාපාර අතර ඉහළින්ම සිටින්නේ ඖෂධ ව්‍යාපාරයයි. එනිසා ඖෂධ මාෆියාවක්‌ද ක්‍රියාත්මක වේ. එනම් අඩු මිලට බාල ඖෂධ වෙළෙඳ පොළට නිකුත් කිරීමය. බොහෝවිට මෙම මාෆියාව සිදුවන්නේ ආනයනික ඖෂධ සම්බන්ධවය. දේශීයව නිපදවන ඖෂධ සඳහා මෙම බාල ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වන්නේ ඉතා අවම මට්‌ටමිනි. මන්දයත් එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාව තුළ පිහිටා ඇති නිසා ඔවුන් අතින් යම් වරදක් වුවහොත් වහාම නීතිය ක්‍රියාත්මක කළ හැකිය. ඇතැම් ආනයනික ඖෂධ මෙලෙස බාල තත්ත්වයේ පැවතියත් එම සමාගම්වලට එරෙහිව කටයුතු කළ නොහැකිය. එම සමාගම් ලියාපදිංචිය සඳහන් කර ඇති ලිපිනයේ නැත. මේ අතර එවැනි බහු ජාතික සමාගම් විසින් ඖෂධ සැපයුම් කරුවනට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ අදාළ නිලධාරීනට ලබාදෙන වරප්‍රසාද නිසා බාල ඖෂධ මාෆියාවට එරෙහිව කටයුතු කළ නොහැකිය.
දේශීය වශයෙන් බටහිර ඖෂධ නිපදවන සමාගම් 09 ක් පමණ අප රටෙහි ඇත. එම සමාගම් මගින් දේශීය වශයෙන් අවශ්‍ය කරන ඖෂධ ඉල්ලුමින් හරි අඩක් පමණ සපුරාලනු ලබයි. ප්‍රතිජීවක, පැරසිටමෝල්, සිරප් වර්ග වැනි බහුලව භාවිතාවන ඖෂධ වර්ගද දේශීය වශයෙන් නිපදවීම ආරම්භ කර තිබේ.
නමුත් මෙම දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වලට හිස ඔසවන්නට නොදෙන මාෆියාවක් ක්‍රියාත්මකව ඇත. ඒ සඳහා ඖෂධ ආනයනය කරන ඇතැම් සමාගම් පමණක් නොව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශයේ නිලධාරින්ද ඊට එක්‌ව සිටිති. එනිසා ඇතැම් ඖෂධ සමාගම් වෙත 2015 වසර දක්‌වා ඖෂධ ආනයනය කිරීමේ අවසර පත් ලබාදී ඇත. සාමාන්‍යයෙන් ෙමැනි අවසර ලබාදෙන්නේ වසරින් වසරය. එම ඖෂධවල ඉල්ලුම අනුව එය තීරණය කරනු ලබයි. නමුත් එම ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් එකවර වසර කිහිපයක් සඳහා ඖෂධ ආනයන අනුමැතිය ලබාදෙන්නේ කුමන පදනම මත පිහිටාදැයි විමසා බැලිය යුතුය.
මේ අතර ඇතැම් ඖෂධ නියෝජිතයන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ඖෂධයම ගෙන්වන්නේ නැත. උසස් ප්‍රමිතියේ ඖෂධ ඉදිරිපත් කර බාල ඖෂධ ආනයනය කර වෙළෙඳ පොළට නිකුත් කරනු ලබයි.
ලබන ඇතැම් සමාගම් ටෙන්ඩර් අනුමැතිය සඳහා නිසි ප්‍රමිතියෙන් යුත් ඖෂධ සාම්පල ඉදිරිපත් කර ඖෂධ සැපයුම සඳහා අනුමැතිය ලැබුණු පසු බාල තත්ත්වයේ ඖෂධ සපනු ලබයි.
එහිදී බාල තත්ත්වයේ ඖෂධ සපයන ඖෂධ සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් කරන්නේ ඉතා අඩු මිල ගණනකි. එවැනි මිලකට නිසි ප්‍රමිතියෙන් යුතු ඖෂධ නිපදවන සමාගම්වලට හෝ ආනයනය කරන ඖෂධ නියෝජිතයන්ට ඖෂධ සැපයිය නොහැකිය. නමුත් ටෙන්ඩර් පටිපාටියේදී අඩු ම මිල ගණන් ඉදිරිපත් කර ඇති සමාගම් හෝ ඖෂධ සැපයුම් නියෝජිතයන් කෙරෙහි ප්‍රමුඛත්වයක් ලබා දෙන නිසා මෙලෙස බාල ඖෂධ ගෙන්වන පුද්ගලයන්ට තම ජාවාරම සිදුකර ගෙන යා හැකිය. මෙම ජාවාරම අදාළ ඖෂධ සමාගම්වලට තනිව සිදු කළ නොහැකිය. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගය ලබා දෙන නිලධාරීහු ද සිටිති. ඔවුනට බාල ඖෂධ ගෙන්වන සමාගම්වලින් රුපියල් කෝටි ගණනින් සංතෝෂම් මුදල් ලැබේ. මෙවැනි කටයුතු වළකාලන්නට නම් ටෙන්ඩර් අනුමැතිය ලැබුණු සෑම ඖෂධයක්‌ම මිලදී ගන්නා විට අහඹු ලෙස ඖෂධ ඇසුරුමක් තෝරාගෙන එය පරීක්‍ෂා කර බැලීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකිය. ඒ සඳහා වූ යෝජනා ඉදිරිපත් වී ඇතත් එය ක්‍රියාත්මක කිරීමට මෙම ජාවාරම්කරුවෝ ඉඩ නොදෙති.
මෙම බාල ඖෂධ රෝගීනට අලෙවි කිරීම සඳහා ඇතැම් වෛද්‍යවරු ද ඖෂධ සමාගම්වලට සහයෝගය ලබා දෙති. බාල ඖෂධ රෝගීනට නිර්දේශ කරන වෛද්‍යවරුනට ඖෂධ සමාගම්වලින් යාන වාහන, විදේශ සංචාර හිමි වේ.
රෝගියකුගෙන් ගසා කනවා යනු හෙණ ගහන අපරාධයකි. විශේෂයෙන් ම බාල ඖෂධ රෝගීන්ට ලබා දීම යනු හෙණ හතම ගහන අපරාධයකි.
වෙනත් භාණ්‌ඩ මෙන් නොව ඖෂධ මිලදී ගැනීම රෝගියකුට තනිව තීරණය කළ නොහැකිය. ඒ සඳහා අතරමැදියකු හෙවත් වෛද්‍යවරයකුගේ අනුමැතිය ලැබිය යුතු ය. එනිසා වෛද්‍යවරයා නිර්දේශ කරන ඖෂධය රෝගියා මිල දී ගනු විනා එහි මිල හෝ ගුණ දොස් සොයන්නේ නැත. ඒ සියල්ල තීරණය කරන්නේ වෛද්‍යවරයා ය. එබැවින් බාල ඖෂධ වෙළෙඳපොළට නිකුත් වීම සහ රෝගීනට මිල දී ගැනීමට ඉඩ නොදීමේ ප්‍රධාන වගකීම ඇත්තේ සෞඛ්‍ය ඇමැතිවරයා සතුව නොව අප දෙවිවරුන් ලෙස සලකන වෛද්‍යවරු අතය.
ඖෂධයක් රෝහල් සඳහා මිල දී ගැනීම තීරණය කරන්නේත් ඒවා රෝගීන්ට භාවිතය සඳහා නිර්දේශ කරන්නේත් වෛද්‍යවරයා ය. ඔහුගේ අවංක බව මත බාල ඖෂධ අලෙවි මාෆියාවේ දිග පළල සීමා කළ හැකිය.
උපාලි ද සේරම්
http://www.divaina.com/2014/02/02/feature21.html
Pic Source

0 comments:
Post a Comment